රාජක්පක්ෂ සනුහරය මෙලෝ සම්මෙකට පාලනය හා බලය අත්හරින
බවක් පෙනෙන්නට නැත.ඔවුන් සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ
උපාය උපක්‍රමයන් භාවිතා කරමින් සිටී.ඒ උපාය උපක්‍රමයන් තුළ ඇත්තේ මෙරටජනතා රාජක්පක්ෂ සනුහරය මෙලෝ සම්මෙකට පාලනය හා බලය අත්හරින බවක් පෙනෙන්නට නැත.ඔවුන් සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ උපාය උපක්‍රමයන් භාවිතා කරමින් සිටී.ඒ උපාය උපක්‍රමයන් තුළ ඇත්තේ මෙරටජනතාව වෙනුවෙන් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා රාජපක්ස වරුන් ඕනෑම වේලාවක පෙනී සිටින බව ඇඟවෙන ව්‍යාජ නිරූපනයකි.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කරද්දී ඉතා දරදඬු චරිතයක් ලෙස ප්‍රකට වූ මිල්ටෙරි නන්දසේන මෙරට ජනතාවගේ අරගලය මිල්ටෙරි බලය යොදා මර්දනයට පෙළඹී නැත්තේ මක් නිසාද යන්න ඇතැමුන්ට ඇති ප්‍රශ්ණයකි.සැබැවින්ම දැන් මිල්ටෙරි නන්දසේනට එසේ කරන්නට හැකියාවක් නැත.රටේ බංකොලත් වෙලාය.මිල්ටෙරි මර්දනයක් සඳහා සහයෝගය දක්වන කිසිදු රටක් නැත. ජාත්‍යන්තරය පුරාම ඇත්තේ රාජපක්ෂ වරුන්ට එරෙහි විරෝධයකි.මෙරට දැනට පවතින අරගලය ආරම්භයේදී හමුදාපති ශවේන්ද්‍ර ගොන් වස්සා ලවා එය මර්දනය සඳහා මිල්ටෙරි සැලසුමක් සකස් කළද එය ලත් තැන ලොප් විය. එහිදී වඩාත් බලපෑවේ විදේශ විනිමය හිඟකමය.වැයවෙන සෑම උන්ඩයක්ම ආණ්ඩුව තවත් හිඟමනට ඇද දමන්නටහේතු වෙන සාධකයක් විය.
මෙවැනි බංකොලොත් රටකට යුද ආධාර දෙන්නට කිසිදු රටක් මැදිහත් නොවන බවද මිල්ටෙරි නන්දසේන කල්පනා කෙරුවා වෙන්නට ඉඩ ඇත.ආරක්ෂක හමුදා සන්තකයේ තියෙන කඳුළු ගෑස් උණ්ඩ තොගය අවසන් වුවහොත් රාජපක්ෂ සනුහරයට හොම්බෙන් යන්නට සිදුවෙන බවද අවධානයට ගන්නට ඇත.දැන් ගෙවී යන හැම තත්පරයකම මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂතක්කඩියන් කල්පනා කරමින් සිටින්නේ හිරේ විලංගුවේ නොවැටී ඉන්නා විදියක් ගැන බව පැහැදිලිය.දැන් රාජපක්ෂ වරුන් ගෙන් යැපුන ගෝපයියන් උකුනන් ඉනිකුනන් පවා ඔවුන්ට එරෙහිව පාරට බසිමින් සිටින වෙලාවකි.හෙට දවස ඔවුන්ට එරෙහිව පවතින අරගලය මීට වඩා ප්‍රබල විය හැකිය.ඒ දැන් නාගරිකයන් හා අර්ධ නාගරිකයන් විසින් කරගෙන අරගලය ගම තුළටද කාන්දු වන හෙයිනි.මේ ආර්ථික අර්බුදය තවමත් ගමට බලපා නැත.
එය හෙට අනිද්දා වන විට ස්ථිර වශයෙන්ම ගමට දැනෙන්නට පටන් ගනී.ඒ තේ කුරුදුු හා කෘෂි අර්ථිකය හොම්බෙන් යන මට්ටමට බිමට සමතලා වී ඇති නිසාය.ඉඳිකිරීම් ක්ෂේත්‍රයටද බඩු හරිය. මේ මොනවා වුනත් රාජපක්ෂ තක්කඩියන් නම් බලය අත් හරින්නේ නැති බවට කැට තියා පවසන්නට පුළුවන.ගොවාතමාලාව පාලනය කළ දූෂිත ජනාධිපතිවරයකු වූ පෙරෝස් මොලීනා බලයෙන් පහකිරීමට එරට ජනතාව කළ අරගලය අද මෙරට ඇවිලෙන ගාළු මුවදොර සටනට සමානය.ගොවාතමාලවේ ජනතාව පාරට බැස අරගල කළද ජනපතිවරයා තුළ බලය අත් හැර යාමේ අදහසක් නොවීය.ඔහු ඒ සඳහා රටේ ව්‍යවස්ථාව ආරක්ෂක බංකරයක් කර ගත්තේය.තමන්ට රටේ බලය ලැබී ඇත්තේ මහජනයාගේ කැමැත්තෙන් බව ඔහුගේ තර්කය විය.
ඉන්පසු ගොවාතමාලාවේ ජනතාව වැටලුවේ එහි තිබූ මැතිවරණ දෙපාර්තමේන්තුවයි.ජනතාවගේ ඉල්ලීම වූයේ ජනපතිවරයාට ඇති ජනතා කැමැත්ත පිළිබඳව විමසීමට වහාම මැතිවරණයකට යන ලෙසය.ජනතා ඉල්ලීමට කන් දීමට ගොවාතමාලා මැතිවරණ දෙපාර්තමේන්තුවට සිදු වූ අතර අද එම දූෂිත ජනාධිපතිවරයා සිටින්නේ සිරගෙදරය. මෙරට පවතින දැඩි ආර්ථික අර්බුදය මැද මැතිවරණයක් පැවැත්වීම හිතන්නටවත් බැරිය.ඒ බැරි බැරියාව තුළ ආරක්ෂාව ඇත්තේ මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරයටය.එය එසේ වන්නේ නම් දැන් අප කුමක් කරමුද යන ප්‍රශ්ණය මතු වීම සාධාරණය.
ලංකා දවස අප යෝජනා කරන්නේ මිල්ටෙරි නන්දසේනට දැනට ජනතාව අතර පවතින ජනතා ප්‍රසාදය පිළිබදව විකල්ප ඡන්දයක් රට පුරා පැවැත්විය යුතු බවය.ඒ මැතිවරණය පැවැත්විය යුත්තේ දැනට මහපාරේ පවතින රාජපක්ෂ විරෝධයේ තවත් එක් දිගුවක් විදියටය.
නෛතික මැතිවරණයකද මෙරට ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ 12845 කට ආසන්න සංඛ්‍යාවකි.ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43 කි. විකල්ප මැතිවරණයක් පැවැත්වීම හා ඒ ආශ්‍රිත වැඩ පිළිවෙල සකස් කිරීමට අවශ්‍ය කෙරෙන මානව සම්පත ඇති තරමට මිල්ටෙරි නන්දසේනට එරෙහි අරගල භූමියේ සිටී.මෙරට පැවැති අවසාන මැතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ 92096කි.මෙවැනි විකල්ප මැතිවරණයක් සැළසුම් කරන්නේනම් ඒ සදහා සහාය දක්වන සිවිල් සමාජ සංවිධාන ඕනෑ තරම් මෙරට සිටින බවට සැකයක් නැත.
ඒ සඳහා පළපුරුදු වෘත්තිකයන්ගේ සහයෝගයද ලැබෙනු ඇත.විපතට පත්ව තිබෙන රට ගලවා ගැනීම පිණිස මහ පාරට ආ තරුණ අරගල කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවැනි හැඩයේ නිර්මාණශීලී මැදිහත් වීමකට එළඹෙන ලෙසය. වෙනුවෙන් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා රාජපක්ස වරුන් ඕනෑම වේලාවක පෙනී සිටින බව ඇඟවෙන ව්‍යාජ නිරූපනයකි.ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කරද්දී ඉතා දරදඬු චරිතයක් ලෙස ප්‍රකට වූ මිල්ටෙරි නන්දසේන මෙරට ජනතාවගේ අරගලය මිල්ටෙරි බලය යොදා මර්දනයට පෙළඹී නැත්තේ මක් නිසාද යන්න ඇතැමුන්ට ඇති ප්‍රශ්ණයකි.සැබැවින්ම දැන් මිල්ටෙරි නන්දසේනට එසේ කරන්නට හැකියාවක් නැත.රටේ බංකොලත් වෙලාය.
මිල්ටෙරි මර්දනයක් සඳහා සහයෝගය දක්වන කිසිදු රටක් නැත. ජාත්‍යන්තරය පුරාම ඇත්තේ රාජපක්ෂවරුන්ට එරෙහි විරෝධයකි.මෙරට දැනට පවතින අරගලය ආරම්භයේදී හමුදාපති ශවේන්ද්‍ර ගොන් වස්සා ලවා එය මර්දනය සඳහා මිල්ටෙරි සැලසුමක් සකස් කළද එය ලත් තැන ලොප් විය.
එහිදී වඩාත් බලපෑවේ විදේශ විනිමය හිඟකමය.වැයවෙන සෑම උන්ඩයක්ම ආණ්ඩුව තවත් හිඟමනට ඇද දමන්නට හේතු වෙන සාධකයක් විය.මෙවැනි බංකොලොත් රටකට යුද ආධාර දෙන්නට කිසිදු රටක් මැදිහත් නොවන බවද මිල්ටෙරි නන්දසේන කල්පනා කෙරුවා වෙන්නට ඉඩ ඇත.ආරක්ෂක
හමුදා සන්තකයේ තියෙන කඳුළු ගෑස් උණ්ඩ තොගය අවසන් වුවහොත් රාජපක්ෂ සනුහරයට හොම්බෙන් යන්නට සිදුවෙන බවද අවධානයට ගන්නට ඇත.
දැන් ගෙවී යන හැම තත්පරයකම මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ
තක්කඩියන් කල්පනා කරමින් සිටින්නේ හිරේ විලංගුවේ නොවැටී ඉන්නා විදියක් ගැන බව පැහැදිලිය.දැන් රාජපක්ෂ වරුන් ගෙන් යැපුන ගෝපයියන් උකුනන්,ඉනිකුනන් පවා ඔවුන්ට එරෙහිව පාරට බසිමින් සිටින වෙලාවකි.හෙට දවස ඔවුන්ට එරෙහිව පවතින අරගලය මීට වඩා ප්‍රබල විය හැකිය.ඒ දැන් නාගරිකයන් හා අර්ධ නාගරිකයන් විසින් කරගෙන අරගලය ගම තුළටද කාන්දු වන හෙයිනි.මේ ආර්ථික අර්බුදය තවමත් ගමට බලපා නැත.එය හෙට අනිද්දා වන විට ස්ථිර වශයෙන්ම ගමට දැනෙන්නට පටන් ගනී.ඒ තේ කුරුදුු හා කෘෂි අර්ථිකය හොම්බෙන් යන මට්ටමට බිමට සමතලා වී ඇති නිසාය.ඉඳිකිරීම් ක්ෂේත්‍රයටද බඩු හරිය.
මේ මොනවා වුනත් රාජපක්ෂ තක්කඩියන් නම් බලය අත් හරින්නේ නැති බවට කැට තියා පවසන්නට පුළුවන.ගොවාතමාලාව පාලනය කළ දූෂිත ජනාධිපතිවරයකු වූ පෙරෝස් මොලීනා බලයෙන් පහකිරීමට එරට ජනතාව කළ අරගලය අද මෙරට ඇවිලෙන ගාළු මුවදොර සටනට සමානය.ගොවාතමාලවේ ජනතාව පාරට බැස අරගල කළද ජනපතිවරයා තුළ බලය අත් හැර යාමේ අදහසක් නොවීය.ඔහු ඒ සඳහා රටේ ව්‍යවස්ථාව ආරක්ෂක බංකරයක් කර ගත්තේය. තමන්ට රටේ බලය ලැබී ඇත්තේ මහජනයාගේ කැමැත්තෙන් බව ඔහුගේ තර්කය විය.ඉන්පසු ගොවාතමාලාවේ ජනතාව වැටලුවේ එහි තිබූ මැතිවරණ දෙපාර්තමේන්තුවයි.ජනතාවගේ ඉල්ලීම වූයේ ජනපතිවරයාට ඇති ජනතා කැමැත්ත පිළිබඳව විමසීමට වහාම මැතිවරණයකට යන ලෙසය.ජනතා ඉල්ලීමට කන් දීමට ගොවාතමාලා මැතිවරණ දෙපාර්තමේන්තුවට සිදු වූ අතර අද එම දූෂිත ජනාධිපතිවරයා සිටින්නේ සිරගෙදරය.
මෙරට පවතින දැඩි ආර්ථික අර්බුදය මැද මැතිවරණයක් පැවැත්වීම හිතන්නටවත් බැරිය.ඒ බැරි බැරියාව තුළ ආරක්ෂාව ඇත්තේ මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරයටය.එය එසේ වන්නේ නම් දැන් අප කුමක් කරමුද යන ප්‍රශ්ණය මතු වීම සාධාරණය.
ලංකා දවස අප යෝජනා කරන්නේ මිල්ටෙරි නන්දසේනට දැනට ජනතාව අතර පවතින ජනතා ප්‍රසාදය පිළිබදව විකල්ප ඡන්දයක් රට පුරා පැවැත්විය යුතු බවය.ඒ මැතිවරණය පැවැත්විය යුත්තේ දැනට මහපාරේ පවතින රාජපක්ෂ විරෝධයේ තවත් එක් දිගුවක් විදියටය.නෛතික මැතිවරණයකදී
මෙරට ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ 12845 කට ආසන්න සංඛ්‍යාවකි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43 කි.
විකල්ප මැතිවරණයක් පැවැත්වීම හා ඒ ආශ්‍රිත වැඩ පිළිවෙල සකස් කිරීමට අවශ්‍ය කෙරෙන මානව සම්පත ඇති තරමට මිල්ටෙරි නන්දසේනට එරෙහි අරගල භූමියේ සිටී.මෙරට පැවැති අවසාන මැතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ 92096කි.
මෙවැනි විකල්ප මැතිවරණයක් සැළසුම් කරන්නේනම් ඒ සදහා සහාය දක්වන සිවිල් සමාජ සංවිධාන ඕනෑ තරම් මෙරට සිටින බවට සැකයක් නැත.ඒ සඳහා පළපුරුදු වෘත්තිකයන්ගේ සහයෝගයද ලැබෙනු ඇත.විපතට පත්ව තිබෙන රට ගලවා ගැනීම පිණිස මහ පාරට ආ තරුණ අරගල කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවැනි හැඩයේ නිර්මාණශීලී මැදිහත් වීමකට එළඹෙන ලෙසය.