උණුසුම් පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් හෙළිදරවිවක්

Spread the love

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමගම මෙරට ව්‍යවස්ථාදායක

යේ බලය මිල්ටෙරි නන්දසේන⁣ට හිමි වී තිබේ.මේ මානසික ආබාධිතයා සිය බලය තහවුරු කර ගැනීම සඳහා ජීවිත ගනනාවක් බිලි ගැනීමට සැලසුම් කරනු ඇති බවට අපට සැකයක් මතු වී ති⁣බේ. දැනට සිදුවෙමින් පවතින හා වාර්තා වන තොරතුරු වලින් තහවුරු වන්නේ ආණ්ඩුවට එරෙහි සාමකාමීව 
විරෝධතා පවත්වන්නන් ගේ පාලනයෙන් තොරව නන්නාඳුන සන්නද්ධ කල්ලි විවිධ සාහසික ක්‍රියාකාරකම් කරමින් සිටින බවය.
අද දින කිසියමි පිරිසක් විසින් ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන්ට පහරදී තිබුණි.මෙම පහරදීම දේශබන්දු තෙන්නකෝන් විසින්ම සැලසුම් කළ පිටපතක් බව අපගේ දැඩි විශ්වසයයි. කිසිදු ආරක්ෂකයකු නොමැතිව ⁣දේශබන්දු එම ස්ථානයට යාම පවා සැක සහිත කාරණයකි.මෙරට පාතාලය හා ගනුදෙනු  කරන අංක ⁣එකේ පොලිස් නිළධාරියා දේශබන්දුය.ගාලු මුවදොර සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීම සම්බන්ධයෙන් ඡෙනිපො දේශබන්දුට එරෙහිව චෝදනා නැගෙමින් තිබෙන වටපිටාවක මෙම පහරදීම පිළිබඳව නැවත නැවතත් දැඩි අවධානයකින් 
විමසිය යුතු සිදුවීමකි. 
කෙසේ වෙතත් මෙවැනි අභව්‍ය සිදුවීම් පිළිබඳව වාර්තා වන වටපිටාවක
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කොට පවසන ලද්දේ මෙරට  ආණ්ඩුවට සම්බන්ධ මැර කණ්ඩායම් යොදවා අද රාත්‍රියේදී පොලිස් ස්ථාන කිහිපයකට පහරදී එම සාහසික
ක්‍රියාව පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරිකයන් විසින් සිදු කරන ලද බවට ප්‍රචාරය කිරීමේ සැලසුමක් අනාවරණය වී ඇති බවය.මෙම කුමන්ත්‍රණකාරී සැලසුම හමුදා පාලනයකට පසුබිම සකසා ගැනීමක් ලෙසද ඔහු පෙන්වා දෙයි.
 මේ වන විට හමුදාපතිවරයා රට තුළ කඩාකප්පල් කාරීන්ට වෙඩි තැබීමට නියෝග කර තිබේ.ව්‍යවස්ථාදායකයේ බලය හැසිරවීමට ජනපතිවරයාට ලැබී තිබෙන අවස්ථාවක ⁣රට තුළ හමුදාමය මැදිහත් වීම් වේගවත් වන්නට ඉඩ ප්‍රස්ථාව වැ⁣ඩි විය හැකිය.මේ අතර ඉන්දියාවේ දේශපාලන නායකයකු වන   සිවසුබ්‍රනියම් සාමි ටුවිටර් පණිවුඩයක සඳහන් කර ඇත්තේ ලංකාවේ පවතින දේශපාලන අර්බුදය සමනය කිරීමට ඉන්දියානු හමුදා යෙදවිය යුතු බවය.
සිවසුබ්‍රමනියම් සාමි රාජපක්ෂ පවුලේ සමීපතම මිතුරෙකි.මෙි සියළු කාරණා සම්බන්ධ කර ගනිමින් රාජපක්ෂ වරුන්ගේ වර්තමාන ක්‍රියා කළාපය පිළිබඳව විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ ඔවුන් පාලන බලය ලේසියෙන් අත් හැර නොයන වගය.

Spread the love

Leave a Comment

You may also like