අගමැති රනිල් වික්‍රමසිංහ ගේ අගමැති තනතුරේ ආයු කාලය ඉතා කෙටි බවට “ලංකා දවසේ” අප අනාවැකියක් ලෙස සටහන් කරන ලද්දේ ඔහු අගමැති කම ලබා ගත් දිනවලදීමය.අගමැති කමින් ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ අනවශ්‍ය මැදිහත්වීම් නිසා බව වාර්තා වේ.
9/5 ගාළු මුවදොර සිදුවූ ප්‍රහාරයන් පසුව රට පුරා ඇවිලී ගිය ප්‍රචන්ඩත්වයෙන් පසුව පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලඥයන් කිහිප දෙනෙකු ගේ දේපොල විනාශ වුන අතර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්විය.
රට තුළ මෙලෙස ප්‍රචන්ඩත්වය පැතිරී යන විට අගමැති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් ඉල්ලා අස්වූ අතර අගමැති තනතුර සදහා රනිල් වික්‍රමසිංහ පත් කෙරිණි.රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර බාරගත්තේ රාජපක්ෂ වරු ගලවා ගැනීමේ අපේක්ෂාවෙන් බව සමාජයෙන් චෝදනා නැගිණි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැති වරයා ලෙස පත් වීමෙන් පසු රැස්වූ පාර්ලිමෙින්තුවේ නියෝජ්‍ය කතානායක වරයකු පත් කිරීම සිඳු කෙරිණි.එහිදී නියෝජ්‍ය කතානායක ලෙස කාන්තාවක පත් කිරීමට අගමැති ප්‍රමුඛ සියළුම දෙනා පොදු එකඟ තාවකට පත් වී සිටියදී එම එකඟතාව කඩ කරමින් පොදු ජන පෙරමුණේ අජිත් රාජපක්ෂ ඡන්දයෙන් ඒ සදහා පත් විය.
මේ සිද්ධිය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ බව පසුව වාර්තා විය.එය බැසිල් රාජපක්ෂ විසින් අගමැති රනිල් වික්‍රමසිංහට කළ පළමු අනතුරු ඇඟවීමයි.
මේ වන විට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ .එහෙත් එම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් වගන්ති ඉවත් කිරීමට බැසිල් රාජපක්ෂ විසින් මිල්ටෙරි නන්දසේනට බලපෑම් කරමින් සිටින බව “ලංකා දවසට” වාර්තා වී තිබේ.
විධායක ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීමත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර තිබූ රාජ්‍ය ආයතන විගණනය කිරීම පොලිස් කොමිසම ප්‍රසම්පාදන කොමිසම නැවත ස්ථාපිත කිරීම හා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීම 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් බව කියවේ.
කෙසේ වෙතත් මේ ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතුය.පාර්ලිමේන්තුව තුල තවමත් වැඩි බලය ඇත්තේ පොදුජන පෙරමුණ සතුය.පොදුජන පෙරමුණු පක්ෂයේ බලය හසුරවන්නේ බැසිල් රාජපක්ෂය.21 වන ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිය දේශපාලනික බලය කප්පාදු කර ගැනීමට තරමේ බැසිල් රාජපක්ෂ සිරි සඟබෝ නොවන බව නම් අපට පැහැදිලිය.
නියෝජ්‍ය කතානායක තනතුර තේරීමෙන් පැරදුන අගමැති රනිල් වික්‍රමසිංහ දෙවන වරට කුජීත වන්නේ 21 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන දවසටය.එය එසේ වුව හොත් තමන් අගමැති තනතුරෙන් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ සිය හිතවතුන් වෙත කියා තිබේ.