උණුසුම් පුවත්

කාලකණ්නි රාජපක්ෂ වරු ගොඩ දාන අගමැති රනිල් ගේ තක්කඩි ගේම

Spread the love

රනිල් වික්‍රමසිංහ අගමැති වරයා වශයෙන් මිල්ටෙරි නන්දසේන විසින් පත් කරන ලද්දේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් මිල්ටෙරි නන්දසේන සමග සාකච්ඡා කරමින් සිටියදී බව පාම හර්ෂද සිල්වා  මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.එහෙත් තම පක්ෂයේ මැදිහත් වීම් නොසලකා මිල්ටෙරි නන්දසේන රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කරන ලද්දේ කොන්දේසි වලින් තොරව තනතුර බාර ගැනීමට ඔහු කැමති වූ නිසා බව පාම හර්ෂද සිල්වා එහිදී වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ගාලු මුවදොර ප්‍රහාරයට පසුව රට තුළ මතුවන ඇවිලීම නිසා මිල්ටෙරි නන්දසේන සිටියේ අංඥ කුරුස් වෙලාය. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ සනුහරයම බිත්තියට හේත්තු වී බය බිරාන්ත වී සිටිය බවද අමතක කළ යුතු නැත.ඉන්පසුව රට පුරා මහා වැඩ වර්ජනයක් දියත් කිරීමට කටයුතු සැළසුම් කර තිබුණි.ඉල්ලා අස්වීමකින් තොරව වෙන අතරමැදි සාමයක් මිල්ටෙරිි නන්දසේනට⁣ නොතිබුණි. රාජපක්ෂ සනුහරය ගලවා ගැනීමට රනිල් වික්‍රමසිංහ ගේ තක්කඩි මැදිහත් වීම සිද්ධ වන්නේ මේ තීරණාත්මක මොහොතේය.
මේ පත්වීමත් සමගම රාජපක්ෂ සනුහරය නැවතත් අළු ගසා නැගිට ගත් බව දකින්නට ඇත.එයට හොඳම උදාහරණය නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමේ සිද්ධියයි. එහිදී හතර ගාතෙන් වැටී සිටි පෙහොට්ටුවන් ගේ පාර්ලිමේන්තු බල ආධිපත්‍ය මනාව තහවුරු විය.
නැවතත් තිරය පිටුපස රාජපක්ෂ ජඩ ත්‍රාඩ දේශපාලනය ක්‍රියාත්මක වෙමින් පවතී.වෙනදා මෙන්ම විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු බිලි බා ගැනීම බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් සිදු වේ. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහට කරන්නනට පුළුවන් ලබ්බක් නැත.
ඒ මන්ද යත් පොහොට්ටු මන්ත්‍රීවරු නැටවෙන්නේ බැසිල් රාජපක්ෂගේ නියෝග වලට මිස අගමැති රනිල් ගේ ඔිනෑ එපාකම් වලට  නොවන නිසාය.මේ වන විටත් ජනතා අප්‍රසාදයට හා පිළිකුලට ලක්වූ පිරිසක් අමාත්‍ය මණ්ඩලයට පත් කර තිබේ.
හිරේ ලැග්ග අලස් පොලිස් ඇමති…...
මෙහිදී පොලිස් ඇමති ලෙස පත් කර ගෙන සිටින අලස් යනු රනිල් ගේ ජන්මාන්තර වෛරක්කාරයෙකි.මේ පත් වීම නිසා අගමැති රනිල්ට පොලීසිය හසුරවන්නට බැරි වන එක නිසැකය.අලස් යනු අපරාධ චෝදනාවන්ට බන්ධනාගාර ගත වූ  තැනැත්තෙකි.වෙළඳ අමාත්‍යය වරයා ලෙස පති කර ඇති  මන්ත්‍රීවරයාද  යහපාලනය සමයේ සතොස වංචාවකට බන්ධනාගාර ගතවූ අයෙකි.
කොටින්ම කියතොත් අගමැති රනිල් ගේ කැබිනෙට්ටු වේ සිටින අති බහුතරය රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කුවේ නැළවුන දූෂිතයන්ය.මෙම දූෂිතයන් සමග ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව  තක්කඩි රාජපක්ෂ වරුන්ට නැවත වාරයක් ආරක්ෂාව සැලසීම මිස අන් යමක් නොවන බව ස්ථිරය.ඔහුගේ නව දේශපාලන සංස්කෘතිය යනු ව්‍යාජයකි.
රනිල්ගේ මෙම ව්‍යාජ රඟපෑම….
රනිල්ගේ මෙම ව්‍යාජ රඟපෑම රට තව තවත් වල පල්ලට වැටෙන එකනම් නිසැකය.රනිල්ට ආර්ථිකය ගොඩ නැගීමට කිසිම සැලැස්මක් නැති බව මේ වන විට තහවුරු වී තිබේ.ලොව පුරා සිටින කිසිම ආයෝජකයකු රනිල් වෙනුවෙන් ඉදිරිපත් වී ඇත්තේද නැත.රනිල් වික්‍රමසිංහ යනු අධිකාරි වාදී අන් මත වලට කන් නොදෙන පෞද්ගලික ලිංගික වුවමනා එපාකම් අනුව පුද්ගල චරිත තමන් ගේ විශ්වාසවන්තයන් ලෙස සමීපයෙහි තබා ගෙන සිටින දේශපාලඥයෙකි.⁣
වජිර නැමති දුෂිතයා හා දේශබන්දු…….
රනිල් ගේ දේශපාලන සමීපතමයන් ⁣මේ වන විටත් රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරකම් වලට යම් යම් අත පෙවීම් කරන බවට  අප හට වාර්තා වී තිබේ.
එහිදී නීතිපති වරයා විසින් ස්ථාන මාරු කිරීමට නියෝග කර ඇති ඡ්‍යෙ.නි⁣.පොලිස් පති දේශබන්දු ගේ එම ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකරන ලෙසට එජාප සභාපති වජිර අබේවර්දන පොලිස්පති වරයාට  උපදෙස් දී ඇත.සැබැවින්ම ඒ සඳහා වජිර අබේවර්දනට අත් උදවු සපයන්නේ ඇවන්ගාඩ් නිශංක්ක සේනාධිපතිය. මොවුන් දෙදෙනා ගජ මිතුරන්ය.
ඇවන්ගාඩ් සේනාධිපති සිරකරුවන් ගේ ශ්‍රමය මංකොල්ල…..
පසුගියදා සිදුවූ ගාළු මුවදොර ප්‍රහාරයට සිරකරුවන් යොදවා ගන්නා ලද්දේ මේ ඇවන්ගාඩ් සේනාධිපතිය.මෙම තක්කඩියා සිරකරුවන් ගේ ශ්‍රමය පෞද්ගලික ආයතන වලට විකුණා කමින් සිටී.පෞද්ගලික ආයතනයකට සිරකරුවකු ලබා දෙන ශ්‍රම දායකත්වය වෙනුවෙන් දිනක වැටුප ලෙස රුපියල් තුන් දහස් හාරසියයක මුදලක් ගෙවනු ලබයි.එහෙත් ඉන් සිරකරුවෙකු වෙත ලැබෙන්නේ රුපියල් හාරසියයක මුදලක් වන අතර රුපියල් දාහක් බන්ධනාගාරයට ලබා දී ඉතිරි රුපියල් දෙදාහක්  ඇවැන්ගාඩ් නිශංක්ක  සේනාධිපති විසින් ලබා ගනී.
ඇවන්ගාඩ් සේනාධිපති සිරකරුවන් ගේ ශ්‍රමය මංකොල්ල කන්නේ එහෙමය. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද මේ ගජ මිතුරු කල්ලියේ අයෙකි.මේ තක්කඩියන් සියළු දෙනා නැවතත් රාජපක්ෂ සනුහරය ඔසවා තබන්න⁣ට කටයුතු කරනු ඇත. සිද්ධවෙමින් තිබෙන සියළු කාරණා පෙල ගැසෙමින්  තිබෙන්නේ තක්කඩි රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයටය.
හෙට අනිද්දා වන විට පාර්ලිමේන්තුව තුළ පොහොට්ටු බලය ක්‍රියාත්මක වන ආකාරය දැක ගත හැකි වනු ඇත.ඒ ක්‍රියාත්මක වීම පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ බව පැහැදිලි සත්‍යයයි.රනිල් වික්‍රමසිංහ ගේ විගඩම් දේශපාලනය ජනතාව වටහා ගන්නා විට තක්කඩි රාජපක්ෂ වරු සිය දේශපාලනික බලය නැවත තහවුරු කර ගෙන අවසන් වන්නට පුළුවන. රාජපක්ෂලා එලවීමට පෙර රනිල් නැමති කපටි තක්කඩියා එලවා දැමිය යුතුය.

Spread the love

Leave a Comment

You may also like