ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව ! ඔව් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අභිමානවත්ම ආයතනයයි. සැබවින්ම එය එසේද ? කලකදී එය බුද්ධිමතුන්ගෙන්, උගතුන්ගෙන් අවංක නිලධාරීන්ගෙන් පිරීගිය දෙපාර්තුමෙන්තුවක් විය.
ඒත් ඒ අභිමානවත් දෙපාර්තුමේන්තුව අද මිනීමරුවන්ගෙන් කප්පම්කරුවන්ගෙන් මැරවරයන්ගෙන්, වනචරයන්ගෙන්, පාදඩයන්ගෙන්, අපරාධකාරයන්ගෙන් කුඩු මුදලාලිලාගෙන් ස්ත්‍රී දුෂකයන්ගෙන්, බේබද්දන්ගෙන් බොරුකාරයන්ගෙන් හා කසිප්පු කාරයන්ගෙන් පිරි ඉතිරි ඔවුන්ගේ ග්‍රහණයට අසුවී අවසන්ය.
කිසිම විනයක් නැතිව සාමකාමීඋද්ගෝෂණකරුවන් මරාදමන අධිකරණයේ සාවධ්‍ය ප්‍රකාශ ඉදිරිපත්කරන, පරුෂ වචනයෙන් බැනවදින, පොදු ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන ,මෙවන් තත්වයන් මැද අපේ තරුණ පරපුරට සහ රටේ අනාගතයට දෙන ආදර්ශය කුමක්ද? අද වන විට පොලිස් දෙපාර්තුමේන්තුව තලෙයිබාන් ත්‍රස්තසංවිධානයට වඩා අන්ත ත්‍රස්ත සංවිධානයක් බවට පත්වී හමාරය.
අද වන විට DIG වාස් ගුණවර්ධන හෝල් සේල් කප්පම් ගෙන මිනිමරා ජීවිතාන්තය දක්වා හිරේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ එවුන් 13ක් කුඩු හොන්ඩර දෙකක් STF ගාර්ඩ් එක සමග විකිණීමට යද්දී අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් ළඟ තිබු කෝටි ගණනක් මුදල්ද සොයාගෙන ඇත. ඔවුන් වසර ගණනාවක්ම පොලසිය තුලම මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිදහසේ කරගෙන ගොස් ඇත. මිරිහාන පොලිසියේ එකෙක් අසරණ රෝහින්යා කාන්තාවක් දුෂණය කර වැඩ තහනමට ලක්වී විය. තව SI කෙනෙක් අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවක් හිස කඳෙන් වෙන්කර සුට් කේස් එකක දමාගෙන නගරයේ කරක්ගසා ඇත්තේ රීරි යකා මෙන්ය.පිටු ගනන් ලිවිය හැකි වුවත් ඔය ඉතාම ස්වල්පයක්ය.
පසුහිය කාලයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ගෘහස්ත හිංසනයට වරදකරුවකු වී එම කාන්තාවගේ නිවසට යාම පවා තහනමට ලක්වූ SSP කෙනෙකුට පොලිසියේ විනය හා කාලක්‍රියා අංශය බාර දී තිබුණි.
WPC කෙනෙකුට කරන ලද ලිංගික හිංසනයක් හේතුකොටගෙන ඔහුට උසස් වීමක් ලබාදී අද ඔහු කොළඹ DIG කෙනෙකි.
මහරගම පොලිසියේ නිලධාරියෙක් මහා දවල් පාර මැද මිනිසෙකුට පහර දුන්නේ පිටසක්වල ජීවියෙකු පොළොවට පහත්වනවා මෙන්ය.
මෑතකදී පැමිණිල්ලක් දැමීමට ගිය කාන්තාවක් දුෂණය වුයේද පොලිසිය තුළදීමය. මෙවැනි දුෂිත පුවත් 900කට වඩා අප වෙත වාර්තා වී ඇත. පොලිසිය සුද්ධ කරන්නේ නැතිව අපට රටක් හැටියට කවදාකවත් ඉදිරියට යන්න බැරිය. කුමන දේශපාලන පක්ෂය ආවත් පොලිසිය සුද්ද නොකර රටට ගමනක් නොමැත
මා මෙහි සඳහන් කරන්නට යන්නේ කටුගස්තොට පොලිසියේ OIC සම්පත් විසින් කරන ලද දුෂිත ක්‍රියාවකි. මෙම කතාවස්තුවේ එන දැරිවිය අපි වාසනා යැයි සඳහන් කරමු. වාසනා කොළඹ දිස්ත්‍රිකයේ කෝටිපති පවුලකට දාව ඉපදුන දැරිවියක් විය. යන්තම් සති 2ක් වනවිට හදිසියේම සිදුවූ හදිසි අනතුරක් හේතුකොටගෙන ඇයගේ දෙමාව්පියන් මෙලොව හැර ගියාය. ඇය දෙමව්පිය සතු දේපල සියල්ල ඇයගේ පියාගේ සොහොයුරිය විසින් වංචනික ලෙස ඔප්පු සැකස අයිතිකරගනීමෙන් පසු ඇයව කොම්බ දිස්ත්‍රික්කයේ ළමා නිවසකට ඇතුල් කරන ලදී.
එතැන් සිට ඇය පරිවාස භාරයේ තිබු එම ළමා නිවාසයේ කාගේත් ආදරය කරුණාව දිනාගෙන හැදී වැඩි පාසල් ගිය රූමත් දියණියක් විය. ඇය ඉගෙනීමට ඉතා දක්ෂ තරුණියක් වුවාය. අපොස උසස් පෙළ විභාගයෙන් පසු ඇයට වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ පිළිගත් විධ්‍යතනයක කොම්පුටර් ඩිප්ලෝමාවක් කිරීම සඳහා ඇමෙරිකාවේ මහාචාරියවරියක් සහ කැනඩාවේ ලාංකික යුවලක් උදව් කරනු ලැබීය. කාටවත් බරක් නොවී ජීවත් වීමට සිතු ඇය කොළඹ පිළිගත් ආයතනයක කොම්පුටර් කලමනාකාරියක් ලෙසද රැකියාවක් කර අමතර මුදලක්ද උපයාගන්නා ලදී.
මේ අතරතුර අන්තර්ජාලය හරහා සචින්ත නමැති මහනුවර ප්‍රදේශයේ තරුණයකු මුනගැසිනි. සචින්තද එම පවුලට හිටපු එකම දරුවා විය. ඒ සමගම කොවිඩ් වසංගතය පැතිරීමත් සමගම ඇයට රැකියාවද අධ්‍යාපනයද ඔන්ලින් මාර්ගයෙන් කිරීමට සිදුවිය.
සචින්තත් ඔහුගේ පියා වන සුනිල් ප්‍රනාන්දුත් වහාම කොළඹ පැමිණ මේ ලොක් ඩවුන් අස්සේ කොළඹ මොනවා කරන්නද එන්න අපිත් එක්ක නුවර යන්න, ඔය දෙන්නා කසාද බඳිනකම් අපි ඔයාට නවතින්න තැනක් හොයලා දෙන්නම් ආදී නොයෙකුත් චාටු බස් දොඩා ඇයව මහනුවරට රැගෙන යන ලදී. කිසිම හවූ හරනක් නොමැති රූමත් තරුණියක් වූ ඇය මිවුන්ව විශාස කර මහනුවර නගරයට ඔවුන් සමග රැගෙන පැමිණ ඇත.
මහනුවර නගරයට පැමිණ විගස කොවිඩ් වසංගතය නිසා නවාතැනක් සොයාගන්න අමාරුයි කියා නවාතැනක් සොයාදෙන එක පැත්තක තබා ඇයව කටුගස්තොට පිහිටි සචින්තගේ නිවසට ගෙන යන ලදී. එහි සිට ඇත්තේ සචින්තත් ඔහුගේ දෙමව්පියනුත් පමණි. එදින රාත්‍රියේ ඇයව විවාහකරගන්නා බව පවසා ඇය සතුව ජීවිත කාලයම රැකගෙන තිබු පතිවත පවා සචින්තට අකමැත්තෙන් වුව පුජාකරන්නට සිදුවිය. පසුව දින ගණන් සති ගණන් මාස ගණන් එම නිවසේ ගතකරන්නට විය. ඇය විසින් කරගෙන යන ලද ඔන්ලයින් රැකියාවෙන් ලැබුන මුදල්ද ඔවුන් වෙනුවෙන් වියදම් කරන්නට සිදුවිය. විවාහය පිළිබඳව අසා සිටීම නිසා ඇය කරගෙන තිබු ඔන්ලයින් අධ්‍යාපනයද රැකියාවද නවතා ගෙදර මෙහෙකාර කමේ යෙදෙන්නට සිදුවිය.
එම නිවස අපායක් බඳු විය. නිතරම සචින්තත් ඔහුගේ මවත් අත සෝදන ඉඳුල් පවා ඇයගේ ඔලුවට වක්කරන ලදී. වරක නටන උණුවතුර කෝප්පයකින් පවා පහරදී තවමත් කැළැලි පවා ඇත.
ඒ අතරතුර දැනගන්නට ලැබුනේ සචින්ත දරුණු මානසික රෝගයකින් පෙලෙන තරුණයෙක් බවත්. මීට කලිනුත් පුගොඩ ප්‍රදේශයේ තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ ත්රුනියක්වද මෙලෙස වංචා කර අනාතකර නොයෙකුත් කරදර කර ඔහුට විරුද්ධව පොලිස් පැමිණිලි පවා ඇති බවත් මුදලට යටව ඇති කටුගස්තොට පොලිසිය ඒ කිසිවක් විමර්ශනය නොකරන බවත්ය. සුනිල් ප්‍රනාන්දු වන ඔහුගේ පියාත් බයි පෝලා නමැති මානසික රෝගයට ප්‍රතිකාර ලබන බවත්ය. ඒ පිළිබඳව රෝහල් වෛද්‍ය වාර්තා පවා අප වෙත ලැබී ඇත.
නිතර නිතර අමානුෂික ලෙස පහර දෙන නිසාත් වසරක් ගතවීත් විවාහ නොවන නිසාත් ඇය විසින් නැවතත් ඔන්ලයින් අයදුම්පතක් කර මහනුවර තරු 5හේ සංචාරක කාර්යාලයක රැකියාවක් ලබාගන්නා ලදී. ඇය විසින් රැකියාවට යාමට පහසු වීම සඳහා ඒ අසලින්ම නවාතැනක් සොයාගෙන එම නිවසින් පැනවිත් එහි පදිංචිව ඇත. එහෙත් නිතර නිතර ඇය නැවතී සිටි නිවසටද සචින්ත සහ ඔහුගේ පියා වන සුනිල් ෆෙර්නාන්දු නැවත නිවසට යන්න එන්න කියා කරදර කිරීමත් නිතර නිතර එම නිවසට පැමිණ කරදර කිරීමත් නිසා ඇයට ආරක්ෂාව පතා රැකියාව කරන ආයතනය අසලම නිවසක පදිංචියට යාමට සිදුවිය.
කටුගස්තොට පොලිසිය වනාහි සවෘරක් ග්‍රහ මණ්ඩලේ ඇති දුෂිතම පොලිසිය ලෙස ඔලිම්පික් ප්‍රමාණයේ කප් ගසා ඇති නිසා එහි පැමිණිල්ලක්වත් බාර නොගෙන ඇත. කාන්තාවක් පැමිණිලි දන්නා ගියොත් එහි ස්ථානාධිපති ලිංගික අල්ලස් ඉල්ලන බවද ප්‍රසිද්ධ රහසකි. නොයෙකුත් දුෂිත කටයුතු මංකොල්ලකෑම් සහ බරපතල අපරාධ නිසා 2017 සැප්තැම්බර් මාසයේ කටුගස්තොට පොලිසියේ 65 දෙනෙකු එකම දිනයේ ස්ථාන මාරු ලබා ගිනස් වාර්තාවකට පවා සුදුසුකම් ලබා ඇති විශ්වය පුරා විහිදී ගිය පොලිසියක් බව අප හට ගුගල් කර බැලීමේදී සොයාගත හැකි විය. සමහර කාන්තාවන් පොලිසිය අසලින් යනවිට පාර පැන පොලිසිය අසලින්වත් නොයන්නේ මේ නිසාය.
දෙවැනි නවාතැන්පොළට ගිය පසු සචින්තත් ඔහුගේ පියාත් නිතර නිතර සේවා ස්ථානයටත් එම නිවසටත් පැමිණ ඇයට නැවත නිවසට යාමට ආරාධනා කර සිටියත් ඇයට ඇයගේ පාඩුවේ ඉන්න දෙන්න කියා ඔවුන්ව හරවා යවා ඇත. 24.10.2021 දින උදැසන 8ට පමණ එම තරුණිය නිවසේ සිටින විට සචින්ත සහ ඔහුගේ පියා වන සුනිල් ප්‍රනාන්දු විසින් බලහත්කාරයෙන් අයුතු ලෙස එම නිවසට ඇතුල්වී මෙම තරුණියට අමානුෂික ලෙස පහර දී රාත්‍රී ඇඳුම පිටින්ම බිම දිගේ ඇදගෙන ගොස් බලහත්කාරයෙන් ඔවුන් පැමිණි cp JK 0483 දරන වාහනයට දමාගෙන ගොස් ඇත. ඊට විනාඩි කිහිපයකට පෙර මොවුන් දෙදෙනා අයගේ සේවාස්තනයටද ගොස් කලකෝලාහල කර ඇය එදින නිවාඩු දිනයක් නිසා එම නිවසට ගොස් ඇත.
මෙය පැහැදිලිවම අයුතු අතුල්වීමක්, අමානුෂික පහරදීමක්, සහ පැහැරගැනීමක් යන චෝදනාය. මේ පිළිබඳව අසල හොටලයකත් නිවාස අසලා CCTV දර්ශන වලත් ඉතා පැහැදිලිවම මෙම තරුණියව ඇදගෙන ගොස් එම මෝටර් රටයට බලහත්කාරයෙන් නන්වාගන්නවා දර්ශන ඇත.
පසුව සුනිල් ප්‍රනාන්දුගේ නිවසට ගෙන ගොස් සුනිල් ප්‍රනාන්දුත් ඔහුගේ බිරිඳත් ඔහුගේ පුත්‍රයා වන සචින්තත් එකම නිවසේ කාමරයක මෙම තරුණියව සිරකර තබා ඇත. ඇය විසින් ඉතා දුක්මහන්සියෙන් උපයාගන්නා ලද රු. 35,000/=ක් පමණ වටිනා නවීන දුරකථනයද මෙම අපරාධකරුවන් විසින් කිහිපවරක්ම පොළොවේ ගසා විනාශ කර දමා ඇත. එම නිසා මෙම තරුණියගේ ඔන්ලයින් පාඨමාලාවද ඇනහිට ඇත.
මෙම අමානුෂික පහරදීම, පාර දිගේ ඇදගෙන යාම, මෝටර් රථයට බලහත්කාරයෙන් පටවාගනීම සහ මෙම තරුණියගේ අන්දෝනාව ඇසින් දුටු දුටු අසල්වාසීන් විසින් කරන ලද පැමිණිල්ලක් හේතු කොටගෙන කටුගස්තොට පොලිසිය විසින් කරන ලද කැඳවීමක් නිසා සුනිල් ප්‍රනාන්දුත්, සචින්ත ප්‍රනාන්දුත් මෙම තරුණිය පහරදීමේදී ඇදුම් ඉරා දමා වැරහැලි වී තිබු රාත්‍රී නිදි ඇඳුම පිටින්ම කටුගස්තොට පොලිසිය වෙත ගොස් ඇත.
එම ගෙනයාමේදී තියුණු කඩුවක්ද පෙන්වා එයද එම මෝටර් රථයේ දමාගෙන උඹ මොනවා හරි අපිට විරුද්ධව කියලා තිබුනොත් කෑලි කපලා මරලා දානවා යෑයි මරණීය තර්ජනද කර ඇත. මෙම තරුණිය ජීවිතයේ කිසිම දිනක පොලිසියකට පා තබා නැත. මෙම විමර්ශනය එම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිනියක් විසින් සටහන් කරගත විය යුතු වුවත් එහි සියලු විමර්ශන භාර ගෙන තිබුනේද එම අපරාධකරුවන්ට හිතෙෂි දුෂිත නිලධාරියෙක් විසින්ය. පසුව සම්පත් නමැති මෙම දුෂිත OIC ට ඉදිරිපත්කිරීමෙන් පසුව ඇය විසින් හඬා වැටෙමින් සියලු කරුණු ප්‍රකාස කර ඇත. එහෙත් අප කටුගස්තොට පොලිසියේ වාර්තාකරු පැවසුවේ OIC විසින් සුළු වෙලාවක් පෞද්ගලිකව කතාකිරීමෙන් පසු විශාල මුදලක් ලබාගැනීමෙන් පසු තරුණියව නැවතත් මෙම පැහැරගෙන ගිය පුද්ගලයන්ටම භාර කර ඇත කියාය.
එවිට නැවතත් මෙම තරුණිය හඬා වැටීමත් සමගම සිද්ධිය ආරංචි වී එම නැවතී සිටි නිවසේ වයසක යුවළද සිද්ධිය ඇසින් දුටු අසල්වසියන්ද පොලිසියට පැමිණ මෙම පැහැරගැනීම පිළිබඳව සාක්ෂි ලබා දී ඇත. පසුව එම තරුණියව එම නැවතී සිටි නිවස අයිති මහලු යුවලට බාර දෙ…” මම තමයි මුරලිදරන්ගෙයි, සංගක්කරගෙයි කෝච් ඒ අය පොලිසියට එක කෝල් එකයි දෙන්නේ එතකොට මම නිදහස් උබලව තමයි හිරේ දාන්නේ කියා…” පිටත්ව ඇත. අප විසින් සංගක්කාර සහ මුරලිදෙරන් වෙත දුරකතනයෙන් ඇමෙතුවිට ඔවුන් විසින් මෙවැනි අපරාධකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි අප මෙයට කිසිම සම්බන්ධයක් නැහැ කියා සිටියා.
කටුගස්තොට වාර්තාකරු කියා සිටියේ පසුව ඇඳුම් ඉරා දමා පහරදී සිටි සිටි මෙම තරුණියට ටී ෂර්ට් එකක්ද ලබා දී ඔවුන්ව පිටත්කර යැවූ බවය. එම නිලධාරියා කිවූ පරිදි OIC සම්පත් එම තරුණියගෙන් ලිංගික අල්ලස් ඉල්ලු බවක් සැල වුවත් ලැජ්ජාව නිසා එම තරුණිය කිසිවක් නොපවසන බව අප හට වැටහුනා කියාය.
පසුව මේ තරුණිය නිවසට ගොස් ඇයට නිතරම උදව් උපකාර කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මහචාරිවරියක් සහ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික යුවලක් හට මේ ගැන පැවසීමෙන් පසු ඔවුන් ඉතා උරණව මෙම OIC ට කතාකරන ලදුව ඔහු විසින් පවසා තිබුනේ පොලිස් විමර්ශන වලින් ඒ තරුණිය කැමැත්තෙන්මයි ගිහින් තිබුනේ ඒ නිසා අපි ඒක සමතයකට පත්කරලා යැවුවා කියාය. ඒමය අමුලික බොරුවක්ය. එම මහාචාරවරියත් කැනඩාවේ යුවලත් දෙදෙනාම වියත් මගේ සාමාජිකයන්ය.
එම නිසාම ඔවුන් විසින් වහාම ඇමති සරත් වීරසේකර සම්බන්ධ කරගැනීමට උත්සහ කරත් පසුව ඔහුගේ ලේකම් වරයෙකු වූ නාවික නිලධාරි කමාන්ඩර් ඉන්දික මහතාට සිද්ධිය සැලකර සිටීමෙන් පසු එවකට මධ්‍යම පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාටද කතාකර මේ ගැන දුරකතනයෙන් සහ ඊමේල් වලින් පැමිණිලි කර ඇත.
එහි පිටපත් පවා අප වෙත ඒවා ඇත. එහෙත් මෙම OIC විසින් ගල් පැලෙන ලෙස …”ආ මේ තැනැත්තිය කැමැත්තෙන්ම ..”තමයි මේ පුද්ගලයා සමග ගිහින් තියෙන්නේ කියා ප්‍රකාශ කර තිබෙන්නේ කියා ඔවුන්වද මුලා කර ඇත.
පසුවමෙම තැනැත්තිය මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය වෙත නැවතත් පැමිණිලි කිරීමට යන බව ආරංචි වී කටුගස්තොට පොලිසියේ නිලධාරිනියක් සහ නිලධාරියෙක් මහනුවර කාන්තා හා ළමා කාර්යන්ශයේ නිලධාරින් ලෙස හඟවා නැවතත් ප්‍රකාශ ලබාගෙන 27 වෙනි දින නැවතත් කටුගස්තොට පොලිසියට ප්‍රකාශයක් දෙන්න එන්න කියා දන්වා පොලිසයට ගිය විට එම තරුණියව අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත්කර රෝහල්ගතකර ඇත.
එදිනම සවස සුනිල් ප්‍රනාන්දු සහ සචින්ත ප්‍රනාන්දුටද ඇපකරුවන් දෙදෙනෙකු රැගෙන පොලිසියට එන්න කියා මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත. S/DIG නිලන්ත ජයවර්ධනට විදේශයක සිට ඊමේල් මගින් පැමිණිලි කරන තෙක්ම මොහු මෙම OIC කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. නඩු භාණ්ඩයක් වූ පැහැරගැනීමට පැමිණි cp – JK- 0483 අංක දරන මෝටර් රථයද ( පසුව හොර රහසේම පැමිණිල්ලට නොදන්වා OIC විසින් අධිකරණයට කරුණු දක්වා නිදහස් කර දී ඇත.
මෙම තරුණියට අමානුෂික ලෙස පහර දී පැහැරගෙන යන්නේ 24.10.2021 දිනයි. එදිනම කටුගස්තොට පොලිසියේදී පහරදීම පිළිබඳව පෙන්වා සිටියත් ආ ඔය ඉදිමුම තව දවස් දෙක තුනකින් අඩු වෙයි කියලා එම නිලධාරින් පවසා ඇත. S/DIG නිලන්ත ජයවර්ධන මහතාට පැමිණිලිකිරීමෙන් පසුව 26.10.2021 දින නැවත පොල්සියෙන් පැමිණ කට උත්තරයක් ලබාගෙන ඇත. 27 වෙනි දින නැවත කටඋත්තරයක් දෙන්න කියා පොලිසියට එන්න කියා සිද්ධියෙන් සහ මුල් පැමිණිල්ලෙන් දින හතරකට පසු 27 වෙනි දින අධිකරණ වධ්‍ය නිලධාරි වරයාට ඉදිරිපත්කර දින කිහිපයකට රෝහල් ගතකර ඇත්තේ මෙම කාන්තාව හදිසියෙවත් අධිකරණයට ගියහොත් අපරාධකරුවන්ට ඇප ලබාගැනීමට නොහැකිවේ යැයි සිතු බව OIC විසින් අප වාර්තාකරු හට පවසා ඇත. මුල් පැමිණිල්ල දින අධිකරණඅධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් නොකිරීම විහිළුවකි.
මේ බව මෙම දැරිවියගේ අධ්‍යාපන කටයුතු වලට උපකාර කරන කැනඩාවේ යුවලට ආරංචි වී එසැනින්ම ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්ත මහතා මාර්ගයෙන් ඉතා දක්ෂ අපරාධ නීතිඥවරියක් වන දම්මික ආරියදාස මහත්මියත් හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු හා අපරාධ නීතිඥ වරයෙකු වන මදුනල් ප්‍රනාන්දු මහතාත් නීතිඥ මන්දාකිනි මහත්මියත් එකතුව ගරු අධිකරණයට 28.10.2021 දින කරුණු පැහැදිලි කිරීම නිසා ගරු විනිසුරුතුමන් විසින් ඔවුන් දෙදෙනාම 02.11.2021 දින දක්වා රක්ෂිත භාන්ධනාගාර කර තිබුණි.
එක්සත් මානව හිමිකම් සංවිධානයේ ප්‍රනීතා මහත්මියද මහනුවරට පැමිණ මේ තැනැත්තියට උපකාර කර ඇති බව අපහට දැනගන්නට ලැබුනා. අත්අඩංගුවට ගත් අවස්ථාවේ සුනිල් ප්‍රනාන්දු විසින් කටුගස්තොට පොලිසිය අතුලේදීම දුරකථන මගින් කැනඩාවට කතාකොට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා මෙන් තර්ජනය කර ඇත. නැවත කැඳවීම 02.11.2021 දින පොලිසිය විසින් චෝදනා පත්‍රයක් ගොනුකර තිබුනේ නැති නිසා ගරු අධිකරණය විසින් නැවතත් 09.11.2021 දින දක්වා භාන්ධනාගාර ගත කර තිබුණි. එදින මෙම වින්දිත තරුණියගේ අධ්‍යාපන කටයුතු, කොළඹ සිට මහනුවරට නඩු වාර වලට පැමිණීමේ දුෂ්කරතාවය සහ කොවිඩ් වසංගතය ගැන සලකා බැලු ගරු මහේස්ත්‍රාත්තුමා 29.03.2022 දිනට චෝදනා ගොනුකරන ලෙසට පොලිසියට නියෝග කර ඇත. (නඩු වාර්තාව 29103/22 Kandy MC) නඩුකරය 29.03.2022 දින නැවත කැඳවු අවස්ථාවේ කටුගස්තොට OIC එහි පැමිණ පහත මාලයේ සැකකරුවන් සමග සතුටු සාමිච්චියේ දී සිටින විටදී ඉහල මාලයේ අධිකරණ ශාලාව වෙත යවා ඇත්තේ කිසිම පලපුරුද්දක් නොමැති මෙම නඩුකාරය පිළිබඳව කිසිම දැනීමක් නොමැති කොස්තාපල් වරයෙකි. ඔහු විසින් කියා ඇත්තේ අධිකරණ වයිධ්‍ය වාර්තාව තවම මාස 5ක් වුවත් ලැබී නැති නිසා චෝදනා ගොනුකරගැනීමට නොහැකි නිසා කියාය. කිසිම වාර්ත්වාක්ද ගොනුකර නොමති බවය. ගන්නා පියවරද පොලසිය විසින් නොදක්වා ඇත. නොතිසි ලද විට පෙනී සිටීමට දන්වා සැකකරුවන්ද මුදාහැර ඇත. අප වාර්තාකරුවන් විසින් මේ පිළිබඳව සොයා බැලීමේදී එම අධිකරණ වාර්තාව 2021 නොවැම්බර් මස මුල් සතියේදී කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් විසින් අත්සන් කර රැගෙන ගොස් ඇත. OIC විසින් මෙම වින්දිත කාන්තාව මෙම නඩුකාරයට කොළඹ සිට පැමිණ රස්තියාදු කර යැවීමට කටයුතු කර ඇත. ඔහු එලෙස කරන්නේ සුනිල් ෆෙර්නාන්දු සහ සචින්ත ෆෙනන්දුගෙන් විශාල මුදල් අල්ලසක්ද මත්පැන් අල්ලසක්ද ගණිකා අල්ලසක්ද ලබාගෙන නිසා බව අප වෙත පොලිසියෙන්ම වාර්තා වී ඇත.
මේ හේතුව උඩ මෙම තරුණියගේ අධ්‍යාපනයද කඩාකප්පල් වී ඇත. කොළඹ සිට සෑම නඩු වාරයකදීම අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන මහනුවර ගොස් පොලසිය චෝදනා ඉදිරිපත් නොකර රස්තියාදු කරන නිසා නැවත හරි එන්න සිදුවී ඇත. වින්දිතයන්ට කටුගස්තොට පොලිසිය සලකන්නේ හරි අපුරු අකාරයකටය.
අධිකරණයේ නඩු ගොඩ ගැසෙන්නෙත් වසර ගණනාවක් තිස්සේ නඩු දිග ඇදෙන්නෙත් මෙවැනි දුෂිත පාදඩ පොලිස් නිලධාරීන්ගේ වරදන් නිසාය. මහනුවර S/DIG කාර්යාලයේද මේ පිළිබඳව කැනඩාවේ සිටින එම යුවල විසින් පැමිණිලි කර ඇති බව දැනගන්නට ලැබුනා. ඔවුන් කියා සිටියේ එම කාර්යාලයේ CI ජයසිංග මහතා ඉතාමත් අවංක ලෙසත් වුර්තිමය ලෙසත් මේ පිළිබඳව විමර්ශනයක් කරගෙන යන බවත්ය. මෙම OIC සම්පත් නැමැත්තා එම DIG කාර්යාලයට සහ අධිකරණයටද සාවධ්‍ය තොරතුරු සපයා නොමග යවා ඇති බව කටුගස්තොට පොලිස්යේ නිලධාරියෙක්ම අප සමග කියා ඇත. මෙම සම්පත් නමැති OIC වරයා මීට පෙර පන්විල පොලිසියේද සේවය කර ඇති බවත් එහිදීද මෙවැනිම දුෂිත ක්‍රියාවන්හි දී ඇති බව අප හට වාර්තාවී ඇත. මොහු ලිංගික අල්ලස් ඉල්ලන, මත්පැන් මුදල් ලබාගෙන අධිකරණය සහ මහේස්ත්‍රාත්තුමා උසස් නිලධාරින් පවා නොමග යවන දුෂිතයෙක් බව අප හට නොයෙක් නිලධාරින් විසින් පවසා ඇත.