උණුසුම් පුවත්

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

Spread the love

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් සලේ හා සේනාධිපති එකව ඉතාමත්ම බරපතල තත්වයක් රට තුල නිර්මානය කිරීමට අවශ්‍ය පුද්ගලයන් මුදලට යොදවා සිටින බව ඉතාම රහසිගතව ලද බුද්ධි තොරතුරක් විශ්වාසවන්ත පුද්ගලයෙකු අපවෙත ලබාදී ඇත.

මෙම දෙදෙනාම විවිධ සමාජ මට්ටම් වල සිටින නොසිතන ආකාරයේ පුද්ගලයන් කණ්ඩායමක් රට පුරාම යොදවා සිටි. පාස්කු ප්‍රහාරය පිලිබදව තමන් ගේ නම් ගෑවි තිබෙන මෙම පුද්ගලයන්ට උවමනා කෙසේ හෝ රාජපක්ෂ රෙජිමය බලයේ පවත්වාගෙන යාමටය. රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින් යොදවා විශාල විනාශයක් කිරීමට ද මෙම පුද්ගලයන් දැනටන්මත් කටයුතු කරමින් සිටින බව අපගේ යුධ හමුදා ජේෂ්ඨ නිලධාරියා දැනුම් දුනි.

ඔහු විස්තර කරන ආකාරයට මේ වෙනුවෙන් විශාල මුදලක් බුද්ධි අංශයෙන් යොදවා තිබෙන බවත්, පැවසීය එසේම සේනාධිපති විසින්ද ,තම මුදල් යොදවමින් සලේටම සේවය කරන ආකාරයට තවත් විවිධ තරා තිරම් වල පුද්ගලයන් හා විවිධ ආගමික නායකයන්ද මිලට ගෙන ඇති බවත් පැවසීය.

මේ නිසා අප ඉතාම වගකීමෙන් රටේ විපක්ෂ නායක ඇතුළු සියළු පක්ෂ නායකයන් ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සියළුම දෙනා තම තමාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් පසෙකට දමා රාජපක්ෂලා එලවීමේ එකම තැනකට එක් විය යුතු බවයි.

එසේ නොවුන හොත් ඔබලාට ද රාජපක්ෂලාට දෙවනි නොවන කැමක් නම් යම් දිනයක කන්න වෙන බව සහතිකය. ඒ අපේ මහපොලවේ දකින ඇත්තය.

සුරංගනා කතා කියා නලවන මිනිසුන් දැන් නැති බව කොයි කවුරුත් මතක තබාගෙන හමුදා ජුන්ටාවට පාර කැපිල්ල වහාම නතර කල යුතුය. සලේ ලාගේ උවමනාව මේ සියලු විනාශයන් පෙරටුගාමින් හා ජනතා විමුක්ති පෙරමුණ තුලට බැරවෙන බව  බැර කිරීමට සියළු උපක්‍රමයන් යොදවා ඇත.

රාජපක්ෂලා එලවීමට සියළු පක්ෂ එක්විය යුතුය. එසේ නොමතිව තනි තනිව රජවීමට ගිය හොත් තවත් දවසක රාජපක්ෂලාට නොදවෙනි කෑමක් නම් කන්න සිදුවන බව අපිට සහතිකය.


Spread the love

Leave a Comment

You may also like