වෙනත්

විලක පිපි නෙළුම් මලක් වු ඔබ ……………..!!!

Spread the love

පොලිසිය , බන්ධනාගාරය වැනි ආයතන පිලිබදව ජනතාව තුල ඇත්තේ යහපත් ආකල්පයක් නම නොවේ. ඊට විවිධාකාර හේතු බලපා තිබෙන නමුත් ඉන් ප්‍රධානතම හේතුව ඒ ඒ ආයතන වල සිටින නිලධාරින් ජනතාවට සලකන ආකාරයයි.

මෙයි ද බන්ධනාගාරයක් තුල සිටින නිලධාරිනට ඇත්ත හෝ බොරු චෝදනා ඒල්ලවීම වැලැක්විය නොහැකිය. අපරාධයක් කිරීම යමෙකුට ඉතාම ලෙහෙසිය ඒ හා සමානවම යම් අපරාධයක් ඇල්ලීම හෝ මැඩලීම තරමක් අමාරු කටයුත්තකි.

ඊටත් වඩාත් අමාරුම කාර්‍ය්ය ඒ වරදකරු සිරගතව නැවත පුනර්ත්ථාපනය කොට සමාජ ගතකිරීමය.

ශ්‍රි ලංකාව තුල ඉතාම කීර්තිමත් නමක් දිනා ගෙන දිනාගත් නම එදා මෙදා තුර නොකැලැල්ව රැක ගෙන යාම ඊටත් වඩා අමාරුම කාර්‍ය්යකි.

නිලධාරින්ට මෙන්ම සිරකරුවනටද ලෙන්ගතුව කතාවෙන හා ක්‍රියාවෙනම සියල්ලෝම මනුෂයෝය යන වදනට ජීවය දෙන ඔහු කාගෙත් ආදරයට හා ගෞරවයට පත් නව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන ) චන්දන ඒකනායක මහතාය.

වචනයේ පරිසමාර්ථයෙන්ම ඔහු  සිරකරුවන්මනුෂයන් ලෙසට දකින බවට සාක්ෂි අප සතුව ඇත.

ගල්  ගසන යුගයක මල්මාලා දැමිය යුතු මෙවන් නිලධාරින් බන්ධනාගාර දෙපාර්ථමේන්තුව නැතුවාම නොව .

ඒත් ඒ අතරත් මොහු සුවිශේෂ වන්නේ ශ්‍රි ලංකාව පුරාම පාසැල් රාජ්‍ය ආයතන තෙක්ම ඔහු ගේ සේවය ලබාදී තිබීම හා ඔහු අති දක්ෂ කථිකයෙක් නිසාවෙනි.

නව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපනා චන්දන ඒකනායක මහතා ඔහු ගේ ප්‍රථම නිල රාජකාරිය ලෙසට කුරුවිට බන්ධනාගාරය පරිෂාවට හා ඒ සදහා සුභසාධක කටයුතු වලට භාන්ඩ පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.

විලක පිපි නෙළුමක් වු ඔබට ලංකාදවස ප්‍රධාන කතෘ සමඟ කාර්‍ය්ය මංඩලයේ උණුසුම් සුභ පැතුම්………!!!!


Spread the love

Leave a Comment

You may also like