උණුසුම් පුවත්

රාජපක්ෂ සනුහරයට ආරක්ෂාව සලසන “දේශබන්දු කෝලම”

Spread the love

මිල්ටෙරි නන්දසේන දැන් ඉන්නේ කිසිවක් කර කියා ගත නොහැකිවය. ගාලු මුවදොර සිදුවූ ප්‍රහාරයෙන් පසුව බිං ගෙයට රිංගූ මිල්ටෙරි නන්දසේන යලි එලියට ගත්තේ රනිල් වික්‍රමසිංහය. එම ප්‍රහාරයේ ප්‍රධාන වග උත්තරකාර පාර්ශවයන් වන මහින්ද රාජපක්ෂ ,යෝෂිත රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන්නන් තවමත් නිදැල්ලේය.9/5 ⁣ගාලු මුවදොර ප්‍රහාරය සඳහා රාජපක්ෂ වරුන් ⁣ගේ  ඉතා සාහසික බිහිසුනු හා කුමන්ත්‍රණකාරී දායකත්වය අප විසින් මීට ඉහතදී අනාවරණය කරන ලදී.

මන්ත්‍රී අමරකීර්ති ගේ වාහන අංකය……..

මේ වන විට අපට අනාවරණය වී ඇති පරිදි නිට්ටඹුවේදී ප්‍රචන්ඩකාරීන් ගේ ප්‍රහාරයට ලක්ව මරා දැමුණු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ගේ වාහන අංකය පවා ප්‍රචන්ඩකාරීන් අතට පත් කරන ලද්දේ මෙම අමානුෂික කුමන්ත්‍රණයේ දිගුවක් විදියටය.රාජපක්ෂලා බලය ආරක්ෂා කර ගැනීම සඳහා සිය සමීපතම පාක්ෂිකයන් පවා ඝාතනය කරවීමට දෙවරක් කල්පනා කරන්නන් නොවේ.රාජපක්ෂ සනුහරයම ඒ තරමට මෙලේච්ඡයන්ය.තිරිසන් සාහසිකයන්ය. රාජපක්ෂවරුන්ගේ මේ අමානුෂික ස්වරූපය කිසිදිනක මෙරට සමාජයට නිරාවරණය වී නැත.යුද ජයග්‍රහණයත් සමගම රාජපක්ෂවරු මෙරට රාජ්‍ය තන්ත්‍රයම උඩු යටිකුරු කරන ලදී.එහිදී රාජ්‍ය පරිපාලනය සදහා රාජපක්ෂ වාදී වහළුන්  කණ්ඩායමක් නිර්මාණය කළ අතරම සිංහල බෞද්ධ සමාජය හැසිරවීමට චීවරධාරී බලකායක්ද ව්‍යාප්ත කර ස්වාධීනව පැවැති මෙරට අධිකරණය රාජපක්ෂ මුද්‍රාව තබා නිවට බවට පත් කරන ලදී.

පොලිස් ⁣දෙපාර්තමෙින්තුව තුළ පැවැති නීති ගරුක සංවිධාන ව්‍යුහය කඩා බිඳ දමා අංශභාග පාදඩ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කෙරිණි.දූෂිත ආකාරයෙන් රාජ්‍ය දේපොළ  මුදාහරිමින් ඒ සියළු   කණ්ඩායම් හා සමීපතමයන් නඩත්තු කිරීමද රාජපක්ෂ වරුන් විසින් අඛන්ඩව සිදු කෙරිණි.එම කණ්ඩායම් වලට අමතරව ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික දේශපාලන ක්‍රියාවලිය දක්වා රාජපක්ෂවාදී  දේශපාලන චෞර හෙංචයියන් පිරිසක්ද රට පුරා  සංවිධානය කෙරිණි..මැරකම හා සොරකම සමාජයේ සාමාන්‍ය ලක්ෂණයක් බව පත් විය.ධනය හා රාජ්‍ය බලය පරිහරණය හා මුදල් නාස්තිය කිසිදු චකිතයකින් තොරව අශීලාචාර අන්දමින් සිදු කෙරුණ  දේශපාලන සංස්කෘතියක් ර⁣ට පුරා මුදා හැරිණි.

ගෝඨා ගෝ හෝම්…….

ගෝඨා ගෝ හෝම් කියමින් සමස්ත සමාජය පාරට බැස්සද රාජපක්ෂවරු තවමත් යහතින් සිටින්නේ ඔවුන් විසින් සංවිධානය කළ තක්කඩි සමාජ සංස්ථාව තවමත් කිසිදු බාධාවකින් තොරව පැවතෙන නිසාය.9/5 ප්‍රහාරයෙන් පසුව රාජපක්ෂ සනුහරය යම් තිගැස්මකට හා කම්පනයට පත් වූවද ඔවුන් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ වහළුන් සූදානම්ව සිටියහ.රාජපක්ෂ වරුන් මෙරට දේශපාලන බලය අත් හැරීම තුළ  තම ඉරණමද ශෝක ජනක ආකාරයෙන්  විසඳෙන්නට ඉඩ ඇති බව එම වහළුන් තේරුම් ගෙන සිටියහ.

රනිල් වික්‍රමසිංහ ගත් තක්කඩි ක්‍රියාව…..

රනිල් වික්‍රමසිංහ ගේ හදිසි දේශපාලන අවතීර්ණය රාජපක්ෂවරු ආරක්ෂා කිරීම මූලික කර ගත් තක්කඩි ක්‍රියාවක මුල් පියවර වේ.මේ වන විට සියල්ල සිද්ධ වෙන්නේ රාජපක්ෂ සාහසික කල්ලියේ ආරක්ෂාව  සදහා බව හොඳින් තහවුරු වෙමින් තිබේ.එහෙත් එය මිල්ටෙරි නන්දසේන ප්‍රමුඛ ආණ්ඩුව සමාජය තුළ අර්ථ නිරූපණය කිරීමට ප්‍රයත්න දරමින් සිටින්නේ රට මුහුණ පා සිටින මහා ඛේදවාචකයෙන් ගලවා ගැනීමේ දුෂ්කර ව්‍යායාමයක නිරත වන ආකාරයටය.

රාජපක්ෂ සනුහරය….

රාජපක්ෂ සනුහරයට  එරෙහිව සිටින අරගල කරුවන්  හා විපක්ෂය පාර වරද්දගෙන ඇත්තේ  මේ අර්ථ නිරූපනය තුල බව අපගේ අදහසයි.රාජපක්ෂවරුන්ට පහර දීමට ප්‍රථම සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කොට  මර්ධනය කළ යුත්තේ ඔවුන් ආරක්ෂා කරමින් රාජ්‍ය තන්ත්‍රය තුළ  ඉහළ සිට පහලට සැඟවී සිටින විෂබීජයන්ය. මහසෝන් සමයම් නැටුවද එතෙක් රාජපක්ෂවරු මෙරට කුණු දේශපාලනය තුළ ආරක්ෂා වෙන බව නිසැකය.
ඒ බව තහවුරු කෙරෙන හොඳම සාක්ෂිය ඡෙ.නි.පොලිස්පති දේශබන්දුය.
9/5 ප්‍රහාරය වලක්වා ගැනීම පැහැර හැරීමෙන් ඔහු රාජකාරිමය වශයෙන්  සිඳු කළ බරපතල අපරාධමය වරදට මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ඡෙ.නි.පොලිස්පති දේශබන්දු 9/5ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තරයේ සඳහන් කර ඇත්තේ පොලිස්පති වරයාගේ හා පොලිස් අමාත්‍යංශයේ ලේකම් වරයාගේ උපදෙස් මත තමන් කටයුතු කළ බවය.එහෙත් පොලිස්පති වරයාත් නීතිය හා සාමය බාර අමාත්‍යංශ ලේකම් වරයාත් ඡෙ.නි.පොලිස්පති වරයා⁣ගේ එම ප්‍රකාශය සාවද්‍ය බව ප්‍රකාශ කර ඇත.

ඡෙ.නි.පො දේශබන්දුතෙන්නකෝන් නැමතිපොලිස් සුනඛයා…….

මේ වන විට නීතිපතිවරයා විසින් ඡෙ.නි.පො දේශබන්දු වැඩ තහනම් කරන ලෙසටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත්  පොලිස්පති වරයාට උපදෙස් දී තිබේ.9/5 ගාළු මුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව විනිශ්චය කරන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඡේ.නි.පොලිස්පති අත් අඩංගුවට නොගැනීම පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.එහෙත් මේ සියළු නෛතික කාරණා මෙසේ ⁣සිදුවෙමින් පැවතුනද ඡේ.නි.පොලිස්පති දේශබන්දු ඉහින් බහින කරදරයක් නැතුව රාජකාරි කරමින් සිටී.ඡේ.නි.පොලිස්පති  දේශබන්දු ගේ පොලීසියේ පැටිකිරිය ඉතා අවලස්සනය. මොහු හා පාතාල ක්‍රියාකාරීන් අතර සැඟවුනු ගණුදෙනු බොහෝය.ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගත් බවට චෝදනාද වේ.පාස්කු බෝම්බ ප්‍රහාරයේදී ඇවන්ගාඩ් සේනාධිපති සමග කටයුතු කරන ලදැයිද හෙළිදරව් වී තිබේ.එහෙත් මේ චෝදනා පිළිබඳව පොලිස් බලධරයන් නිහඬය.ඒ ඡේ.නි.පො දේශබන්දු යනු රාජපක්ෂ සාහසිකයන්ගේ ඕනෑ එපා කම් අනුව ක්‍රියා කරන පාදඩ පොලිස් නිළධාරී පැලැන්තිය නියෝජනය කරන්නෙක් නිසාය.
9/5 ප්‍රහාරය පිළිබඳව නඩුව විභාග කරන මහේස්ත්‍රාත් තිලිණ
 ගමගේ ඡේ.නි⁣.පොලිස්පති දේශබන්දු අතර පෞද්ගලික කෝන්තරයක් පවතී.එබැවින් ඡේ.නි.පො.දේශබන්දුට එරෙහිව අපරාධමය චෝදනා පැවරීමට විනිසුරු තිලිණ ගමගේ ප්‍රයත්න දැරුවද එය රැවටිලිකාර නාටකයක් පමනක් වන බව නම් අපට විශ්වාසය.ඒ ඡේ.නි.පො දේශබන්දු ආරක්ෂා කරගැනීම⁣ සඳහා රාජපක්ෂවරු කොන්දේසි විරහිතව සූදානමි නිසාය.නීතිය හා සාමය බාර අමාත්‍යංයේ ඇමතිවරයා වශයෙන් ටිරාන් අලස් පත් කෙරෙන්නේ 9/5 ගාලු මුවදොර ප්‍රහාරයට සම්බන්ධ මහින්ද රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ ඇතුළු අනෙකුත් සාහසිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිය හා සාමය බාර අමාත්‍යංශයේ ඇමති ටිරාන් අලස් හා ඡේ.නි⁣.පොලිස්පති දේශබන්දු අතර පවතින්නේද අඹ යාළු කමකි.

අලස් ගේ අවජාතකයෙක් වු “ටිරාන් හුලස්”……

ටිරාන් අලස් යනු මෙරට දේශපාලනයේ තක්කඩි සූදු කාරයෙකි.මිල්ටෙරි නන්දසේන හා මහින්ද රාජපක්ෂ සමග සමබරතාවයෙන් ගනුදෙනු කරන්නෙක් වන අතරම අගමැති රනිල් වික්‍රමසිංහ හා ජන්මාන්තර වෛරයකින් පසු වෙන්නෙකි.රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ සනුහරයේ ආරක්ෂාවට දේශපාලන තීන්දු තීරණ ගනිමින් සිටිද්දී  රනිල්ට එරෙහිව ටිරාන් යෙදවීමද රාජපක්ෂවරුන්ගේ ජානගත තක්කඩි කමේ උපක්‍රමයකි.
⁣ඡෙ.නි⁣.පොලිස්පති දේශබන්දු පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් දින දහහතරක නිවාඩුවක් ඉල්ලා තිබේ.තමාගේ කීර්තිමත් රාජකාරිමය පෞරෂය  ආරක්ෂා කර දෙන ලෙස ඔහු ඉන් ඉල්ලා ඇත.⁣සැබැවින්ම මේ පාදඩ පොලිස් නිළධාරියාට කීර්තිමත් පෞරෂයක් පවතීද යන්න හොඳින් දන්නේ   තවමත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන පොළිස් නිළධාරීන්ගෙනි.තමන්ට 9/5 ගාලු මුවදොර ප්‍රහාරය වැලැක්වීමට මැදිහත් නොවන ලෙසට පොලිස්පති හා  නීතිය හා සාමය බාර අමාත්‍යංශ ලේකමි වරයා උපදෙස් දෙන ලදැයි ප්‍රකාශ කළ ඡෙ.නි.පො දේශබන්දු මේ අවස්ථාවේදී සිහිපත් කර ගත යුත්තේ කතරගම මනම්පේරි ඝාතනයේ නඩු තීන්දුවය.එම  නඩු තීන්දුවේ දැක්වෙන්නේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු ලබා දෙන සාවද්‍ය නියෝගයක් නෛතිකව පැහැර හැරීමේ වගකීම පහල නිළධාරියෙකුට ඇති බවය.⁣එම තීන්දුව පිළිබඳව  ඡේ.නි.පො.දේශබන්දු නොදැනුවත් බව අපට සිතන්නට බැරිය.ඒ ඔහු ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු නිසාය.
මේ වන විට ඡෙ.නි.පො දේශබන්දු උත්සාහ කරමින් සිටින්නේ 9/5 ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින අපරාධ චෝදනා අවුල් සහගත තත්වයකට පත් කොට එහි චුදිත පාර්ශවය සඳහා රැකවල්  සැපයීමට බව අපට විශ්වාසය.ඒ සඳහා තමන්ට එරෙහිව චෝදනා යටපත් කළ යුතු බව ⁣ඡේ.නි.පො දේශබන්දු දනී. ඔහු සියළු දහම් ගැට ගහන්නේ ඒ අපේක්ෂාවෙනි.⁣⁣ඡේ.නි.පො දේශබන්දු  ආරක්ෂා කර ගැනීම පිණිස මිල්ටෙරි නන්දසේන හා ⁣නීතිය හා සාමය බාර අමාත්‍යංශ ටිරාන් අලස්ද බොහෝ තුරුම්බු පිටියට අත අරිමින් සිටී.ඒ මන්ද යත් 9/5 ප්‍රහාරයේ සමිබන්ධ බොහෝ දෙනෙකුගේ ⁣ඉරණම රැඳී ඇත්තේ ඡේ.නි⁣.පො දේශබන්දුගේ කෙරුවාව හා හෙළිදරව් කිරීම් මත නිසාය. 
ඡායාරූපය ස්තුතිය මුහුණු පොතේ මිතුරාට

Spread the love

Leave a Comment

You may also like