ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩකිරීම් වෙනුවෙන් සව්රග්‍රහ මණ්ඩලයේ දුෂිතම ආයතනය වන ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තුමේන්තුව ඉතාම අතලොසක් වු දුෂිත පොලිස් නිලධාරින් ගේ කෙරුවවල් නිසා මුළු ලොව ප්‍රසිද්ධ වී ඇති සමයක බොහෝ රටවල් අපහට ආධාර තියා ගිනි පොලියට ණය මුදලක්වත් දීමට අකමැති බව ප්‍රකාශ කර ඇත.
ලෝකයේ බොහෝ රටවල් ආධාර සහ ණය මුදල් දෙනු ලබනුයේ එම රටවල ජනතාවගේ බදු මුදලිනි. විසම්මුතියේ වටිනාකම, විරුද්ධවාදී අදහස් ඉවසීම, විරෝධය දැක්වීමේ, ප්‍රකාශනයේ හා සමාගමයේ නිදහස තුල ඇති අගය මැනැවින් අවබෝධ කරගත් බදු ගෙවන පුරවැසියන් විසින් මෙහයවන සාමකාමී නිතියානුකූල විරෝධතාවයන් හට පොලිසිය දැක්වන අමානුෂ්‍ය නීතිවිරෝධී ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් මුළු ලොවම කණස්සල්ලට පත්ව ඇත. රටේ පුරවැසියන්ට තම අදහස් ප්‍රකාශකිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස පොදු සමාජයෙන් ඉල්ලා සිටීමේදී පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් IMF ඇතුළු ලංකාවට ආධාර සහ ණය දෙන ලෝක ප්‍රජාව ඉතා විමසිල්ලෙන් සිටියි.
මැයි 9 වෙනිදා……
මැයි 9 වෙනිදා සාමකාමී අරගලකරුවන්ට පහරදීමේදී නීතිය ගැන වන සිය බරපතල නොසැලකිල්ල පොලිසිය විසින් මෑතකාලයේ ප්‍රකාශයට පත්කළ සිදුවීම් දාමයක එක් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැක.
නිර්දෝෂී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සාවද්‍ය අපරාධ චෝදනා ගොනුකර බන්ධනාගාරගත කිරීම්, කප්පම් ගැනීම්, මිනීමැරුම්, ලිංගික හා මුදල් අල්ලස් ලබාගැනීම, අපරාධකරුවන් නිදහස් කිරීම, පොලිසිය තුලදීම ඉහල නිලධාරින් විසින් ස්ත්‍රීන් දුෂණයට ලක්වීම්, ආයුද පෙන්නීමට ගෙනගොස් ඝාතනය වීම්, භිෂණය, සල්ලාලකම, බේබදු කම, හිංසනය සහ දාමරිකත්වය පොලිසිය තුළ ආයතනගත වී තිබෙන සෙයක් දැන් පෙනීයාම රාජපක්ෂ රජයට තිබෙන අප්‍රසාදය ලොව පුරා සියලුම රටවල් වල වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
සමහර රජයන් සහ මුල්‍ය සංවිධාන පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් වහා ක්‍රියාතමක වන ලෙස රජයෙන් ඉල්ලා ඇති අතර එය ආරක්ෂා කළ යුතු ප්‍රජාවන්ට ශ්‍රී ලංකා පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දීම වෙනුවට පොලිසිය එම ප්‍රජාවන්ට වෙත සාධාරණ, සංවේදී වන හාප්‍රතිචාරී වන තත්වයක් ඇති කිරීම සැම රජයකම වගකීමක් බව ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත.
අද වන විට ශ්‍රී ලංකාව පුරාම දේශබන්දු තෙන්නකෝන් මැයි 9 වෙනිදා අරගලය අල කිරීමට සිදුකරන ලද කුමන්ත්‍රණය පිළිබඳව අප්‍රසාදය පළකර ඇත. මෙහි ප්‍රධාන කුමන්ත්‍රණ කරුවා බව දේශබන්දු තෙන්නකෝන් බව දැනට සියලු දෙනාට වැටහී අවසානය. මේ බරපතලම කාරණය වනුයේ ශ්‍රී ලංකාවේ අධිකරණය දුෂිත බවට පොලිසිය විසින්ම සාවධ්‍ය ප්‍රචාරයන් ගෙනයාමය. එලෙස කරනුයේ පොලිසියට විරුධව දෙන නඩු තීන්දු සිදු වනුයේ විනිසුරුවරුන්ගේ දුෂිත බව නිසා කියා මොවුන් විසින් විනිසුරුවන්ට විරුද්ධව සාවධ්‍ය මතයක් ගොඩනැගීම උදෙසාය. අද වන විට ශ්‍රී ලංකා අධිකරණය සහ විනිසුරුවන් ඉතාමත් ස්වාධින සහ නීතිගරුක තීන්දු දී ඇත. පොලිසියේ සමහර නිලධාරින් ගේ නොහබිනා කටයුතු නිසා ඔවුන්ද අද වන විට ලංකාවේ පමණක් නොව විදේශ රටවලද ඉතා අපහසුතාවයට පත්ව ඇත. දැනට ෆිජි රජ්යේ පවා අපගේ දක්ෂ අවංක විනිසුරුවරුන් සේවය කරන පසුබිමක එංගලන්තේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහේස්ත්‍රාත් වරුන්ගේ සහ විනිසුරුවන්ගේ සංවිධානයද ශ්‍රී ලංකා පොලිසිය විසින්සාමාන්‍ය ජනතාවට සහ විනිසුරුවන්ට විරුද්ධව ගෙනයන නොහබිනා ක්‍රියාවන් පිළිබඳව දැනුවත් වී ඇත.
මැයි මස 10 වෙනි දින දේශබන්දු තෙන්නකෝන්ට සිදුවූ පහරදීම සැලසුම් සහගතව ඔහු විසින්ම සිදුකරනු ලැබුවක් බවට දැන් මනාවට ඔප්පු වී ඇත. එම අවස්ථාවේ කලින් කතාකරගත් ලෙස එක්තරා පොලිස් නිලධාරියෙක් T56 ගිනිඅවියකින් අහසට වෙඩිතබාගෙන අවෙත් උඹලා ගහන්න ආවොත් අපි උඹලව වෙඩිතියලා මරනවා කියා ජනතාව භයකිරීමේ එම සැලසුමේ දෙවැනි අධියර ලෙසය. මෙය ඔහු විසින්ම සැලසුම් කර ජනාධිපතිවරයාගේ අනුකම්පාව ලබාගැනීමට කරන ලද ක්‍රියාදාමයකි.
පොලිස් රෝහලට ඇතුල්වූ ඔහුට ඉහෙන් බහින ලෙඩක් තිබී නැත. පොහොය දිනටත් යුනිෆෝර්ම් එක ඇඳගෙන රාජකාරි කරන සහ පන්සලට පවා යුනිෆෝර්ම් ඇඳගෙන යන මෙවැනි ජේෂ්ඨ පොලිස් නිලධාරින් රටේ මෙවැනි හදිසි තත්වයක් තිබියදී මෙලෙස අරලියගහ මන්දිරය අසල මහදවල් සැරසී යාමෙන් ඔහු එය කොතෙක් දුරට සැලසුම් සහගතව කර ඇත්ද කියා ඕනෑම ගොනෙකුට තේරෙනවා ඇත. මේ පිළිබඳව අප හට ඉතා විශ්වාස සාක්ෂි කිහිපයක්ම ලැබී ඇත.
පසුගිය දිනවල කොහුවල මහේස්ත්‍රාත් තුමියගේ ආරක්ෂාව පැය 24න් අවලංගු කරේද දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මිස වෙන කිසිවකුගේ නියෝගයකට නොවන බව පොලිස් දෙපාර්තුමේන්තුවේ සියලු දෙනාම දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙත් ඔහු විසින් තැන තැන කියා කියා යන්නේ …..”මේක HE ගේ ඕඩර් එකක් මම මේකම තිලින ගමගේටත් කරා එතකොට මුන්ව බයකරලා කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන්…” කියා අනෙකුත් නිලධාරින් හට කියා ඇත.
මෙවැනිම ලෙස මැයි 9 වෙනිදා අරගලයට පහරදීම පිළිබඳව ඕක පොලිස්පති පිටින් දාලා ඕකව පීචන් කරලා දාන්න ඕනේ කියා තවත් ජේෂ්ඨයන් කිහිප දෙනෙකුටම කියා ඇත. මෙවැනි දෑ හුදෙක්ම ලකුණු දාගැනීමට දේශබන්දු ගේ ක්‍රියාවලියක් වුවත් කිච වුයේ ජනාධිපති සහ ඔහුගේ වටේ ලඟින්ම සිටින අයවලුන්ය. දේශබන්දු යනු ඕනෑම අවස්තාවක තම ස්වාමියාව පාවාදෙන දුශිතයෙකු බව දැන් මනාව ඔප්පු කර ඇත.
අද වන විට පොලිසිය තුලින්ම දුෂිත දේශබන්දු සහ දුෂිත රොහාන් ප්‍රේමරත්න DIG කාරයාට විරුධව කැරැල්ලක් ඇතිවී ඇත. මේ වන විට ජනාධිපතිවරයාද දේශබන්දුගේ නොමනා අමානුෂික ක්‍රියාදාමයන් පිළිබදව නොසතුට පළකර ඇත.
දේශබන්දු පිළිබඳව අප වාර්තාව දැක සුම් වීඩියෝ තාක්ෂනය මාර්ගයෙන් මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඊයේ සවස අප අමතන ලදී. ඔහු බලවත් මැදපෙරදිග රටක රාජ්ය නායකයකුට ඉතා සමීපව එහි පොලිස් දෙපාර්තුමේන්තුවට සහ ආරක්ෂක අමාත්‍යංශයට පවා උපදෙස් දෙන විශ්වාසී පුද්ගලයෙක් බවට පත්ව ඇත. ඔහු එම රාජ්‍යනායකයා සමග එකට එංගලන්තයේවිශ්ව විද්‍යාලයක දැනට වසර 40කට පමණ පෙර ඉගෙනුම ලද පුද්ගලයෙකි.
ඔහු මැදපෙරදිග සියලු රාජ්‍ය නායකයන් සමග ඉතාමත් සමීපව ඇසුරු කරන පුද්ගලයෙකි. ඔහු විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුවේද විශ්‍රාමික අවංක නිලධාරින් පිරිසක්ද ඔහු යටතේ එම රටේ සේවයට යොදවා ඇත. ඔහුගේ සමීප ඥතියෙකුගේ කොළඹ පිහිටි දේපලක් පොලිස් දෙපාර්තුමේන්තුවේ පහත් වැඩ කරන උසස් නිලධාරියෙක් විසින් වංචා සහගතව කුඨ ලේඛන සාදා විකුණා ඇති නිසා ඔහුද සිටිනුයේ පොලිසිය පිළිබඳව වයිරයෙකිනි. මේ හේතුව උඩ පොලිසිය සුද්ද නොකරොත් අප හට මැද පෙරදිග කිසිම රටකින් සතපහක දෙයක් ලැබෙන්නේ නැති පසුබිමක් පොලිසිය විසින් සකසා ඇත.
ඊයේ දින අපගේ ප්‍රවෘත්තියෙන් පසු කලබලවී ඇති රජයට පක්ෂපාති ජේෂ්ඨ විනිසුරුවරු සහ විනිසුරුවරියන් කිහිප දෙනෙක්ම මේ පිළිබඳවපෞද්ගලිකව සාකඡ්චා කර දුෂිතයන්ට කිසිම සමාවක් නොදීමට තීරණයක් ගෙන ඇති නිසා ජනාධිපතිවරයාටද කරකියාගත හැකි දෙයක් නොමැතිවී ඇති බව ආරංචි වී ඇත.
එසේම “මේ දේශබන්දුවා මාව කෑවා ඕකාට මම හොඳ පාඩමක් උගන්නනවා” කියා අත තිබු පැනක්ද මේසයට ඇන ජනාධිපතිවරයා කෝපය ප්‍රකාශ කර ඇත. මැයි 9 වෙනිදා සාමකාමී අරගලයට පහර දෙන්න කියා බීමත් රාජපක්ෂ වහල්ලු ටික උසිගන්නා ඇත්තේද දේශබන්දු බව පැහැදිලි වී ඇත. ඔය ගොල්ලෝ කිසිදේකට බය වෙන්න එපා මම ඔයගොල්ලන්ට ආරක්ෂාව දෙනවා ගෝල් ෆේස් ගිහින් මුන්ගේ ඔලු පලන්න කියා දේශබන්දු විසින් එහි බීමත්ව සිටි කිහිප දෙනෙකුටම අරලියගහමන්දිරය තුලදීම කියා ඇත. කොහම හරි 20ක් වත් මරන්න ඕනේ. ඒ නිසා ඔලුවටම ගහන්න කියා ඔහු විසින් එම බීමත් රාජපක්ෂ වහල්ලුන්ට කියා ඇත. මම තමයි මහින්ද නැවත ජනාධිපති වුනාම පොලිස්පති වෙන්නේ එතකොට මම ඔක්කොම බලාගන්නම් කියලා.
ඉන්පසු ඔහු අරගල භුමිය අසලට ගොස් අරගලකරුවන්ට පවසා ඇත්තේ…” ඔයගොල්ලෝ බයවෙන්න එපා මම ඉන්නවනේ කිසි කෙනෙකුට ඔයගොල්ලන්ට අත තියන්න දෙන්නේ නැහැ කියාය….”. ඒ පිළිබඳව වීඩියෝ දර්ශන පවා ඇත.
එදින අරලියගහමන්දිරයට ඇතුළුවන කිසිවෙකු චෙක් කරන්න එපා පොත්වල ලියන්නත් එපා ඕනෑම දෙයක් (අරක්කු පොලු මුගුරු) ඇතුලට ගේන්න දෙන්න කියා ඔහු විසින් අනෙකුත් නිලධාරීන්ට පවා කියා ඇති බව නිලධාරින් කිහිපදෙනෙකුම සහ එහි සිටින පුද්ගලයන් කිහිපදෙනෙකු අප හට රහසිගතව පවසා ඇත. බන්ධනාගාර සිටින පුද්ගලයන් කිහිප දෙනෙක් මෙම අමානුෂික ප්‍රහාරයට යාමට පෙර දේශබන්දු සමග සෙල්ෆි පවා ගසා ඇත. …”මේක අපේ ආණ්ඩුව අපිට අරගලකාරයොත් එකයි ජජ්ලත් එකයි උඹලා බයවෙන්න එපා මීළඟ පොලිස්පති මම, උසාවි ගියත් B වාර්තාව දාන්නේ මමනේ….” කියා ඔහු විසින් කටමැත දොඩවා ඇත. විනිසුරුවන්ට පහරදීම සහ ඝාතනයට පවා සැලසුම් කර ඇති බව ඔහු විසින් පවසා ඇති බව අධිකරණ ආරක්ෂක අංශයේ අවංක නිලධාරින් කිහිප දෙනෙකුම අප සමග පවසා ඇත. එම නිලධාරින් අප හට පැවසුවේ දේශබන්දු අත්අඩංගුවට පත්වූ විගස සියලු දේ විනිසුරුවන් ඉදිරියේ සාක්ෂි සහිතව වමාරන බවය. මෙම හේතු කාරනා නිසා දැන් දැන් දේශබන්දු ටද කොන්ඩම් තියරිය ටත් එහායින් ගිය සරමේ පිහිදාගන්නා තියරිය බලපෑ ඇත. රාජපක්ෂලා එහෙමය.
විනිසුරු තිලින ගමගේ මහතාගේ ජීවිතයට තර්ජනයක්…..
පසුගිය යහපාලන සමයේ අලි හොරකමක් පිළිබඳව සාවද්‍ය චෝදනා ඉදිරිපත්කර විනිසුරු තිලින ගමගේ තාවකාලිකව සේවයෙන් පහකරන ලද අවස්ථාවේ පැයක් ඇතුලත ඔහුගේ අධිකරණ ආරක්ෂක අංශයේ සිටි පොලිස් නිලධාරින් නැවත කැඳවුයේද දේශබන්දු විසිනි. එලෙස ආරක්ෂක නිලධාරින් කැඳවීම එම විනිසුරු තිලින ගමගේ මහතාගේ ජීවිතයට අපරාධකරුවන් විසින් බරපතල තර්ජනයක් කරවීම උදෙසාත් හුදෙක්ම මෛත්‍රිපාලගෙන්, අගමැතිගෙන් සහ නීතිය හා සාමය අමෙතිවරයාගෙන් ලකුණු දමාගැනීමට වුවත් ඔවුන් මේ ගැන දැන ගන්නකොට පෙරහැර ගොස් හමාරය.
විනිසුරු කනිස්ක විජේරත්න එදා තිලින ගමගේට ඇපදී නියම කළ මුදල් ඇපය භාර නොගෙනම තිලින ගමගේ මුදා හැරිය බවට තොරතුරු හෙළිවේ. තිලින ගමගේ යනු නඩු කාරයෙකු මිස කුඩු කාරයෙකු නොවේ. කලූතර සුප්‍රකට” රත්තරන් “මෙන් කෝච්චියට පැන මාල කඩන්නෙක්ද නොවේ. ප්‍රසිද්ධ ස්ථානයක බි මතින් හැසිරෙණ අපතයෙකු ද නොවේ, විනිසුරු තිලින ගමගේ යනු කුඩු කාරයන්, ස්ත්‍රී දුෂකයන්, මිනීමරුවන්, මාල කඩන්නන්, පාදඩයන්ට එරෙහිව නඩු ඇසූ නීතියේ ආරක්‍ෂාව, අධීකරණයේ ගෞරවය සහ මහජනයාගේ විශ්වාසය ආරක්‍ෂා කළ විනිසුරුවෙකි. එම අවස්ථාවේ එම ඇපය භාර නොගෙන ඔහුව මුදා හැරිය බව සියලු මාධ්‍යන්ට පවා දන්වනු ලැබුවේ කුප්‍රකට දේශබන්දු තෙන්නකෝන් විසින්ය.
මෙහි ප්‍රධානතම හේතුව ඔහු දේශබන්දු ගේ කුඩු විකුණන ගොලයකුගේ නඩුවක් පිළිබඳව කටයුතු කිරීමේදී නීතිගරුක ලෙස වැඩකර දේශබන්දු ගේ කුඩු ගෝලයාට නීතිය ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙනය. එදින තිලින ගමගේ ඇප අත්සන් නොකර අධිකරණයෙන් පිටව ගිය කරුණ පිළිබඳව විරෝධය පා විශාල හඬක් නැගු නීතිඥ ලක්ෂාන් ඩයස් පවා චුන් කරන ලද්දේද දේශබන්දු තෙන්නකෝන්ය.
අලි හොරකම් නඩුවේදී දේශබන්දු තෙන්නකෝන් විසින් මෙලස එම විනිසුරුවරයාගේ ආරක්ෂකයන් ඉවත්කරීමට ඍජුව දායකත්වයක් ලබාදීම සහ චෝදනාවලට වරදකරුවකු නොවුන විනිසුරුවකුට එලෙස සැලකීම, අනර්ථකාරි නිර්වචන දැක්විම අධිකරණයේ ගෞරවයට සහ රටක යහ පැවැත්මට අහිතකරය හෙවත් ඍජුව කියයි නම් අධිකරණයට කරන අපහාසයකි. අලිහොරකමේ විනිසුරු තිලින ගමගේ අධිකරණයෙන් කට්ටි පැනලා ඉන්නේ කියා ඒ දිනවල දේශපාලකයන්ට සහ තැන තැන මාධ්‍යන්ට පැවසු දේශබන්දු තෙන්නකෝන් අද වන විට එම විනිසුරුවරයාගේ කොටුව අධිකරණයට කට්ටි පනිමින් සිටීම ඉරණම් සහගත සිදුවීමකි.
ගෙවුන හතලිස් වසර තුල……..
ගෙවුන හතලිස් වසර තුල අධීකරණයට රාජ්‍ය පාලනයට සිදුවූ දේ ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. ඒ කතා සිහිපත් කරන විට ජේ.ආර්. ජයවර්ධන විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගැසුවාය කියන්න පුළුවන, මහින්ද රාජපක්ෂ විසින් අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මැතිනියගේ නිවස ඉදිරිපිට රස්තියාදු බීමත් මැරයෝ ලවා උද්ගෝෂණ කරන ලද බව කියන්න පුළුවන. එහෙත් අතීතයේ පාලකයන් එහෙම කළාට, පොලිස්කාරයන් මෙහෙම හැසිරුනේ නැත.
ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් තැන දීමට කටයුතු කර ඇති රටක පොලිසිය හැසිරෙන්නේ තලෙයිබාන් ත්‍රස්තවාදින්ට අන්ත දුෂිත ලෙසය. දැන් දැන් ලොව වටා සිටින ශ්‍රී ලාංකික සංවිධාන එක් රැස්වී එම රටවල නායකයන් දැනුවත් කර කියා සිටින්නේ රාජපක්ෂවරු සහ ශ්‍රී ලංකා පොලිසියේ දුෂිතයන් පන්නා දැමීම ඉවර වෙන තෙක් සත පහක්වත් කිසිම ආධාරයක්වත් ලංකාවට නොයවන ලෙසය.
දැනට අප සමග ලොව වටා ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ද්විත්ව පුරවැසියන් සහිත සංවිධාන 26 ක් අප සමග අත්වැල් බැඳගෙන ඇත. රටේ තත්වය මෙලෙස පවතිද්දී රජයේ මාධ්‍ය ප්‍රකාශක රනිල් විසින් එදිනෙදා සුපුරුදු පරිදි ගෑස් නැහැ, පෙට්‍රල් නැහැ, බෙහෙත් නැහැ ,කන්න නැහැ, බොන්න නැහැ, කියා කියා අදෝනා ප්‍රකාශ කරමින් රාජපක්ෂලා ආරක්ෂා කර ඇත. ඔහු උදෑසන අවදිවන්නේ අද උදේට මොනවද විකුනන්නේ කියා බලාගෙනය.
වෙනත් රටවලින් හිඟා කනවා හැරෙන්නට වෙනැත කිසිම දේශපාලන ස්ථාවරයක් ඇති කරනවාට වඩා ශ්‍රී ලංකා පොලිස් මාෆියාව සුද්ද කිරීම ප්‍රථමයෙන් කිවයුතු බව සියලු ජනතාව දැනගත යුතුය. නැත්නම් කිසිම රටකින් උදව් උපකාරයක් නොලබා මැරෙන්න වෙන්නේ පෝලිම් වල සිට බඩගින්නේය.
ලිපිය අවසන් කිරිමට එක් උදෘතයක් උපුටා දක්වනු කැමැත්තෙමි.
‘‘ විනිසුරු යාපා මහතා.;
ප්‍රශ්නය – මහේස්ත්‍රාත්ට ගහපු එක (අසූචි මල්ල) වැදුණාද?
උත්තරය – වැදුණා. හරියටම මූණටම වැදුණා. දෙවනුව නඩුකාරයාට ගහපු පාර ගිහිල්ලා වැදුණේ ෆෑන් එකට.’’ (නොනිමි අරගලය වික්ටර් අයිවන් 157-158 පිටු.)
විනිසුරු ලෙනින් රත්නායකගේ මුහුණට එල්ල කළ අසූචි මල්ල උසාවියේ විදුලි පංකාවේ වැදි හාත්පස අපිරිසිදු විය. එදා විත්ති කූඩුවේ සිට අධීකරණයට අසූචි ගැසූ පුද්ගලයා චන්දන පුෂ්ප රුවන්ය.
අද ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයනක් වන ගරු අධිකරණයේ විනිශ්චාසනයේ සිටින ගරු විනිසුරුතුමන්ට අසුචී ගහන්නේ සහ මිනීමැරුම් නඩුවලදී වාර්තාවන් ටිපෙක්ස් වලින් මකා ඉදිරිපත්කර අධිකරණයට අපහාස කරන්නේ පොලිස් දෙපාර්තුමේන්තුවේ දේශබන්දු වැනි තුප්පහි නිලධාරින්ය.