මේවනවිට ගෝඨාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශක රනිල් වික්‍රමසිංහ කාලයක් පටි තදකර ගෙන ජීවත් වීම දැන් බෙල්ල සිරකරගෙන ජීවත් විම දක්වාම ගමන් කිරීම රටේ ජනතාවගේම පාපකර්මයකි.
එලවාදැමු රාජපක්ෂලාට යලි සුදු හුණුගා සිංහාසනාරූඩ කිරීමේ ශාපය සමස්ථ රටවැසියන්ම ගෙවමින් සිටි. ඉදිරියට තවත් බොරතෙල් ලබාදිමට හෝ ක්‍රෙඩිට් ලයින් තුලින් අත්‍යවශය ආහාර ලබාදිම කල නොහැකිබව නිල වශයෙන්ම ඉන්දියාව අද ආණ්ඩුවට දැනුම් දී ඇත.
රනිල් නැමති රාජපක්ෂලාගේ ගැලවුමකරු ගේ පැමිණිම රටේ ජනතාවට පයිසෙකවත් සිදු වු යහපතක් නැත. ඒ සියල්ලම සිදු වුයේ රාජපක්ෂලාගේ යහපතටය. එසේනම් තවත් නිවෙස් තුලට වි නොකා නොබි මිය යනවාට වඩා රාජපක්ෂ – රනිලාව පැන්නීමේ සටන ගමින් නගරයෙන් ඇරඹිය යුතුය. එය කිසි විටකත් කඩාකප්පල්කාරි ජීවිත හෝ දේපල විනාශ වීමක් නොවිය යුතුය.