මහබැංකුවේ ඉහළම නිලධාරියෙකු අපහා පැවසුවේ රනිල් අගමැති වු නිසා මෙරටට තවම සතයක්වත් තවම ලැබී නැති බවත් ,ඔහු නෙවේ සක්කරයා ආවත් මේ තත්වය වෙනස් කල නොහැකි බවයි.
කබ් රාල් ඇමරිකානු ඩොලර් මිලියන් 500 ක් ගෙව්ව නිසා ඉතාම අත්‍යවශ්‍ය බෙහෙත් ටිකවත් ගන්න අද බැරිවෙලා ඒ විතරක් නෙවේ . මේ ආණ්ඩුවක් කියා පරණ අයටම වෙනස් ඇමතිකම් දිලා ඔවුන්ව සතුටු කොට දුවන පරණ බස් එකමයි, උනේ බොඩ් එකයි ඩ්‍රැයිවරුයි මාරු උන එක විතරයි .
ඉතින් කොහොමද අපිට ණයක් හෝ ආධාරයක් දෙන්නේ . ජී 7 එකෙන් කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් ඡන්දයෙන් පත්කර ගන්න කියලා . අපිට තවත් යන්න බෑ ජුනි 16 වෙනකොට සියල්ල විනාශයි. මිනිස්සු පාරට බහින එක වලක්වන්න අපිට බෑ .
කන්න නැතිවෙනවා ජුලි, අගෝස්තු වෙනකොට රටම එකම විනාශයක් වෙයි . මෙවර අඩුම රජයේ සේවකයනට වැටුපෙන් භාගයක් ගෙවන්න කියලයි අපි සුදානම් යනුවෙන් මෙම නම හෙලිකිරීමට් අකමැති නිලධාරියා අපහා පැවසීය.
ඔහුද සිටින්නේ තම තනතුර දමා විදේශ ගතවීමට බව හෙලිකලේය. අඩුම තරමින් බත් පාර්සලයක්,පාන් ගෙඩියක් රුපියල් 600ක් 700 වත් ඉහලට යවි යැයි ඔහු කතාව නිමකලේය.