රටේ පාලකයන්ට දෙවනි නොවන ඉතාම සුක්ෂම ආකාරයට රුපියල් කෝටි ගනන් පොලිස් රෝහලේ සේවයේ සිටින වෛද්‍ය ගිනිගේ ගිලිමින් සිටි. ඒත් හිටපු සුභසාධක කටයුතු භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් සිරි අබේවර්ධන වත් වර්තමාන පොලිස් සුභ සාධන භාර නියෝජ්‍ය පොලිස්පතිටවත් එවා වගේ වගක් නැත්තේ උන්ගේ ගාන ගිනිගේ ඉතාම හොදින් අඩු නැතුව සපයන නිසාය.
මිලියන ගානක් වටිනා පරිඝණක මිලට ගත්තේම පොලිස් රෝහලට පැමිණෙන රෝගි නිලධාරින්ගේ දත්ත ඇතුලත් කිරීමටය. එවනි ඉතාම සංවේදි දත්ත ඇතුලත් කිරීම ලබාගත් සුදු අලියාන් 07 ක් වු එම පරිඝණක අද වනවිට අක්‍රියව ඇත. මෙම එක් පරිඝණකයක වටිනාකම රුපියල් ලක්ෂ 07 වැනි ඉතාම අධික මිලකි. මේවා ගිනිගේට උවමනා ආකාරයට සිදුකරන්නේ ගිනිගේ පරිඝණක විද්‍යාව හදාරා ඇති නිසානොව වෛද්‍ය ගිනිගේ පොලිස් රොර්හලේ සිටින හොදම ගැහිලි කාරයා නිසාය.
අද වනවිට පොලිස් රෝහලේ ඇති එකම ශල්‍යාගාරයත් පණ අදිමින් ඇතත් නිලධාරින් ගේ ජීවිත බේරා ගැනීමට සුළු මුදලක්වත් වැයකොට එය අළුත්වැඩියා නොකරන්නේම පොලිස්යේ ඉහලම ඇවරියට හා ගිනි ගේට ගින්දර වගේ කුට්ටියක් ගසා කෑමට බැරි නිසාවෙනි.
එසේම පොලිස් රෝහලේ ඇති සෙරමික් ටයිල් ගලවා නැවත තවත් ටයිල් තොගයක් ගෙනත් අල්ලා ගැසු ගානටනම් මුණ්ට ගෙන වදිනවාමයි. ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් සිරි අබේවර්ධන ,ගිනිගේලාගේ හවුලේ කෑමටය. ඉන් පොලිස් රෝහලට රජය වැයකල මුදල ඉන් හරි අඩක්ම ගසා කා ඇති බවට අද පොලිස් රෝහලේ පය තියන සියල්ලම දනි.
පොලිස් සුභ සාධනයට පත් කරන්නේම පට්ට දුෂිත පාහරයනය. පොලිස් නිලධාරින්ට සීම නොවු අසීමිත පැය ගනනක් රාජකාරි කලත් උනට ලෙඩ වු විට ලැබෙන ප්‍රතිකාරය ඉතාම සීමිතය . ඒ පොලිස් රෝහලේන් ජීවිකාව ගෙන යන වෛද්‍ය ගිනිගේලාගේ හා ස්ථානාධිපති ගේ සිට අධ්‍යක්ෂක දක්වාම අසාමාන්‍ය දුෂණයක් ඇති නිසාය. සිවිලිමට උඩින් සිවිලිමක් ගැසු පොලිස් රෝහලේ අනිකුත් අඩුපාඩු නොදකින්නේ එවා රාජ්‍ය නිවේදිත නිලධාරින්ට අදාල නොවන නිසාය.
පොලිසියේ කොස්තාපල්ට නවලෝකෙන් බෙහෙත් පෙත්තක් ගැනීමට නොහැක්කේ උන්ගේ ආර්ථිකය බිමට සමතලා වී ඇති නිසාය. එත් රෝහලේ ඇති බෙහෙත් ටිකෙන් , පරිඝණකයෙන් , සිවිලිමෙන් ගසා හොරා කමින් සුර සැප ගන්නා උන් කන්නේ රටේ අහිංසක ජනතාවගේ සල්ලිය.
මෙම පරිඝණක පිලිබදව පොලිස්යේ සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රන්ක් ප්‍රනාන්දු ලවා වහාම මෙම පරිඝණක මිලට ගැනීම හා ඒවා 2016 සිටම ඉවත් කොට ඇත්තේ ඇයිද යන්න පිලිබදව වහාම විමර්ෂණයක් ඇරඹීම පොලිස්පති ගේ වගකීමකි. මේ EWIS ආයතනය ඊට වගකිව යුතු වන්නේ ඒවා අළුත්වැඩියාවකටවත් යොමු නොකල හැක්කේ කුමණ හේතුවක් නිසාද යන්න පිලිබදව වහාම විමර්ෂණය කොට රටේ ජනතාවගේ ධනය ගිනිගේලාට හොරා කෑමට ඉඩ නොදිය යුතුය.
මොහු වහාම මින් ඉවත් කොට විමර්ෂණයක් ආරමභ කල යුතු බව පොලිස් රෝහලේ වෛදවරුන් බොහෝ දෙනෙකු ගේ ඉල්ලීමය.