රට තුළ සිදුවූ සියළු දූෂණ වලට වගකිව යුත්තා ඔහුය. මේ වන විට බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ඔහු ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ තමන් රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන නමුත් දේශපාලනයෙන් සමු නොගන්නා බවය.පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වරයා ලෙස කටයුතු කරන්නේද බැසිල් රාජපක්ෂය.
මොහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් දක්වමින් සිටී.ඇතමකු පවසන්නේ මෙය විමල් වීරවංශගේ හා ගම්මන්පිලගේ ජයග්‍රහණයක් ලෙසය.තවත් කෙනෙකු පවසන්නේ ගාලුමුව දොර අරගලය ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වූ බවය. එහෙත් අපට ඇත්තේ ඒ සියළු අදහස් වලට වඩා වෙනස් කියවීමකි.සැබැවින්ම බැසිල් රාජපක්ෂගේ මෙි ඉල්ලා අස්වීම රාජපක්ෂ වරුන්ගේ තවත් තක්කඩි ගේමක් බව අපගේ විශ්වාසයයි .
අස්වීම රාජපක්ෂ වරුන්ගේ තවත් තක්කඩි ගේමක්…
මේ වන විට විසි එක්වන සංශෝධනය පාර්ලිමේන්තු වට ඉදිරිපත් කිරීමට නියමිතය.එහිදී ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිය යන ව්‍යවස්ථාව ඉවත් නොකෙරෙන බව ස්ථිරය.රට පුරා ද්විත්ව පුරවැසි කම සම්බන්ධයෙන් රට පුරා විරෝධය ඇත්තේ බැසිල් රාජපක්ෂට එරෙහිවය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් ද්විත්ව පුරවැසි භාවය ඇති මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සිටින බව කියවේ.එහෙත් එම මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ගේ ද්විත්ව පුරවැසි භාවය ගැන රට තුළ කිසිදු විරෝධයක් නැත.
විපක්ෂය පවා ඒ ගැන කටේ කෙල බිඳුවක් හෙළන්නේද නැත.
දැන් ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඒ ඉල්ලා අස්වීම නිසා ද්විත්ව පුරවැසි දේශපාලනික කලබගෑනිය මින් පසු නිමා වනු ඇත්තේය.
සිංහලයන්ට යම් දෙයක් මතක තියෙන්නේ දවස් හතක් පමනක් යැයි ප්‍රභාකරන් කිව්වේ ඒ නිසාය.පවුලේ සමීපතමයකු මිය ගිය විට හිතේ මතුවන දුකට මිනී වලට පනින්න හදන එකා මිය ගිය එකා වෙනුවෙන් දෙන හත් දවසේ දානය දා හැසිරෙන්නේ අමුතුම ප්‍රීතියකිනි.ඒ අපේ සමාජයේ හැටිය.
බැසිල් රාජපක්ෂ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වීම ගැන මෙරට දේශපාලනික සමාජයේ බොහෝ දෙනෙකු ප්‍රීතියෙන් ඔල්වර සන් නගමින් සිටින්නේ ද්විත්ව පුරවැසි ප්‍රශ්ණය බැසිල් රාජපක්ෂට පමනක් සීමා වූ ප්‍රශ්ණයක් ලෙස කල්පනා කරන නිසාය.
දූෂිත ව්‍යාපාරිකයෙකු වූ ධම්මික පෙරේරා…..
රාජපක්ෂ සනුහරය හදන්නේ රට තුළ ඔවුන්ට පවතින බරපතල විරෝධය ටිකෙන් ටික දියාරු කිරීමය.බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නාඩගමද
ඒ මගෝඩි සැලසුමේ දිගුවක් පමණය. රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කරමින් ඇරඹුන මේ කූඨ සැලසුමේ ඊළඟ උපාය මාර්ගය වන්නේ මෙරට ප්‍රකට දූෂිත ව්‍යාපාරිකයෙකු වූ ධම්මික පෙරේරා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ආණ්ඩුවේ මුදල් ඇමති කමට පත් කිරීමය.රාජපක්ෂ වරුන් දූෂිතව උපයා ගත් මුදල් හංගා ඇති වානේ කබඩය මේ ධම්මික පෙරේරාය.ඔහු මුදල් ඇමති කමට පත් කරන්නේ රාජපක්ෂ සනුහරය මෙරට දේශපාලන බලය කිසිසේත්ම අත් නොහරින බවට සාක්ෂියක් සපයමිනි.
පොදු ජන පෙරමුණේ නියෝජනයක් විදියට පාර්ලිමේන්තුවට ඇතුළු වන ධම්මික පෙරේරා මුදල් ඇමති විදියට උඩ කරණම් යටි කරණම් ගසනු ඇත්තේ තමන් නියෝජනය කරන දේශපාලන පෙරමුණේ ජාතික සංවිධායක වරයා ගේ ඕනෑ එපා කම් අනුවය.
රාජපක්ෂ වරු යනු පිරිත් නූලෙන් මාළු අල්ලන…….
රාජපක්ෂ වරු යනු පිරිත් නූලෙන් මාළු අල්ලන ජාතියේ තක්කඩියන්ය.චීවරය හිස උඩ තියාගෙන පවු කරන ජාතියේ වුන්ය.අගමැති වරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීම ගැන මෙරට බොහෝ දෙනෙක් සිටින්නේ සතුට්නි.එහෙත් යටි බිම් ගත සත්‍යය එය නොවේ.දැන් මහින්ද රාජපක්ෂ නිකම්ම නිකම් මන්ත්‍රීවරයෙකි. එහෙත් පසුගිය දිනවල පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට මේ නිකම් මන්ත්‍රී මහින්ද රාජපක්ෂද සහභාගි වූ බව දිනේෂ් ගුණවර්දන ඇමතිවරයා ජනමාධ්‍ය වෙත අනාවරණය කරන ලදී.සිහිය හොඳින් තියෙන ඕනෑම කෙනෙකුට මේ සිදුවීම ගැන හරියට සිතා බලන්නේ නම් රනිල් වික්‍රමසිංහ යනු අගමැති රූකඩයක් බව තහවුරු වනු ඇත.
නයි මුගටි සම්බන්ධතා……
හෙට අනිද්දා මුදල් ඇමති විදියට පත් වෙන ධම්මික පෙරේරා හා අගමැති රනිල් වික්‍රම සිංහ නයි මුගටි සම්බන්ධතා ඇත්තන්ය.ආණ්ඩුවේ මුදල් ඇමති කමට ධම්මික පෙරේරා පත් කිරීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ කෙරුවාවට එරෙහිව බාධකයක් පැනවීමට රාජපක්ෂවරු ඉතා සියුම් ආකාරයට සැලසුම් කර තිබේ. නීතිය හා සාමය අමාත්‍යංශයට ටිරාන් අලස් පත් කිරීමද ඒ හා සමාන ක්‍රියාවකි.රාජපක්ෂ වරුන්ට රනිල් වික්‍රමසිංහ අවශ්‍ය වන්නේ හෙණ ගහන විට එළියට විසි කරන යකඩ ඉන්න වාගේ ප්‍රයෝජනයට ගැනීමටය.
රාජපක්ෂ වරුන්ට එරෙහිව විපක්ෂ ක්‍රියාකාරිකයන්ගේ හඬ ද දැන් වියකෙමින් පවතී.පාඨලී චම්පික රණවක ස්වාධීන මන්ත්‍රීවරයකු වන්නේ තව අවුරුදු ගනනකට පසුව තිබෙන ජනපති අපේක්ෂකත්වයබලාපොරොත්තුවෙනි.
ඔහුගේ කේන්දරයේ මෙරට රජ වන බව සඳහන්ව ඇතැයි කියවේ.ඔහුගේ නායකත්වයෙන් රට පුරා සේනාංක හැදෙන්නේ ඒ නිසාය.රාජපක්ෂ වරුන් මෙරට දේශපාලනයෙන් අතු ගා දැමීමට සෘජුව මැදිහත් වීමක් නොකර හොර ගල් අහුලමින් සිට කාලය දීපය දේශය ආදී බැලුම් බලා කලට වේලාවට නැකතට දේශපාලනික භූමියට අවතීර්ණ වීම ඔහුගේ අපේක්ෂාව බව පෙනී යයි.එතෙක් ඔහු මහප්‍රාණ දේශපාලන දේශන පවත්වමින් සිය ප්‍රතිරූපය ගොඩ නගමින් සිටිනු ඇත.රට පුරා පවතින ජනතා අරගලයට ඔහු කිසි සේත්ම සම්බන්ධ නොවෙන බවද අපට විශ්වාසය.ඒ මන්ද යත් ඒ අරගලය තුල ඔහුට ඉඩක් නැති නිසාය.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිටියද එසේත් නැතිනම් නොසිටීමද මිල්ටෙරි නන්දසේන තවදුරටත් ජනපති කමේ සිටීම හෝ ඉල්ලා අස්වීම පාඨලී චමිපික රණවක තමාට අදාල දේශපාලනික කාරණයක් කර නොගනී.ඔහු සිතන්නේ කේන්දර අනාවැකියත් රට තුල පවතින ආර්ථික අර්බුදය මෙරට ව්‍යවස්ථාවේ හැඩයට නිමා කෙරෙන දිනයත් ගැන පමණය.
21 වන ව්‍යවස්ථා සංශෝධනයේදීී……..
හෙට අනිද්දා සම්මත වන 21 වන ව්‍යවස්ථා සංශෝධනයේදීී ද්විත්ව පුරවැසි අයිතිය පිළිබඳ ව්‍යවස්ථානුකූල සඳහන ඉවත් නොකෙරෙන බව අප මුලදී සඳහන් කරන ලදී.ඒ පිළිබඳව බැසිල් රාජපක්ෂට එරෙහිව කිසිවෙකුට චෝදනා කරන්නත් නොහැකිය.ඒ දැන් ඔහු පාර්ලිමේන්තුවේ නොසිටින නිසාය.
එහෙත් බැසිල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ආණ්ඩුවේ සියළු ක්‍රියාකාරකම් වලට ඉදිරියේදීත් බලපෑම් කරන බව නමි නිසැකය.
අධිකරණ චෝදනා නිරාකරණය කර ගැනීම…..
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන විට බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළ කාරණයක් ගැන අපගේ විශේෂ අවධානය යොමු විය.ඔහු එහිදී කීවේ යහපාලන රජය බලයට පත් වීමත් පසුව ඇමරිකාවට ගිය තමා නැවත ලංකාවට ආවේ කාරණා දෙකක් නිසා බවය.ඉන් එක කාරණයක් ලෙස ඔහු සඳහන් කරන ලද්දේ මෙරට ජනපති වරයා ලෙස සිය සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ නැවත පත් කිරීමේ අවශ්‍යතාවයි.අනෙක් කාරණය ලෙස ඔහු ප්‍රකාශ කෙරුවේ ඔහුට එරෙහිව පැවැති අධිකරණ චෝදනා නිරාකරණය කර ගැනීමය.මේ
අපේක්ෂාවන් දෙකම තමන් ඉටු කර ගත් බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරන ලදී.
රටේ ආර්ථිකය ගොඩ දැමීමට මුදල් ඇමති කම ගන්නට ආ මොළ හතානෝ ගේ ඇත්ත ස්වරූපය එහෙමය.කොටින්ම කියතොත් රාජපක්ෂ තක්කඩියන් හැමදෙනාගේම ජානගතව තිබෙන්නේ සිය සනුහරයේ පැවැත්ම මිස රටේ ජනතාවගේ ශුභ සිද්ධිය නොවේ.රාජපක්ෂ වරුන්ගේ මේ සැබෑ ස්වරූපය මෙරට මහ පොළොව නිශ්චිතව හඳුනා ගන්නා තුරු මෙරට දේශපාලනය හීන් නූලෙන් හසුරවනු ඇත්තේ ඔවුන්ය.