උණුසුම් පුවත්

21 වන ව්‍යවස්ථා සංශෝධනයට ජාතික ජන බලවේගයේ යෝජනා මෙන්න

Spread the love

01.මේ වන විට යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතික ජන බලවේගයේ යෝජනා අධිකරණ අමාත්‍ය වරයා වෙත ඉදිරිපත් කර තිබෙි.

පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගනු ලබන මන්ත්‍රීවරයකු ඔහු තේරී පත් පත්වූ දේශපාලන පක්ෂය අත් හැරීම හෝ අන්‍යකාරයකින් ඉවත්වීම සිදු නොකළ යුතු අතර එසේ අත් හරින්නේනම් හා හෝ ඉවත්වන්නේ නම්
ඔහුගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය එසේ අත් හළ දින සිට හෝ ඉවත් වූ දින සිට අවලංගු විය යුතුය
02.ජනපතිවරයා විසින් කිසිදු ආකාරයකින් අමාත්‍ය මණ්ඩලයේ අමත්‍ය ධූර නොදැරිය යුතුය
03.(අ)අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 
ගණන 25,ක් විය යුතුය.
(ආ)එම අමාත්‍ය ධුරයන්⁣ට අනුරූපීව නියෝජ්‍ය අමාත්‍ය ධුර 25ක් විය යුතුය.
(ඇ)රාජ්‍ය අමාත්‍ය ධුර හෝ වෙනත් නම් වලින් හඳුන්වන අමාත්‍ය ධුර නොවිය යුතුය
(ඈ)ජාතික ආණ්ඩු පිහිටුවන අවස්ථා පදනම් කර ගනිමින් අමාත්‍ය ධූර වෙනස් නොකළ යුතුය.
(ඉ)අමාත්‍යවරුන්ට අදාල අමාත්‍යංශ විසිපහ සහ ඒවායේ විෂයන් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුය
(ඊ)කාලීන හා විෂය අවශ්‍යතා අනුව අමාත්‍ය ධූර ඇති කිරීමට ප්‍රතිපාදන තිබිය යුතුය
(04)ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී පහත උප ලේඛනයේ සඳහන් අපරාද වරද සම්බන්ධයෙන් වැරදි කරුවන්ට පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සමාව ප්‍රදානය කළ යුතුය
උප ලේඛනය
(අ)මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලැබූ අපරාද වරදකට වරදකරුවකු වූවකු
(ආ)1982 අංක 12 පොදු දේපොළ විෂයෙහි සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතෙහි සඳහන් වරදක⁣ට වැරදි කරුවකු වූවෙකු
(ඇ)අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ සහ අල්ලස් පනත යටතේ ගැනෙන චෝදනාවකට වරදකරුවෙකු වූවකු
(ඈ)ස්ත්‍රී දූෂණය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය බරපතල ලිංගික අපයෝජනය හන අපරාද වරද සම්බන්ධයෙන් වරද කරුවකු වූවකු
(ඉ)රාජ්‍ය දේපොල අවභාවිතා කිරීම වංචා කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූවකු
05.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂනි සභා නියෝජිතයන් අමාත්‍යංශ ලේකම් වරුන්පත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සිදු කළ යුතුය
06.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්ථාපිත කරනු ලබන කොමිෂන් සභා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සිදු කරනු ලබන පත් කිරීම සඳහා ද්විත්ව පුරවැසියකු සුදුසුකම් නොලැබිය යුතුය
07.වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දීමට නීතියෙන් නියම කොට ඇති ඕනෑම තැනැත්තකුගේ එකී වත්කම් හා බැරකම් ප්‍රකාශය මත පදනම්ව සිය මෙහෙයවීමෙන් හෝ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කිරීමේ බලය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ ශ්‍රී ලංකා පොලීසියට තිබිය යුතුය
08.ද්විත්ව පුරවැසියකු නොවන්නාවූ ඕනෑම පුරවැසියෙකුට ඡන්ද බලය හිමි වූ දා සිට වයස අවුරුදු හැත්තෑව තෙක්ම මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට අයිතිවාසිකම් තිබිය යුතුය.
09.විසි එක්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාතිමක වූ දින සිට මාස හයක කාලයක් ඉක්මවීමට පෙර නවවන පාර්ලිමේන්තුව විසිරවා හැරිය යුතුය.

Spread the love

Leave a Comment

You may also like