ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය මුහුණු පොතේ අපූරු සටහනක් කර තිබේ.ඒ මෙසේය.
“රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව.මැයි මස 3 වෙනිදා.උදෑසන 10.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීAlert එකේ ඉන්න”දීර්ඝ කාලයක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දූෂිතයන්ට එරෙහිව සමාජයේදීත් පාර්ලිමේන්තුවේදීත් විරෝධතාව දැක්වූ දේශපාලඥයකු ලෙස ජවිපේ නායකයා කැපී පෙනෙන බව අප අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.එහිදී ඔහු බොහෝ විට මෙරට ජනතාවගේ උපහාසයට ලක් වූයේ සියයට තුනේ නායකයා ලෙසය. එහෙත් මෙරට සමාජයට ක්ෂණිකව කඩා පාත් වූ ආර්ථික අර්බුදයත් සමගම ජවිපේ නායකයා මෙතෙක් කාලයක් සමාජයට ඉදිරිපත් කළ චෝදනා සත්‍යය බවට ජනතාව වටහා ගන්නා ලදී.මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමී පක්ෂය සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු මරණ සහතික අතේ තබා ගෙන රාජපක්ෂ වරුන්ට එරෙහිව ගෙන ගිය අරගලය සමාජය පුරා පැතිරී තිබේ.දැන් මේ අරගලයට උප්පැන්න ලියන වීරයන් බොහෝය.අරගලයටඋපදෙස් දෙන න්‍යායචාර්යවරුන් තොග ගණනේය. මං පොර යැයි සිතන සිහින නායකයන් පෙරමුණ ගනිමින් සිටී.මේ පිරිස අතරේ සමහරුන් පසුගිය කාලයේ රාජපක්ෂ පවුලේ මුණුබුරන්ට සෙත් පතා බෝධි පූජා තැබූ අය වේ.සිය නිවසේ ගෑස් නොමැතිව රොටිය පුච්චා ගැනීමට නොහැකිව බඩගින්න ඉවසාගෙන ඉන්නට නොහැකිව රාජපක්ෂ තක්කඩියන්ට එරෙහිව පාරට ආ මේ සමහරුන් අද වාහිනී වලට දෙන වොයිස් කට් අසා සිටියාම ඔක්කාරය හැදෙන තරමේය.මේ සමහර ගොන් වස්සන් කියන්නේ පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහම එපා කියලාය.ඒ ගොන් වස්සන් මෙරට ව්‍යවස්ථාවේ අයන්නවත් නොදන්නා වුන්ය.රාජපක්ෂ තක්කඩියන් හිතේ බලවත් අමාරුවෙන් සිටින්නන්ය.ජවිපෙ නායකයා පසුගිය දිනක වාහිනියක පැවැති දේශපාලන වැඩසටහනකදී තමන් සතුව මෙරට දූෂිත දේශපාලඥයන් ගණනාවක ගේ ලිපි ගොනු පවතින බව ප්‍රකාශ කරන ලදී.එතැන් ජවිපෙට අවලාද නගන්නන් ගේ ප්‍රධාන මාතෘකාව වූයේ එම ලිපි ගොනු සඟවා තබා ගන්නේ කවර කාරණයක් නිසාද යන්නය.සැබැවින්ම ජවිපෙ මෙම ලිපි ගොනු තමන් සන්තකයේ තබා ගෙන සිටියේ මෙරට සාධාරණ නීතියක් ක්‍රියාත්මක නොවන නිසා බව අපට විශ්වාසය.එයට හොදම හා ආසන්නම උදාහරණය ලෙස දැක්විය හැක්කේ මේ වසරේ ජනවාරි 31 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අල්ලස් නඩු 11ක් ඉල්ලා අස් කරගැනීමයි.ඊට පෙර අල්ලස් කොමිෂම මගින් අල්ලස් නඩු 45 ක්ද ඉල්ලා අස් කරගෙන තිබුණි.මේ අවස්තාවේ අධිකරණය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිතෙන හිතෙන විට නඩු පැවරීමට හා ඉල්ලා අස් කරගැනීම නිසා අගතියට පත් පාර්ශව වලට සිදුවන හානියට වගකියනුයේ කවුදැයි විමසූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.මේ අල්ලස් කොමිෂමේ සභාපති ධූරයට පත් වූයේ අගමැති වරයාගේ සමීප මිතුරියක වූගෙදර යන ගමන් අරලිය ගහ මන්දිරයට ගොඩවී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් ලබා ගත් ඊවා වනසුන්දරය නැමති පඩත්තල අඹුවයි.යහපාලනය කාලයේදී මහජන මුදල් අවභාවිතාවක් පිළිබඳව මිල්ටෙරි නන්දසේනට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදු කරමින් පවතිද්දී තමා අත්අඩංගුවට ගැනීමෙන් වළකින නියෝගයක් නිකුත් කරන්නැයි කියාඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ විට එම අවස්ථාවේ මිල්ටෙරි නන්දසේනට පක්ෂපාතීව නියෝගය නිකුත් කරන ලද්දේ මේ ඊවා වනසුන්දරය.අධිකරණ විනිශ්චයකට භාජනය වන සිදුවීමකදී ඒ හා පෞද්ගලික ළබැඳියා වන් පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වන්නේ නම් එම විනිශ්චය කිරීම් වලින් ඉවත්වීම විනිසුරුවරුන්ගේ සම්ප්‍රදායයි.එහෙත් මේ ඊවා වනසුන්දර නම් තක්කඩි ගැහැණිය ගේ එම විනිශ්චය කොළඹ පිටකොටුවේ අබිසරු ලියකගේ අවිනීත ක්‍රියාකලාපයටත් වඩා නින්දිත විය.දැන් සමාජය තුළ හඬ නැගෙන එකම සටන් පාඨය රාජපක්ෂ තක්කඩියන් මෙරට දේශපාලනයෙන් ඉවත් කළ යුතු බවය.එහෙත් සමාජයේ අවධානයට ලක් විය යුතු ඉතා බරපතලම කාරණය විය යුතු වන්නේ මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ වැජඹෙන රාජපක්ෂ පාදඩ ජානයන් වන ඊවා වනසුන්දර වැනි අබිසුරුලියන් හා දමිත් තොටවත්ත වැනි නපුංසකයන් රොත්තම අළුත්කඩෙන් එළවා දැමිය යුතු බවය.ජවිපෙ නායකයා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දූෂිතයන්ගේ ලිපි ගොනු තබා ගෙන සිටියේ මෙවැනි සමාජ බාධක පැවැති වටපිටාවකය.එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ අනාවරණයත් සමග සමාජ ස්ථරයේ විවිධ පාර්ශවයන් වෙතින් එම ලිපි ගොනු සඟවා ගැනීම පිළිබඳව ප්‍රශ්ණ කිරීම් කෙරිණි අප්‍රේල් මස 3 වන දින පෙ.ව.10 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රට වනසපු හොරු වලල්ල තොග පිටින් හෙළිදරව්ව යන මැයෙන් ජවිපෙ නායකයා සදහන් කර ඇත්තේ එම දූෂිතයන්ගේ ලිපි ගොනු සමාජගත කිරීම බව අපට සිතේ.ජවිපෙ නායකයා එසේ එම ලිපි ගොනු සමාජය වෙත බාර දෙන්නේ නම් ඒවායේ වගකීමද සමාජය වෙත පැවරෙන බව අපි සිහිපත් කරමු.