මිල්ටෙරි නන්දසේනට හා අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව සංවිධානය වී ඇති ගෝඨාභය හා මයිනාගම සිටින විරෝධතා කරුවන්ට හෙට දිනයේදී පහරදීමේ සැලසුමක් අප හට වාර්තා වී තිබේ.මෙම පහර දීම
යෝෂිත රාජපක්ෂ විසින් කොළඹට කැඳවා ඇති පොදුජන පෙරමුනේ පලාත් පාලන ආයතන වල නියෝජිතයන් විසින් කැඳවා ගෙන එනු ලබන පාතාල මැර කණ්ඩායම් හරහාද මේජර් ජනරාල් නිවුන්හැල්ල විසින් යෙදවූ හමුදා භට සේනාංකයක් හා ඇවන්ගාඩ් සේනාධිපති ගේ ආරක්ෂක සේවාවට අයත් ආරක්ෂක භටයන් හරහාද මෙම ප්‍රහාරය එල්ල කිරිමට සැලසුම් කර තිබේ.ඒ අතරේ ඇතිවන ආරවුල මර්දනය සඳහා නිපෝ දේශබන්දු යටතේ කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද යෙදවීමට අපේක්ෂිතය.
මේ වන විට මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සදහා අවසන් නියෝග නිකුත් කර තිබේ. එබැවින් හෙට දිනයේදී ගෝඨාගෝගම හා මයිනා ගම සිටින විරෝධතා කරුවන් දැඩි අවධානයෙන් සිටින ලෙස අපි ඉල්ලා සිටිමු.
මේජර් ජනරාල් නිවුන්හැල්ල ගේ අණ දීම යටතේ ප්‍රහාරයට සූදානම් වෙන භට කණ්ඩායම් මේ වන විටත් ගෝඨාගම ආසන්නයේ ස්ථානගත කර තිබේ.ඇවන්ගාඩ් සේනාධිපති විසින් පිටකෝට්ටේ පිහිටි ඇවන්ගාඩ් කාර්යාලයට අද රාත්‍රියේදී ප්‍රහාරකයන් කැඳවා ඇති බව වාර්තා වේ.ප්‍රථමයෙන් පලාත් පාලන නියෝජිතයන් හා විරෝධතා කරුවන් අතර ආරවුලක් ඇති කොට පසුව ඉහත දෙපාර්ශවය මෙම ආරවුලට මැදිහත්වීමට සැලසුම් කර ඇති බව අප වෙත හමුදාවේ නිළධාරියකු දන්වා සිටින ලදී.
කෙසේවෙතත් මේ වන විට හමුදාව තුළ ශවේන්ද්‍ර පාර්ශවය හා රාජපක්ෂ විරෝධී කණ්ඩායම වශයෙන් පැහැදිලි බෙදීමක් ඇති බවත් හෙට විරෝධතා කරුවන්ට පහරදීමේ සැලසුම තුල හමුදාව බෙදී සටන් කිරීමේ අවදානමක් පවතින බවද එම හමුදා නිළධාරියා ගේ අදහසයි.
අගමැති මහින්දගේ ඉල්ලා අස්වීම යන යකා කොරහත් බිඳ ගෙන යාමක් විය හැකියැයි අප සිතා ගත යුතුය.එහෙත් එය කෙසේ කොතනින් ඇරඹී කවර හැඩයකින් අවසන් වුවත් එය මහා ඛෙිදවාචකයක් වන බව නම් නිසැකය
