බිංගෙවල් හා දුපත් වල සැඟව සිටි රාජපක්ෂලාට ජීවය දුන් රනිල් මාමාගේ වර්තමාන ආණ්ඩුව නැවත වටයකින් රාජපක්ෂලා කරලියට ගෙනවිත් හමාරය. ඊට රනිල්ට පාර කැපුනේ කොළඹ ඉංග්‍රිසි කතාකරන එදා පාරට බැස පන්දම් දල්වා වොස්කට් දුන් නඩයේ පැතුමත් රනිල් වීම නිසාය.
එත් අද වනවිට රනිල්ගේ පැමිණිමේ ප්‍රතිලාභ ලැබු රාජපක්ෂලා රනිල්ට හිමින් සිරුවේ අගමැතිකමින් බැසයාමට ඉඩ සලසා අවසන්ය. රනිල් ගේ මේ උපාය ඉතාම හොදින් රටේ සමහර මරි මෝඩයන් වටහා ගන්නේ එකම ගැලවුම්කරු රනිල් නැමති 69 වියති පුද්ගලයාම පමනක් බවයි.
ලෝකයේ වැඩිම වහළුන් ජීවත් වෙන රටක් ඇත්තේ කෝහේද…..? ඒ ශ්‍රි ලංකාවම පමණි. ඊට තවත් කීමට අටුවා ටිකා අවශ්‍ය නොවේ. දැන් 21 වන සංශෝධනයක් ගෙනවිත් නටන ජෝගිය අවසන් වන්නේ රනිල්ගේත් කලිසම ගැලවිලාය. ඒ ද්විත්ව පුරවැසියන් ගේ ප්‍රශ්ණය හා ජනාධිපති බලතල අඩු කිරීම් යන මාතෘකා ඉන් ඉවත්ව කතා කිරීමය. එවා නොවෙන ආකාරයේ සංශෝධනයක් දැන් ගෙනවිත් හමාරය.
දැන් රනිල්ගේ අළුත්ම ගේම ඉදිරි වසර 02 කත් රටේ ජනතාවට කෙලවලා හෝ රාජපක්ෂලාට ඉස්සරහට ගෙනයාම ට ඉඩ දීමය. දැන් සුදානම් වන්නේ 21 වෙනුවෙන් පෙනි ඉන්න සියල්ලටම රාජ්‍ය ඇමතිකම් දීමටය. ඒ රනිල් ගේ තුරුම්පුවයි.
රටේ ජනතාවට අපි කියන්නේ දැන් තම අහිංසක දරුවා බඩගින්නේ මියයනවා බලා නොහිට වහාම පාරට බැස එකා මෙන් මුන් සියල්ලම එලවා දැමිය යුතු බවයි. ඒ බීරුට් ද, ග්‍රිසියද ,පෝලනතයද ගත් ක්‍රියා මාර්ග අභිබවා යාමක් වුවත් එකාපිට එකා මැරුවත් එකට සිට ගෙන රාජපක්ෂලා , රනිල්ලාව මේ පොලවෙන් එලවා දැමිය යුතුමය.
එසේ නොමතිව තවත් ආර්ථිකයක් ,සමාජ සංවර්ධනයක් හෝ දේශපාලන කියවීමක් නැති බව රටට ලෝකයට අද වනවිට ඔප්පුකොට හමාරය. තවත් රාජ්‍ය ඇමතියන් පත් කරනවානම් උන් එකට තබා පහර පිට පහර ගසා එලවා දැමිය යුතුය.