ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසනයේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධණ පත් කර ඇතැයි වාර්තාවේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්රීමෛත්රීපාල සිරිසේන වෙතින් ඔහුට මෙම ආසන සංවිධායක පත් වීම ලබා දී ඇතැයි පැවසේ.සජින් වාස්ගුණවර්ධණට මාතර ආසන සංවිධායක පිරිනැමීමේ උත්සවයට දකුණු පලාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ හේමාල් ගුණසේකරද සහභාගි වී ඇත.සජින් වාස් ගුණවර්ධණ මහින්ද රාජපක්ෂ ජනපති සමයේ එම ආණ්ඩුවේ ජනපති විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා වේ.2010 වර්ෂයේදී එක්සත් ජනතා සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ සජින් වාස් ගුණවර්ධණ 2010 වසරේදී දකුණු පලාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත් වූයේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.සජින් වාස් ගුණවර්ධණ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පලාත් සභා මැතිවරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද්දේ එවකට දකුණු පලාතේ හිටපු මහ ඇමති ශාන් විජය ලාල් ගේ දේශපාලනය කප්පාදු කිරීමේ සැලසුමක් සහිතවය.ශාන් විජයලාල් හා සජින් වාස් ගුණවර්ධණ දෙදෙනාම කරාව කුලයේ අම්බලන්ගොඩ ජන්ම ලාභීන් වූහ.ඒ වන විට දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා වූ ශාන් විජයලාල් ගේ දේශපාලනික ක්‍රියා කළාපය පිළිබඳව මහින්ද රාජපක්ෂ සිටියේ නොසතුටිනි.කෙසේවෙතත් පසුකලකදී ශාන් විජයලාල් සිය ප්‍රතිවාදියා වූ ජනරල් සරත් ෆොන්සේකාට රහසේ උදවු උපකාර කරන ලදැයි බුද්ධි තොරතුරු ලැබී තිබීමද මහින්ද රාජපක්ෂ හා මහ ඇමති ශාන් විජයලාල් කෙරෙහි පැවැති අමනාපය තවත් වැඩි කිරීමට හේතුවක් වී තිබුණි.පැවැති පලාත් සභා මැතිවරණයේදී සජින් වාස් ගුනවර්දන ජයග්‍රාහී අපේක්ෂකයන් අතර තුන්වැනියා විය.එහෙත් මහින්ද රාජපක්ෂගේ අපේක්ෂාව වූයේ සජින් වාස් ගුනවර්දන දකුණු පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් කිරීමටය.එහිදී පලාත් සභා මැතිවරණයෙන් පසුව ප්‍රධාන අමාත්‍ය වරයා පත් කිරීම සති දෙකක් පමණ ප්‍රමාද කරමින් සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ පාර්ශවය සැලසුම් කෙරුවද ශාන් විජයලාල් පාර්ශවයද මහ ඇමති වීමේ අපේක්ෂාව අත් හැරියේ නැත.ශාන් විජයලාල් මෙහිදී සිය පාක්ෂිකයන් පෙළඹවූයේ ඔහුට මහ ඇමති කම ලබා දිය යුතුයැයි ප්‍රකාශ කරමින් අරලිය ගහ මන්දිරය අසල විරෝධතාවක් කරන ලෙසටය.එම විරෝධතාව වහා සංවිධානය කෙරුණ අතර ඇතිවන්නට යන සිදුවීමේ බරපතල කම වටහා ගත් රාජපක්ෂ පාර්ෂවයට නැවත වරක් දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස ශාන් විජයලාල් ලෙස පත් කිරීමට සිදු විය.ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ශාන් විජයලාල් පත් කෙරුනද පලාත් සභා මන්ත්‍රීවරයකු වූ සජින් වාස් අතර ඇයි හොඳයියක් නොතිබුණි.වරෙක ශාන් විජයලාල් ගේ නිවසට නාන්නාදුනන පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වූ අතර එය සජින් වාස් ගුනවර්දන ගේ උපදෙස් මත සිදුවූ ප්‍රහාරයක් යැයි ගාල්ල දිස්ත්‍රික්කය පුරා පැතිර යාමත් සමගම ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියළු මහජන නියෝජිතයන් ශාන් විජයලාල් ගේ නිවසට රැස්ව සජින් වාස් ගුණවර්ධණට එරෙහිව දැඩි හා ප්‍රබල විරෝධතාවක් සංවිධානය කිරීමට සැළසුම් කෙරිනි.මේ පුවත දැනගැන්මට ලැබුණ සජින් වාස් ගුණවර්ධණ ගේ පෞද්ගලික ලේකම් වරයා ලෙස කටයුතු කළ කීර්ති ලොකුලියන වහාම මැදිහත් වී එම මොහොතේම සජින් වාස් සමග ශාන් විජයලාල් ගේ නිවසට ගියේය.සජින් වාස් ගේ පෞද්ගලික ලේකම් වරයා ප්‍රදේශයේ බොහෝ සම්බන්ධතා ඇත්තෙක් වූ අතර ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් පාර්ශවය අතර ඔහු පිළිබදව පැවතියේද සුහද විශ්වාසයකි. පෞද්ගලික ලේකම් වරයා ගේ පැවැති සම්බන්ධතා හා ඔහුගේ තැනට සුදුසු ක්‍රියාත්මක වීමත් නිසා එදින එම සිදුවීමේ චෝදනා වලින් සජින් වාස්ට ගැලවීමට හැකිවිය.මේ අතරම අම්බලන්ගොඩ ජවිපෙ ක්‍රියාකාරිකයකු පහරදී මරා දැමීමට සජින් වාස් කුමන්ත්‍රණය කරන ලදැයිද චෝදනාවක් තිබේ.2013 වර්ෂයේ ජුනි 11 වෙනිදා එවකට විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ ගේ රථයට යම් පිරිසක් බලපිටියේදී පහර දීමක් කළ අතර එම පහරදීම සිදු කරන ලද්දේ සජින් වාස් ගුණවර්ධණගේ අනුගාමිකයන් බව රනිල් වික්‍රමසිංහ චෝදනා කරන ලදී.එහෙත් පසුව සජින් වාස් ගුණවර්ධණ විපක්ෂ නායක වරයාගෙන් සමාව ඉල්ලා තිබෙි.2014 වර්ෂයේදී නිව්යෝක් නුවරදී ඇතිවූ ආරවුලකදී එවකට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නොනිස්ට පහර දීමේ සිදුවීමක් වාර්තා විය.මේ පහර දීමට පසුව වෛද්‍ය ක්‍රිස් නෝනිස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ලිපියක් බාර දුන් නමුත් පසුව ඔහු විසින්ම එය ඉල්ලා අස් කර ගන්නා ලදී.සජින් වාස් ගුණවර්ධණ අනීතිකව හැසිරුනද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිටියේ ඔහු ආරක්ෂා කිරීමේ පිළිවෙතකය.සැබැවින්ම සජින් ගුණවර්ධණ රුසියානු සාර් රාජ්‍යයේ සිටි රසපුටින් නම් දේවගැතිවරයා හා සමාන විය.සජින් වාස් ගුණවර්ධණට තිබූ දේශපාලනික බලය රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂට තිබූ පවුල් බලයටත් වඩා ප්‍රබල විය.රාජපක්ෂ පවුලේ සියල්ලන්ම සජින් වාස් ගුණවර්ධණ ගන්නා තීන්දු තීරණ වලට පිටින් නොයන තරමේ අයවලුන් විය.ඒ තරමට මහින්ද රාජපක්ෂගේ සමීපතමයා වූයේ මෙම සජින් වාස් ගුණවර්ධණ.යහපාලන රජය බලයට පත් වීමත් සමගම සජින් වාස් ගේ කෙරුවාවට කණ කොකා හඬන්නට විය.2011/2012 වර්ෂය සදහා වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂම ඔහුට නඩු පැවරූ අතර එම නඩුව මේ වන විට අවසන් වී තිබේ.ඒ ඔහුට එම වැරැද්දට සුළු දඩයක් නියම කිරීමෙනි.පසුව ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද ජනාධිපති කාර්යාලයට අයත් වාහන විස්සක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද මෙරට ව්‍යාපාරිකයකයකුගෙන් රුපියල් මිලියන 610 කප්පම් 2016 වර්ෂයේ මිහින් ලංකා ප්‍රධාන විධායක වරයා ලෙස රුපියල් මිලියන 883පාඩු කරන ලදැයිද යන සිදුවීම් වලට මොහුට එරෙහිව අධිකරණ චෝදනා නැගුනි.බලපත්‍ර රහිත ඇත් පැටවකු ලග තබා ගැනීමේ චෝදනාවක් සජින් වාස් ගුනවර්දනට එරෙහිව තිබේ.පසුකාලයකදී සජින් වාස් ගුණවර්ධණ මෛත්‍රීපාල සිරිසේන ගේ සහෝදරයා වූ ඩඩ්ලි සිරිසේන සමග ව්‍යාපාර හවුල් කරුවකු විය.ඒ සම්බන්ධතා මත හිටපු ජනපති සිරිසේන සමග ඇතිවූ මිත්‍රත්වය මත සජින් වාස් ගුණවර්ධණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ විය.මොහුට මාතර ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධුරය හිමිවන්නේ ඩඩ්ලි සිරිසේනගේ බලපෑම නිසාය.