උණුසුම් පුවත්

මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන 06ක් කුණුකොල්ලෙට විකුණයි

Spread the love

මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රාජපක්ෂ රෙජීමය බේරා ගැනීම සඳහා උරදුන් රනිල් වික්‍රමසිංහද දැන් අනාථයකු බවට පත්ව ඇත. මින් ගැලවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා තීරණය කර ඇත්තේ ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුළුව තවත් රාජ්‍ය ආයතන හයක් සහ සංස්ථා තුනක් විදේශිකයින්ට විකුණා දැමීමට ය.

මෙන් ප්‍රධාන වශයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්දියානු සමාගමට සම්පූර්ණයෙන්ම පවරා දීමටත් ,ලංකා විදුලි බල මණ්ඩලය සහ එයාර් ලංකා සමාගම විකුණා දැමීමටත් ඒ සමඟම ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ඒ අතර ප්‍රධානත්වය ගෙන ඇත .මෙය කුණුකොල්ලෙට විකිණීම පිළිබඳව රටේ ජනතාව කිසිවක් නොදන්නා නමුත් මෙවැනි දැඩි ආර්ථික ව්‍යසනයකට පත්ව ඇති මොහොතක රාජ්‍ය ආයතන සහ අනෙකුත් රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දැමීම තුළින් සිදුවන්නේ අනාගතයට ද මෙම ව්‍යසනය කැන්දාගෙන යාමක් බව තතු දත්තෝ පවසති.

මේ කරුණු සියල්ල ම ගෙන හැර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අපගේ තොරතුරු කරුවෙක් කියා සිටියේ ඉදිරියේදී ඉතාමත්ම අඩු ලංසුවට මෙම රාජ්‍ය ඇති විකුණා දැමීම ජාතික අපරාධයක් බවයි.


Spread the love

Leave a Comment

You may also like