උණුසුම් පුවත්

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

Spread the love

මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි.     
අප විසින් මීට මාසයකට ඉහතදී  විරෝධතා කරුවන්ට පහරදීමට සීඑස් ගෑස් යොදාගැනීමට මිල්ටෙරි නන්දසේන සූදානම් බවට වාර්තා කරන ලදී.මේ තොරතුර කිසිවෙකුගේ විශේෂ අවධානයට ගත් බවක් දකින්නට තිබුණි.අප මේ සීඑස් ගෑස් භාවිතා කරන්නට ආණ්ඩුවේ පවතින සූදානම ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ තරිදු උඩුවරගෙදර ගෙදරද  පෞද්ගලිකව දැනුවත් කිරීමට අප විසින් කටයුතු කෙරිණි.එහෙත් ඔහුද එය එතරම් බරපතල හෝ සත්‍ය තොරතුරක් නොවන බවට සිතා සිටි බව පැහැදිලිය.කෙසේ වෙතත් මෙරට මාධ්‍යවේදීන් යනු “සියල්ල දන්නා වැඩ්ඩන්” පිරිසක් බැවින් අප විසින් ලබා දුන් ඒ තොරතුර නොතකා හරින්නට ඇත.
මෙම සීඑස් ගෑස් භාවිතයට ගන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් වලදීය.මෙරට එක් අවස්ථාවකදී පමනක් මෙම සීඑස් ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලද බව දැක්වේ.ඒ අසූව දශකයේ මුල් භාගයේ වනාතමුල්ල පිහිටි ගුවන්  හමුදා විවාහක නිවාස වලට පහරදීමට පැමිණි වනාතමුල්ල ප්‍රදේශවාසීන් විසුරවා හැරීමටය.එම ප්‍රහාරය සිදු කරන ලද්දේ කොමාන්ඩෝ රෙජිමෙන්තුව මගිනි.
මේ සීඑස් ගෑස් බ්‍රිතාන්‍යයේ කාසන් හා ස්ටෝලන් නම් සොහොයුරන් විසින් නිශ්පාදනය කරන ලද ප්‍රහාරක අවියක් වන අතර ඔවුන්ගේ නම් වල මුල් අකුරුවලින් මෙය හඳුන්වා තිබේ.සීඑස්  ගෑස් ප්‍රහාරයක් සිද්ධ වූ විට ක්ෂණිකව  එය විසිරී යයි.කඳුළු ගෑස් කෑනයක් මෙන් එය ආපස්ස⁣ට විසි කිරීමටද නොහැකිය.ඉන් විසිරෙන ගෑස් යම් පුද්ගලයකු ඉතා ඉක්මනින් ශ්වසන අපහසුතා ලක් කරන අතර ශරීරය පුරාම දැවිල්ල හට ගනී.අධික වමනය ඇති කරවයි.ශරීරයේ හට ගන්නා අධික දැවිල්ල නැති කර ගැනීමට ජලය භාවිතා කළ හොත් එම වේදනාව දෙගුන තෙගුන වේ.මෙයට ඇති එකම ප්‍රතික්‍රියාව වන්නේ ශරීරයට දාදිය දමන තුරු දිවීමය.සීඑස් ගෑස් ප්‍රහාරයක් ශ්වසන ආබාධ ඇත්තෙකුට දරා ගත නොහැකිය.මින් යමෙකු සිහි විකල තත්වයට පත් කෙරේ.මරණය පවා සිඳුවිය හැකිය .
විරෝධතා කරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කරන ලෙසට ආරක්ෂක කමිටුවේදී මිල්ටෙරි නන්දසේනට යෝජනා කරන ලද්දේ ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපතිය.ඔහුට මෙම සීඑස් ගෑස් පිළිබඳව අවබෝධයක් ඇත්තේ ඔහු කමාන්ඩෝ රෙජිමෙන්තුවේ මේජර්වරයකු ලෙස සේවය කර ඇති නිසාය.
මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව සාමකාමී නිරායුද විරෝධතාකරුවන් විසුරවා හැරීමට සීඑස් ගෑස් භාවිතා කිරීම ජාත්‍යන්තර යුද නීතිය පවා උල්ලංඝනය කිරීමකි.මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම ජිනීවා මානව හිමිකම් කොමිෂම වෙත වහාම පැමිණිලි කළ යුතු බව අපගේ අදහසයි.

Spread the love

Leave a Comment

You may also like