උණුසුම් පුවත්

දේශබන්දු බේරාගැනීමට ටිරාන් අලස් ගෙන් නීතිපතිට බලපෑම්

Spread the love

ගෝල්පේස් ප්‍රහාරයට සම්පූර්ණ දායකත්වය සහ මග පෙන් වූ ප්‍රහාරය මෙහෙයවීමට සියලුම අවශ්‍ය කටයුතු සකස් කළ ආධාර අනුබල දුන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට මේ වන විට අධිකරණයේ නඩුවක් පවතී .

එම නඩු කටයුත්ත වෙනුවෙන් රජයේ නීතිපති පෙනී සිටින අතරම නීතිපති දෙපාර්තමේන්තුවට අද ගිය ටිරාන් අලස් සහ පොලිස්පතිවරයා වහාම මෙම නඩු කටයුත්තෙන් දේශබන්දු ව ගලවා ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව පවසා ඇතැයි අප වෙත වාර්තා වේ.

ටිරාන් වැනි හිරේ විලංගුවෙ වැටුන පුද්ගලයෙකු නිතිය හා සාමය ඇමැතිවරයා වශයෙන් . මේ පිළිබඳව ජනතාව මවිතයට පත් කරමින් ඊයේ පොලිස්පතිවරයා සහ ටිරාන් නීතිපති වෙත ගොස්  ජූනි 01 හෙට දින පැවැත්වෙන නඩු විභාගයට නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවෙකු පෙනී නොසිටින ලෙසත් දේශබන්දු ට එරෙහිව කිසිදු චෝදනාවක් නැගීමක් නොකරන ලෙසත් ඉල්ලා තිබෙන බව අපට දැන ගැනීමට තිබේ.

මේ ආකාරයට දේශපාලකයෙක් හමුවී ප්‍රධාන පෙළේ පොලිස් නිලධාරියකුට නීතිය ඉදිරියේ කිසිදු කටයුත්තක් ඉටු නොකරන ලෙසට කරන ලද බලපෑම මුළුමණින්ම නීතිය පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට යොදා ගැනීමක් බව අපගේ අදහසයි. මින් ඉදිරියට නීතිපතිවරයා වෙත මෙයාකාරයෙන් දේශපාලකයින් පැමිණ බලපෑම් සිදු කිරීමට නරක පුර්වාදර්ශයක් රටට ලබාදි ඇත.ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලකයෙකු ප්‍රසිද්ධියේම ගොස් තම ගේ පක්ෂය වෙනුවෙන් අපරාධයකට සම්බන්ධ වු ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු නිතියෙන් බේරාදීමට දැඩි බලපැමක් සිදු කර ඇති අතරම මෙය ශ්‍රි ලංකාවේ නිතිය දේශපාකයන්ට උවමනා ආකාරයටයෙදවීමක් බවට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ.

මේ නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැන් ඇත්තේ නීතිය ද එසේ නොමැතිනම් ටිරාන් අලස්ගේ නියෝගයට අධිකරණ මෙහෙ වනවාද යන්න පිළිබඳව ක්‍රියා කිරීමයි.

කෙසේ වුවත් ඉදිරියේදී නීතිය හරියට ක්‍රියාත්මක නොවුනොත් ,අධිකරණ කටයුත්ත අධිකරණය විසින් සිදු නොවුණොත් ජනතාව නීතියත්, අධිකරණයක් අතට ගන්නවා නොඅනුමානය.

 


Spread the love

Leave a Comment

You may also like