උණුසුම් පුවත්

බ්‍රව්න්ස් සමාගමට ටෙලිකොම් විකුණා සභාපති පට්ට හොරා රොහාන්ප්‍රනාන්දු ඇමරිකාවට …..?

Spread the love

රාජපක්ෂලා රටේ සම්පත් කෝටි ගණනින් කොල්ල කද්දී ඒ අනුගමනය කරමින් ඔවුන්ගේ ගෝල බාලයන්ද රාජ්‍ය ආයතන වලට රිංගා ඒවායෙන් කොමිස් ගසමින් වළපල්ලට යැවූ ප්‍රධාන ආයතන දෙකකි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා ටෙලිකොම් සමාගම.

ප්‍රබල යූ එන් පී කාරයකු ලෙස සිටියද තම බිරිය වරුණි අමුණුගම හා දිලිත් ජයවීර අතර ඇති ව්‍යාපාරික සබඳතාව උපයෝගී කරගෙන ගෝඨාබයවද අන්දා ටෙලිකොම් සභාපති පුටුවට රිංගා ගත් රොහාන් ප්‍රනාන්දු ලාභ ලබනු බවට පෙන්වූ ටෙලිකොම් සමාගම හෙට අනිද්දා බ්‍රවුන්ස් සමාගමේ ණය කරුවකු වන්නට යන බව ලංකාදවසට වාර්තා වේ.

බ්‍රවුන්ස් සභාපති ඉෂාර නානායක්කාරට ටෙලිකොම්හි දිවයින පුරා ෆයිබර් රැහැන් එතීම පැවරුවේ කලින් ටෙලිකොම් සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරු කුමාරසිංහය.

ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ව්‍යාපෘතියක් වන මෙය වසර තුනක් මුළුල්ලේ ඩොලර් වලින්ම ගෙවිය යුතු බවට ගිවිසුම් ගත කෙරුණත් රොහාන් ප්‍රනාන්දු ටෙලිකොම් සභාපති වද්දී මේ ව්‍යාපෘතිය අත් හැර දමන ලෙස ඉංජිනේරුවන් විසින් නිර්දේශ කරන ලදී.

එහෙත් රොහාන් ප්‍රනාන්දු කළේ වංගුවක් ගසමින් ඉෂාර නානායක්කාර සමග ඩීල් එකක් දමා එය නොනවත්වා ඉදිරියට ගෙන යාමයි.වාර්තා වන අන්දමට අගෝස්තු වලින් පසු මේ සඳහා ගෙවීමට ටෙලිකොම්හි මුදල් නොමැති බවත් දැනටමත් ඩොලරයේ ඉහළ යාම මත අධික ලාභයක් උපයන බ්‍රවුන්ස් සමාගම ටෙලිකොම්හි ඉහළ කොටස්කරුවකු බවට පත් වීම වැළැක්විය නොහැකි බවයි.

කරුණු මෙසේ තිබියදී රොහාන් ප්‍රනාන්දු සති දෙකකට වැඩි කාලයක් ඇමරිකාවේ සංචාරයකටද ගොස් ඇත.  ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙන්ම ටෙලිකොම්ද ඉදිරියේ පාඩු ලබන ආයතනයක් බවට පත් කර රොහාන් ප්‍රනාන්දු රට හැර යනු නියතය.


Spread the love

Leave a Comment

You may also like