මහින්ද රාජපක්ෂ කාලයේ සිටම ලක්ෂ්මන් යාපා අබේවර්ධනට ලබාදී තිබු සියලුම වාහන සහ පොලිස් නිලධාරීන් එයාකාරයෙන්ම තවදුරටත් ලබාදීමට විශේෂෙන්ම කතානායක වරයා මැදිහත් වී ඇති බව අප වෙතට වාර්තාවේ.
මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මහින්ද යාපලාගේ ඥාති පරපුරේ එකෙකුට මේ ආකාරයට රටේ මුදල් කෝටි ගනනක් විනාශ කිරීමට එරෙහිව මහින්දයාපාගේ හා ලක්ෂ්මන් යාපාගේ නිවෙස් වටකල යුතුය.
වැනි අයෙකුට පොලිස් නිලධාරීන් 14 දෙනකු සහ වාහන 06 ක් ද ඒ සමගම බිරිඳට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කැබ් රථයක් ද ,ලබාදීම ඉතාමත් ම නින්දා සහගත බව තතු දත්තෝ පවසති.
මේ ආකාරයට රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳව ඉදිරියේදී ලක්ෂ්මන් යාපාගෙන් නිවස වැටලීමට රටේ ජනතාව පෙළ ගැසෙනවා නම් එය රටට සහ ජාතියට කරන ඉතාම සුබදායක කටයුත්තක් වේ .
මේ නිසාම වහාම ලක්ෂ්මන් යාපාට ලබාදී ඇති පොලිස් නිලධාරීන් නැවත ගෙන්වන ලෙසට අපි පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට බලකරන්නෙමු. ලබා දී ඇති සියලුම වාහන නැවත භාර දීමට දැනුම් දුන්නත්, කතානායක මහින්ද යාපා ගේ තියෙන ඥාති සම්බන්ධතාව නිසා එය සිදු නොකරන බව අප වෙතට වාර්තා වේ.