අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ පත් කිරීමෙන් පසුව රට කිරයෙන් පැණියෙන් ඉතිරී යන බවට සිහින මැවූ සියල්ලන්ම තව ටික දවසකින් මහ පාරට බැස රනිල් ගෝ හෝම් යැයි කියන බව නම් නිසැකය.
රනිල් ගේ අගමැති පත්වීම පිළිබඳව අප සදහන් කළ ආකාරයටම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඔහුට කිසිම සැලැස්මක් නැත.ටයි කෝට් ඇඳ ඉංග්‍රීසි කතා කෙරුවාට බුදු අම්මෝ පොරක් වෙන්නේද නැත.දැන් රටේ පාලනය සිද්ධවෙන්නේ තිරයෙන් පිටුපස සිටින බැසිල් රාජපක්ෂට ඕනෑ විදියටය.
පරණ හොර තක්කඩියන් රැළ අමාත්‍ය මණ්ඩලයට පත් වී තිබේ.අගමැති අත පය කට හොලවන්නේ ඔහුගේ රතු තොල් ගැන්සිය කියන විදියටය.ඒ රතු තොල් ගැන්සියත් බැසිල් රාජපක්ෂත් එකිනෙකා අතර දැනුවත් කමින් යුතුව රාජ්‍ය පාලනය සිද්ධ වෙමින් පවතින බව අපට තේරුම් ගොස් තිබේ.
නොලත් පොලිස්පති වරයා…
තිරයෙන් පිටුපස පොලීසිය බාරව ඉන්නේ බැසිල් රාජපක්ෂය.එය පාලනය කරන නිල නොලත් පොලිස්පති වරයා ඇවන්ගාඩ් සේනාධිපතිය.
මහජන ආරක්ෂක ඇමතිකම ටිරාන් අලස්ට දුන්නේ ඒ නිසාය.ටිරාන් අලස් හා රනිල් වික්‍රමසිංහ ජන්මාන්තර වෛරක්කා රයන්ය.දැන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස පත් කර ගෙන ඇත්තේ සමන් දිසානායකය.මේ සමන් දිසානායක යහපාලනය දවස්වල ඇවන්ගාඩ් සිද්ධියට හිරේ විලංගුවේ සිටි නොම්මර එකේ තක්කඩියෙකි.ඉන්පසු වැඩ තහනම්ව ඇවන්ගාඩි සමාගමේ සේවය කළ සමන් දිසානායක නැවත රාජ්‍ය සේවයට එක්වෙන්නේ මිල්ටෙරි නන්ද සේන බලයට පත් වීමෙන් පසුවය.
දේශබන්දු ගේ හුරතල් කුක්කෙක්……
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ සිද්ධවෙන ආකාරය ගැන අගමැතිට අවබෝධයක් ඇත්තේද නැත.රනිල් වික්‍රමසිංහට අපට කියන්නට තියෙන්නේ ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙනි සැතපිලා කියා විතරමය. දැන් මහජන ආරක්ෂක අමාත්‍යංශය තුළ ඇවන්ගාඩ් සේනාධිපති අරඹා ඇති මෙහෙයුම පොලිස්පති එලවා දැමීමය.
මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න ඇමති ආරක්ෂක අංශයට ස්ථාන මාරු කොට යවා තිබේ.
නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න…..
මේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න දීර්ඝ කාලයක් රාජපක්ෂ වලව්වේ මහින්ද රාජපක්ෂට සමීපව සිටි අයෙකි. නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහින්ද රාජපක්ෂ ගේ සමීපතමයෙක් වුවත් පසු ගියදා මහින්දට අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් කලේත් ඔහුය . ඒ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුල ඉතාම සුවිෂිශිත රාජකාරියක් අවංකව ඉටුකල නිසාය. කුමණ පක්ෂයකට ,හෝ පුද්ගලයෙකුට ගැති නොවු නිලධාරියෙක් බව අපි ලිවිය යුතුමය.
පොලිස් නිලධාරින් ගේ අඩුපාඩු හා පිටකොන්දක් නැති බව පෙන්නන අපි තිලකරත්නලාට කොන්දක් ඇති බව කීමටත් මැලි නොවන්නේ තිලකරත්න දේශ බන්දු වැනි නිලඇදුම ඇදගත් ගනිකාවක් නොවන බව රටට කිව යුතුම නිසාය.
එහෙත් ඇවන්ගාඩ් සේනාධිපති ඔහුට ෂොට් එක දී තිබේ.මේ හදිසියේම අපරාද විමර්ෂන දෙපාර්තමේන්තුවෙන් ඔහු එලවා දමා පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රභාත් රණසිංහය. මොහු ඡේ.නි.පොලිස්පති දේශබන්දු ගේ හුරතල් කුක්කෙකි.මේ ස්ථාන මාරුවීමේ සැබෑ අවශ්‍යතාව අනාවරණය වෙන්නේ මෙහිදීය.
මේ වන විට ඡේ.නි.පොලිස්පති දේශබන්දු සම්බන්ධයෙන් බරපතල අධිකරණ ක්‍රියාවලියක් පවතී.9/5 ගාලු මුවදොර ප්‍රහාරය වලක්වා නොගන්නා ලෙසට තමාට උපදෙස් දුන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් හා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න බව ඔහු අපරාද විමර්ශන දෙපාර්තමේන්තු
වට ප්‍රකාශයක් ලබා දී තිබේ. දේශබන්දු ගේ මේ ප්‍රකාශය සාවද්‍ය බව වග උත්තරකාර පාර්ශවයන්ද අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ.මෙහිදී දේශබන්දුට එරෙහිව ප්‍රකාශයක් ලබා දුන්නා යැයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාට වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට දුරකතනය මගින් ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් නියෝග කර ඇතැයි කියවෙන ප්‍රවෘත්තියක්ද ඇතැම් ජනමාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණි.
අපට වාර්තා වන ආකාරයට දැන් සියල්ල සිද්ධ වෙන්නේ ඡේ.නි.පො දේශබන්දු අත් අඩංගුවට නොගෙන සිටීමේ ක්‍රියා දාමයක් බව පැහැදිලිය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් සිද්ධ වෙන්නේ ඒ අවශ්‍යතාවට ගැලපෙන ආකාරයටය.
කෙසේ වෙතත් මේ වන විට නිල නොවන පොලිස්පති වරයා ඇවන්ගාඩ් සේනාධිපතිය.ඇවන්ගාඩ් සේනාධිපතිට වත්මන් පොලිස් පති ඇලජික්ය.ඒ ඔහුට නඩු නැති බවට නිශ්කාෂණ වාර්තාවක් ලබා ගැනීමට ගොස් ඇති වූ සිද්ධියක් නිසාය.ඇවන්ගාඩ් සේනාධිපතිට එරෙහිව තවමත් නඩු කිහිපයක් අධිකරණයේ විභාග වෙමින් තිබෙන නිසා ඒ බව සඳහන් නොකර නිශ්කාෂණ වාර්තාවක් ඇවන්ගාඩ් සේනාධිපති වෙත නිකුත් කිරීමට නොහැකි බව වත්මන් පොලිස්පති වරයා විසින් ප්‍රකාශ කර තිබේ.පොලිස්පති වරයා ගේ තරු ඔටුනු ගලවා ගෙදර යැවීමට ඇවන්ගාඩ් සේනාධිපති ට්‍රයි කරන්නේ මේ සිදුවීම හිතේ තියාගෙනය.අනතුරුව දේශබන්දු පොලිස්පති පුටුවේ වාඩි කරවීමද ඇවන්ගාඩ් සේනාධිපතිගේ අපේක්ෂාව බව පෙනී යයි.
පොලීසිය ඇතුලේ මේ සිද්ධ වෙන තොවිලය ගැන රට්ටු නොදනී.බැසිල් රාජපක්ෂ ගේ තක්කඩි කෙරුවාව රාජපක්ෂ සනුහරයේ ආරක්ෂාව සදහා මිස රටේ පොදු ජනතාවගේ ශුභ සිද්ධිය සඳහා නම් නොවේ.