උණුසුම් පුවත්

අගමැති මිතුරන් බැංකු වලට දාර පොලු තියලා

Spread the love

අගමැති රනිල් වික්‍රමසිංහයන් ගේ සමීපතමයන් මෙරට ආර්ථිකයට කර ඇති හානිය සුළු පටු  නොවන බවට තහවුරු කෙරෙන තොරතුරක් අද කෝප්  කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. ඒ අර්ජුන ඇලෝසියස් ගේ මෙන්ඩිස්  අරක්කු සමාගම එකම දේපොලක් උකසට තබා ලංකා බැංකුව හා මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන්ම රුපියල් බිලියන 7 කට ආසන්න ණය මුදලක් ලබා ගෙන තිබෙන බවය.

සාමාන්‍ය පුරවැසියෙකුට ණයක් ලබා ගැනීමේදී මෙම රාජ්‍ය බංකු ක්‍රියා කරන්නේ කිසිදු සහනයක් නොදෙන ආකාරයටය.එහෙත් එකම දේපොලකට ණය ලබා දීමට මෙම බැංකු වල නිළධාරීන් කටයුතු කර ඇත්තේ කිසියම් සුවිශේෂී ළබැඳියාවක් නිසා වන්නට ඇතැයි අපට සැක කළ හැකිය.
කෙසේවෙතත් එකම දේපොලක් ඇප කරයක් ලෙස තබා බැංකු දෙකකින් ණය ලබා ගැනීම මුල්‍යමය වංචාවක් නොවේදැයි අපි රාජ්‍ය බලධරයන් ගෙන් ප්‍රශ්ණ කරමු.
ඊළගට අපට ලැබී ඇති තොරතුර අම්පාර දිස්ත්‍රික්කයේ එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ සම්බන්ධයෙනි.⁣මොහු  මහජන බැංකුවෙන් ලබා ගෙන මේ වන විට ගෙවීම පැහැර ඇති ණය මුදලේ වටිනාකම බිලියන තුන ඉක්මවා යන බව කෝප් කමිටුවේදී අණාවරණය වී ඇත.පසුගිය අවුරුදු පහක කාලය තුල දයා ගමගේ විසින් ලබා ගෙන ඇති ණය මුදලේ කිසිදු වාරිකයක් ගෙවා නැත.මහජන බංකුවේ ණය නොගෙවූ සමාගම් දහයේ පස්වන තැන සිටින්නේ මේ දයා ගමගේය.
අද මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට බිලියන තුනක් අවශ්‍ය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කරන ලදී.එසේනම් කිසිම බාධාවක් නැතුව එම මුදල සොයාගත හැකි ක්‍රමයක් අපි අගමැති වරයාට යෝජනා කරමු.ඒ  දයා ගමගේ ගමන් කරන හෙලිකොප්ටරය හා ඔහුට අයත් දේපොල රාජසන්තක කොට මහජන බැංකුවට තබා ණය මුදල අය කර ගන්නා ලෙසය.

Spread the love

Leave a Comment

You may also like