පසුගියදා පොදු ජන පෙරමුනේ අනුගාමිකයන් ලවා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් ගාළු මුවදොර අරගලකරුවන්ට කළ පහරදීමට සෘජුව සම්බන්ධ අයවළුන් අත් අඩංගුවට ගැනීම පොලීසිය මගින් දිගින් දිගටම මග හරිමින් තිබේ.එම දාමරිකයන් පිරිස අත් අඩංගුවට නොගන්නා ලෙසට නීතිය හා සාමය අමාත්‍යය ටිරාන් අලස් ද බලපෑම් කරමින් සිටී.
මෙහිදී මයිනා ගෝ ගම අසලදී ඇන්ඩෘ දේවදාසන් පියතුමාට පහර දුන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් තවමත් නිදැල්ලේ පසුවේ.මොහු අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට පැමිණ රාජකාරි කරන බවත් බටපොල පොලීසිය කිසිත් නොදන්නා තොත්ත බබාලා ලෙස කටයුතු කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.ප්‍රදේශයේ හොරොයින් ජාවරම්කාරයකු වන මෙම සභාපතිවරයාට පොලීසිය අසීමිත බියක් දක්වන බවද වාර්තා වේ.හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන යුද හමුදා ලුතිනන් කර්නල් අතපත්තු මේ වන විට නවාතැන් ගෙන ඇත්තේ පොලීසියේ නිළධාරී නිවස්නයේය.9/5 ප්‍රහාරයට පසු දින සිට මොහු පොලිස් නිළධාරී නිවස්නයේ සිටින බවත් ආහාර පාන පවා ලබා ගන්නේ ඉන් බවත් පොලිස් නිළධාරීහු පවසති.පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ නැති පිටස්තරයකු පොලිස් නිළධාරී නිවස්නයේ නවාතැන් ගෙන ඇත්තේ කාගේ අවසරයක් මත දැයි ඔවුන් තව දුරටත් ප්‍රශ්ණ කර සිටී.
ලුතිනන් කර්නල් අතපත්තු ගේ නවාතැන පොලිස් නිලධාරි නිවස්නයයි