ගෝඨාභය රාජපක්ෂට ඇත්තටම පිස්සු බව අපි පුන පුනාම කීවේ මේ නිසාය. ලංකා රෝහලේ විශේඥ වෛද්‍ය රනිල් ජයවර්ධන ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ඇමති (අ) ප්‍රසන්න ට අද අපුරු පාඩමක් කියාදීමට තරන් ශ්‍රි ලාංකීය පුතෙකුට කොදු නාරටියක් තිබීම පිලිබදව “ලංකා දවසේ” අපේ ගෞරවය පිරිනමන්නෙමු.
ඒ පාර්ලිමේන්තුවේ ඇති තුට්ටු දෙකට කණ කෑම ලවක්, දෙවක් නොමතිව ගිල දමා මේ වනවිට නැවක් සේ බඩ නෙරා යෑමෙන් ඇතිව තිබෙන රෝගි තත්වයකට ප්‍රතිකාර ගැනීමට මොහු ලංකා රෝහලට වෛද්‍යවරයාව හමුවීමට පැමිණ ඇත. ඒත් විශේඥ වෛද්‍ය රනිල් ජයවර්ධන විසින් ඔහු ගෙව් මුදල ආපසු ගෙවා ප්‍රතිකාර නොකිරීමට වගබලාගෙන ඇත.
ඒත් යමෙකුට වෛද්‍යවරයෙකු එසේ කිරීම සදාචාරාත්මක නැතිබවට කිව හැකිය. එසේම ප්‍රසන්නගේ රෝගය පිලිබදව ඕනෑම අයෙකුට සන්වේදි විය හැකිය. ඒත් මේ අප්‍රසන්න රණතුංගට බෙහෙත් ලබාදීම ප්‍රතික්ෂේප කල ඒ වෛද්‍යවරයා සිදු කොට ඇත්තේ එදා (අ) ප්‍රසන්න රණතුංගම පාර්ලිමේන්තුවේ කී ආකාරයට… ” එක් පුද්ගලයෙක් මැරිලා 300 ක ගේ ජීවිත බේරා ගැනීමට පුළුවන් වුවා …” යැයි.
ඔහුම කියන වාසේම ප්‍රසන්නට බෙහෙත් නොකර මොහු මර ඇදුනොත් රටේ සමස්ථ ජාතියටම එක් පිලලයක් නැතිවනු ඇත. එසේම ඔහුවැනි මදාවියෙකු පොලිසිය භාර කොට රටේ අහිංසක දරුවන්ට හා රටේ ජනතාවට එල්ලකරන මැර ප්‍රහාරවලින් ජනතාව මිදෙනු ඇත.
ඒ නිසාම වෛද්‍ය රනිල් ජයවර්ධනට නැවතත් අපේ ප්‍රනාමය . එසේම මේ ආකාරයටම අනාගතේ පාර්ලිමේතුවේ සිටින සියල්ලටම ජනතාව ප්‍රතිචාර දැක් වීමට ඉඩ තිබෙන බවට අපට හැගේ. එ නිසාම දැන් ජනතාව තම පරමාධිපත්‍ය අවබෝධ කොට ගෙන තිබීම සතුටට කරුණකි.