මේ වන විට අරලිය ගහ මන්දිරය ඉදිරිපිට යුද පිටියක ස්වරූපයක් ගෙන තිබේ.යෝෂිත රාජපක්ෂ විසින් ගෙන්වන ලද ලුම්පන් ආධාරකරුවන්
මයිනා ගෝ ගම සිටි තරුණ තරුණ තරුණියන්ට පහරදී එහි තිබූ සියළු කූඩාරම් හා ආම්පන්න පුළුස්සා දමන ලදී.
ලංකාවේ සෑම ප්‍රදේශයකම පොදු ජන පෙරමුණු මහජන නියෝජිතයන් විසින් සංවිධානය කොට ගෙන්වන ලද මෙම සාහසික පිරිස අමතා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආවේගශීලීව රාජපක්ෂ වරුනට එරෙහි ජනතාව මරා දැමිය යුතුය යන්න අනියමාර්ථයෙන් ඇඟවීමක් කර තිබේ.ඔහුගේ මුළු කතාව තුළම ඇත්තේ රාජපක්ෂ වරුන්ට
පක්ෂපාතීත්වය දක්වමින් අරලිය ගහ මන්දිරයට ආ ජනතාව මැර හා සැහැසි
ක්‍රියාවකට ජනතාව පෙළඹවීමයි.මහින්ද රාජපක්ෂ රාජපක්ෂ නැති
රජයක් ගොඩ නැගුවහොත් රට තුල මහා විනාශයක් ඇති කරන බවද ඔහු පැවසුවේය.
මෙම සාහසික සැලැස්ම ක්‍රියාත්මක කරන ලද්දේ යෝෂිත රාජපක්ෂ ඇවැන්ගාඩ් සේනාපති හා මේජර් ජනරාල් නිවුන්හැල්ල විසින් බව අප ඊයේ අනාවරණය කරුවෙමු.ඉතා සාමකාමීව පැවැති විරෝධතාවන් වලට ඉතා සාහසික ආකාරයෙන් පහරදී රට තුල විශාල අර්බුදයක් නිර්මාණය කොට බලය ආරක්ෂා කර ගැනීම තක්කඩි කාලකණ්නි පාදඩ මිනීමරු රාජපක්ෂ වරුන්ගේ අපේක්ෂාව වී තිබේ.
මේ තත්වය යටතේ තක්කඩි රාජපක්ෂ වරු සමග අතරමැදි සාමයක් අවශ්‍ය නැති බව අප අවධාරණය කරමු.එසේම අරලිය ගහ මන්දිරයට පැමිණි සාහසික පිරිස් පෙළඹවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාද කරුවකු ලෙස වහා අත් අඩංගුවට ගත යුතු බවද අපි ප්‍රකාශ කරමු.