උණුසුම් පුවත්

රාජපක්ෂ මෙලේච්ඡයන් සැලසුම් කල 9/5 ප්‍රහාරය පාස්කු ප්‍රහාරයටම සමානයි – ලංකා දවසේ අපරාධ විමර්ෂණය

Spread the love

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට චෝද⁣නා එල්ල වෙමින් තිබෙන්නේ මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ හෙංචයියන්ටය.කෙසේ වෙතත් එම ප්‍රහාරය සිදු වූ ආකාරය ගැන තවමත් විධිමත් පරීක්ෂණයක් සිදු වී නැත.⁣

සිද්ධියට සම්බන්ධ බොහෝ සැක කරුවන් ගෙන් පොලීසිය ප්‍රශ්ණ කර නැත.ඒ සැක කරුවන් රාජ්‍ය බුද්ධි සේවාවට සම්බන්ධ වූවන්ය.
සහරාන් පිළිබඳව හොඳ සාක්ෂිකරුවකු වූ කාතන්කුඩි පලනි බබා 2018 ජුනි 8 වන දා වෙඩි තබා මරා දමන ලදී.එම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නේ ඉස්ලාම් ආගම වැළඳගෙන කාතන්කුඩියෙන් විවාහ වී සිටින එල්ටීටී සංවිධානයේ හිටපු සාමාජිකයකු මෙන්ම දෙමළ ජාතිකයකු වන හුසේන් හා ආමි නවුෆර් නැමැත්තාය.මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔවුන්” පලනි බබාට” වෙඩි තැබීමට ගෙන ආ ගිණි අවිය යුද හමුදාවේ බුද්ධි අංශය විසින් ගෙන ගොස් ඇති අතර එය මේ වනතුරු පොලීසියට බාර දී නැත.යම් අපරාධයක් සිදු කරන ලද ගිණි අවියක් හමුදාව සන්තකයේ තබා ගැනීම සැක සංකා මතුවන සිදුවීමකි
රගර් ක්‍රීඩක තජුඩීන් හා මාධ්‍යවේදී ලසන්ත ඝාතනයන් තුළද මෙවැනි සැක සහිත සිදුවීම් ගණනාවකි.ඒ සැක සහිත සිදුවීම්වල කෙලවර ඇත්තේ රාජපක්ෂ පවුල අසලය. අප මේ සිදුවීම් ගැන නැවත සිහිපත් කරන ලද්දේ රාජපක්ෂ තක්කඩියන්ගේ  සාහසික කුමන්ත්‍රණ සිදුකරන ආකාරය ගැන අදහසක් ලබා දීමටය.9/5  ගාලු මුව දොර ප්‍රහාරය හා සම්බන්ධව රට පුරා ඇතිවූ ප්‍රචන්ඩත්වයද රාජපක්ෂ සාහසිකයන් ඉතා කුමන්ත්‍රණකාරීව සැලසුම් කළ අපරාධයකි.
ගාළු මුව දොර ප්‍රහාරය සිදු කිරීමට පෙරදින මෙවැනි ප්‍රහාරයක් අරලිය ගහ මන්දිරයේ සැලසුම් කරමින් තිබෙන බව “ලංකා දවසේ” අපි අනාවරණය කෙරුවෙමු.එහි ප්‍රධාන  සැළසුම් කරුවා යෝෂිත රාජපක්ෂය.
මේ වන විට අපට තොරතුරු අනාවරණය වී ඇති ආකාරයට ගාලු මුව දොර ප්‍රහාරයට පොහොට්ටුවන් යොදවා ඉන් පසු රට පුරා ප්‍රචන්ඩත්වයක් ඇති කිරීමද රාජපක්ෂ සාහසිකයන් ගේ සැලසුම විය.එය තහවුරු කෙරෙන සාක්ෂියක් දැන් අප ⁣හට ලැබී තිබේ. 9/5  ප්‍ර⁣හාරය මයිනා ගෝ ගමින් ඇර⁣ඹීමත් සමගම පොහොට්ටුවන් එදින අරලිය මන්දිරයට ආ සියළුම බස් රථ වල හා ප්‍රාදේශීය දේශපාලඥයන් ආ වාහනවල  අංක කවරකු හෝ අන්තර් ජාලයට  මුදා හැර තිබේ.
මෙලෙස එම බස් රථවල හා වාහන වල අංක අන්තර්ජාලයට මුදා හැරීමට හැකි වන්නේ  එම රැස්වීම සංවිධානය කළ පුද්ගල කණ්ඩායමට හා ජාතික බුද්ධි සේවාවට පමණය.එය එසේ වන්නේ නම් රට තුළ ප්‍රචන්ඩත්වය මුදා හැරීමට කුමන්ත්‍රණකාරීව සැලසුම් කර ඇත්තේද රාජපක්ෂ සාහසිකයන් බව නිශ්චිතවම තහවුරු වේ.

රාජපක්ෂවරු සිය පැවැත්ම තහවුරු කර ගැනීම සදහා ඕනෑම කෙනෙකුගේ ජීවිතය බිලි දෙන ජාතියේ උන්ය. 9/5 මෙලේච්ඡ ප්‍රහාරය සමග රට පුරා ඇවිලී ගිය ප්‍රචන්ඩත්වය මේ සාහසිකයන් විසින්ම සැලසුම් කරන ලද බව සහතිකය.

 


Spread the love

Leave a Comment

You may also like