උණුසුම් පුවත්

උදයංග වීරතුංග යලි මිල්ටෙරි නන්දසේනට කෝචෝක් කරයි – මහා මැතිවරණයක් අත ළඟ

Spread the love

උදයංග වීරතුංග හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ මවවූ දන්දිනා සමරසිංහ ගේ සහෝදරිය වූ පුත්‍රයාය.ඔහු ගේ මව නන්දා සමරසිංහ නම් වූ අතර පියා විල්බට් වීරතුංග විය.වීරකැටිය මැදමුලනේ උපත ලැබූ ඔහු පසුව කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීය.පසු කාලයකදී සෝවියට් දේශයෙන් ලැබුණ ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග යුක්රේනයේ කිවු අගනුවර පිහිටි ඉංජිනේරු විශ්ව විද්‍යාලයකට ඇතුළු විය.

2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මෙරට විධායක ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව 2006 වර්ෂයේදී උදයංග වීරතුංග රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වරයා ලෙස පත් කරන ලදී
යහපාලන ආණ්ඩුව බලයට එන තුරු ඔහු එම තනතුර හෙබවීය.

යහපාලන රජය බලයට පත් වීමත් සමගම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
MIG 27 ප්‍රහාරක යානා මිලයට ගැනීමෙිදී බරපතල මුල්‍ය වංචාවක් සිදුවී ඇතැයි පොලිස් පරීක්ෂණ ඇරඹුන අතර එහිදී උදයංග වීරතුංග විසින් මුදල් විශුද්ධි කරණය⁣ට අදාලව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිතා කර ඇති බවට පොලීසිය විසින් ඔහුට චෝදනා කරන ලදී.

මෙම නඩුවේ සැක කරුවකු වූ උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් පවා නිකුත් කෙරිණි.එහිදී උදයංග වීරතුංගට අයත් ඉඩම් දෙකක් දොම්පේ ප්‍රදේශයේ පවතින බවද බොරැල්ල නගරයේ සුඛෝපබෝගී තට්ටු නිවාස සංකීර්ණයක් අයිතිව තිබෙන බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.එහිදී වැඩිදුරටත් මුදල් විශුද්ධි කරණ පනත යටතේ මෙම පරීක්ෂණ සිදු කරන බැවින් උදයංග වීරතුංගට අයත් මෙම දේපොල විකිණීම පැවරීම හා උකස් කිරීම තහනම් කරන ලෙසද පොලීසිය කළ ඉල්ලීමද අධිකරණය විසින් පිළිගැණිනි.

මෙරට අධිකරණය මග හැර සිටින චුදිතයකු ලෙස රතු වරෙන්තු පවා නිකුත් කර සිටි උදයංග වීරතුංග පසුව ඩුබායිහීදී අත් අඩංගුවට ගැනුන අතර රටවල් දෙක අතර පැවැති උදර්පන ගිවිසුම අනුව ඔහු ලංකාවට පිටුවහල් කෙරිණි.ඉන්පසුව මෙරට ගුවන් තොටුපොළේදී ඔහු අත් අඩංගුවට ගැනිනි.ඒ 2020 පෙබරවාරි 14 වෙනිදාය.
අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග කැඳවාගෙන ගොස් තිබු⁣⁣ණේ කොළඹ කොටුව පිහිටි රජගෙදරටය.

කෙසේ වෙතත් මිග් යානා වංචාව මෙන්ම නොයෙල් රණවීර නැමැති පුද්ගලයෙකුගේ අබිරහස් ඝාතනයටද එලිටීටියෙන් අල්ලා ගත් ඩොලර් කෝටි 34 ක් වටිනා ආයුද හා පුපුරණ ද්‍රව්‍ය කිලෝ දස දහසකට අධික ප්‍රමාණයක් යුක්රේන කැරලිකරුවන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන්ද චෝදනා උදයංග වීරතුංගට එල්ල වී තිබුණි.

කෝවිඩ් සමයේදී උදයංග වීරතුංග විසින් යුක්‍රේන් ගණිකාවන් ලංකාවට කැඳවා ගෙන එමින් කොළඹ කැසිනෝ සමාජශාලාවලට හා තරු හෝටල් වලට අලෙවි කිරීමෙන් විශාල ආදායමක් උපයා ගන්නා ලදී.මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ගණිකා වෙළඳාමට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනිනි.එහිදී එම ව්‍යාපාරයේ සම්බන්ධීකාරකයා ලෙස උදයංග වීරතුංග සංචාරක අමාත්‍යංශයේ ලියා පදිංචි වී තිබුණේ කොළඹ අරලියගහ මන්දිරය ලිපිනයේය.අගමැතිවරයාගේ නිල නිවස ව්‍යාපාර කටයුත්තකට භාවිතා කිරීම බරපතල වැරැද්දක් වුවද ⁣එම දූෂිත ක්‍රියාව මෙතෙක් කිසිවෙකු ගේ අවධානයට ලක් වී නැත.

කෙසේවෙතත් පසුකාලීනව ⁣මිල්ටෙරි නන්දසේන හා උදයංග වීරතුංග අතර බරපතල ආරවුල් සහගත තත්වයක් නිර්මාණය වූ බව දකින්නට තිබුණි. මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් ඉවත් කිරීමට මිලිටෙරි නන්දසේන තීරණය කිරීම එයට හේතුව විය.
9/5ප්‍රහාරයට පෙරදින උදයංග වීරතුංග සිය ⁣මුහුණු පොත ගිණුමේ ලියා තිබූ සටහන එයට සාක්ෂියකි.

“…එදා යහපාලන ආණ්ඩුව පෙරළා තමන්ව ජනපති පුටුවට රැගෙන ආ සහෝදරයා තම සගයන්ගේ වුවමනාවට ධුරයෙන් ඉවත් කිරීමෙන් ඇති කර ගන්නා පාප කර්මය ආත්මයක් පාසා ආත්මයක් ලුහුබැඳ එන බව දන්නා ගෝඨා අයියා අගමැති තුමා ඉවත් නොකරන බව මට විශ්වාසය.එහෙත් එම කුමන්ත්‍රණය හා සමාන තවත් කුමන්ත්‍රණයක් ගෝඨාභයට එරෙහිව ක්‍රියාත්මක වන බව දන්නා අපි ජනපතිද රැකගෙන රටත් ජාතියත් අවදි කළ පොදු ජන නායක හදවතින්ම සුරකිමු මහින්ද අරගලයට මැයි 9 වන දා උදේ 9 ට අරලිය ගහ මන්දිරයට පැමිණෙමු….”

ඉන්පසුව 2022 මැයි 16 මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ උදයංග වීරතුංග තම ජීවිතයට යම් අනතුරක් සිදු වුව හොත් නිවස ගිණි ගතහොත් සුදු වෑන් රථයක් තමා සොයා පැමිණිය හොත් හෝ හදිසියේ අත් අඩංගුවට පත්වුව හොත් ඊට ජනපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට සඳහන් කරන ලදී.එවැන්නක් සිදු වුව හොත් එය සිදු වන්නේ ඔහු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිය හෙංචයින්ට දෙන උපදෙස් මත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබිණි.

මේ නිවේදනයේ සැඟවී ඇති බරපතල අනාවරණය කිරීමක් අපගේ දැඩි අවධානයට ලක් විය.ඒ එහි සඳහන් කර ඇති “නිවස ගිණිගත හොත්” යන්නය. 9/5 ප්‍රහාරයට පසුව රට පුරා ගෙවල් ගිණි තැබීම පිටුපස මිල්ටෙරි නන්දසේන ගේ සම්බන්ධතාවක් පවතින බවට සැකයක් පවතින බවට අප ඒ දිනයන් වල වාර්තා කරන ලදී.උදයංග වීරතුංග ගේ මේ සඳහන් කිරීම තුළ අපගේ සැකය නිවැරිදියැයි අපට සිතේ.ඒ 9/5 ප්‍රහාරයට පසුව රට පුරා ගෙවල් ගිණි තැබීමට මිල්ටෙරි නන්දසේන ගේ සම්බන්ධතාව තහවුරු වෙන බවය.

එදින අරලිය ගහ මන්දිරයට පොදුජන පෙරමුණු පාක්ෂිකයන් රැගෙන ආ බස් රථ වල හා වාහන වල අංක ගෝල් ෆේස් ප්‍රහාරය වන විටම අන්තර්ජාලයට මුදා හැර තිබුණි.මෙය ඉතා බරපතල සැක සහිත කාරණයකි.මෙලෙස මෙම වාහන වල අංක අන්තර්ජාලයට මුදා හැරීමට පිටස්තරයකුට නොහැකිය.එම ලේඛනය තිබිය යුතුව ඇත්තේ අරලිය ගහ මන්දිරයේ ඒ රැස්වීම සංවිධායක වරුන් ලඟ හා එස්අයිඑස් බුද්ධි සේවාව ළඟ පමණය.එස් අයි එස් බුද්ධි සේවය ක්‍රියාත්මක වන්නේ මේජර් ජනරාල් සලේ යටතේය.එය එසේ වන්නේනම් රට පුරා ප්‍රචන්ඩත්වය මුදා හැරීමට කුමන්ත්‍රණකාරී සැලසුමක් මිල්ටෙරි
නන්දසේන ප්‍රමුඛ ආණ්ඩුව තුල පැවැති බව තහවුරු වේ.

9/5 රට පුරා පැතිරී ගිය ප්‍රචන්ඩත්වය තුළ ඉතා ශෝකී ජනක සිද්ධිය වූයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අතුකෝරාළ අමානුෂික ලෙස ඝාතනය කිරීමයි.කොළඹ නුවර පාරේ නිට්ටඹුවේදී සිදුවූ මේ ඝාතනයද සැක සහිතය.ඒ මන්ද යත් කොළඹ නුවර පාර යනු වාහන දෙක තුනක් යන පාරක් නොවේ.එවැනි ජනාකීර්ණ පාරක මන්ත්‍රීවරයාගේ රිය ප්‍රචන්ඩකාරීන්ගේ ඉලක්කය වූයේ කෙසේද යන්න අපට ප්‍රශ්ණයකි.එහෙත් මේ සෑම ප්‍රශ්ණයක්ම මිල්ටෙරි නන්දසේන බලයට පත් කිරීම සඳහා සැලසුම් කෙරුණ ⁣පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණ සැළසුමට ගලපා ගත හැකිය.

මේ වන විට උදයංග වීරතුංග හා මිල්ටෙරි නන්දසේන අතර ඇති තිබෙන ආරවුල ඔවුන් දෙදෙනා අතර පමනක් පවතින ගැටුමක් නොවන බව පැහැදිලිය.එය මහින්ද රාජපක්ෂ පවුල හා මිල්ටෙරි නන්දසේන අතරත් පවතින බරපතල ආරවුලක තවත් දිගුවක් බව අපට හැඟේ.එය වඩාත් තහවුරු කෙරෙන ප්‍රකාශයක් උදයංග වීරතුංග ගෝඨාගෝ ගමට දින හැටක් පිරෙන දවසේ සිය මුහුණ පොතේ සටහන් කර තිබේ.

“…….අදට දින හැටක් ගෝඨාගම ගෝල්ෆේස් අරගල භූමිය මූලික කර ගනිමින් ජනතාව සිදු කරන මහජන අරගලයට බියට පත්ව බංකරයක සැඟව ජනතාවට විහිළු සපයන්නකු නොවී වහා ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන ලෙස අරගලක⁣රුවෝ ගෝඨා අයියාට දන්වා ඇත.ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වී නැවත ඇමරිකාවේ පදිංචියට විදේශගත වීම රටට අලුත් දෙයක් නොවනු ඇත…”

උදයංග වීරතුංග මේ නොකියා කියන්නේ මිල්ටෙරි නන්දසේනට ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසටය.අස් වී නැවත ඇමරිකාවේ පදිංචියට යන ලෙසය.උදයංග වීරතුංග මේ ප්‍රකාශයෙන් හාස්‍යයයට ලක් කරන්නේ මිලිටෙරි නන්දසේනය.ඔහු එහිදී “සැඟවී ජනතාවට විහිළු සපයන්නකු නොවී වහා ජනාධිපති ධුරයෙන්” ඉවත් විය යුතුයැයි මිල්ටෙරි නන්දසේනට කියයි.

ඒ අතරේ අද දිවයින යූ ටියුබ චැනලයේ සාකච්ඡාවකට සහභාගි වූ උදයංග වීරතුංග නුදුරේදීම මහා මැතිවරණයක් පැවැත්වෙන බව පවසයි.ඔහු සිටින්නේ බැසිල් රාජපක්ෂ පාර්ශවය සමග බව එම සාකච්ඡාව තුළින් අනාවරණය වේ.පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙන් අස්වූ බැසිල් රාජපක්ෂ කියා සිටියේ තමා තවදුරටත් මෙරට දේශපාලනයේ නිරත වන බවය.මේ සෑම ප්‍රකාශයකින්ම ඉතා නුදුරේදීම මහා මැතිවරණයක් පැවැත්වෙන බව නිශ්චිතවම අපට තීරණය කළ හැකිය.පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක වරයා වන බැසිල් රාජපක්ෂ හා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ සඳහා පසුබිම නිර්මාණය කරමින් සිටින බව නිසැකය. පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශවීය මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ පිළිබඳව කැමැත්තක් නැති බව ඔවුන් පසුගිය දිනවල කර ඇති ප්‍රකාශයන් වලින්ද තහවුරු වේ.

එය එසේ වන්නේනම් “ලංකා දවසේ” අපි හෙට අනිද්දාම පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම්ව සිටින ලෙස රටේ ජනතාවට දන්වා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like