උණුසුම් පුවත්

සෞඛ්‍ය ඇමති මහචාරී චන්න ජයසුමනගේ අමුඩය ගැලවේ

Spread the love

මෙතෙක් කාලයක් රාජපක්ෂ පාලනය යටතේ මෙරට අධිකරණ තුළ පැවතුනේ නපුංසක ක්‍රියාකාරකමකි.රාජපක්ෂ වරුන්ට එ⁣රෙහිව පවරා තිබූ නඩු වල තීන්දු විනිසුරුවරුන්ට ලිවීමට සිද්ධ වූයේ රාජපක්ෂ වරුන්ට ඕනෑ විදියටය.

මුළු රටම මේ තීන්දු පිළිබඳව හිටියේ දන්නා නොදන්නා ගානටය.ඇතැම් විනිසුරු වරු හිටියේ රාජපක්ෂ බංගලාවේ වැසිකිලි වුවද හෝදන්නට පවා කැමැත්තෙනි.විසිවන ව්‍යවස්තා සංශෝධනයෙන් පසුව අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයට හා වෙනත් මහාධිකරණ වලට මිල්ටෙරි නන්දසේන 
විසින් උසස් කරන ලද හා පත් කරන ලද බොහෝ විනිසුරු හා විනිසුරුවරියන්
පුස්සන් හෝ නපුංසකයන් විය.මෑත කාලයේ මේ විනිසුරු පුස්සන් හා නපුංසකයන් විසින් ලබා දුන් තීන්දු දෙස බලන විට එහි සැබෑ ස්වරූපය වටහා ගත හැකිය.රන්ජන් රාමනායකට දඬුවම් කරන්නේ මේ තක්කඩියන්ය.
රාජපක්ෂ පවුලේ හුරතලයට හදන දඩෝරි බල්ලාටත් වඩා මේ විනිසුරු විනිසුරියන් ගේ රාජපක්ෂලාට යටත් පක්ෂපාතී නරුමයන් විය.මේ පාදඩයන් සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කෙලසුවේ අධිකරණය තුළ පැවැති ස්වාධීනත්වයයි. 
මේ වන විට මෙරට අධිකරණයේ පැවැති එම නපුංසක හැඩය වෙනස් වෙමින් පවතින බව දකින්න⁣ට තිබේ.විශේෂයෙන් මහේස්ත්‍රාත් අධිකරණ වල සිටින තරුණ විනිසුරුවරුන් හා විනිසුරුවරුන් තක්කඩි රාජපක්ෂලාට හසුරවන්නට නොහැකි වී තිබෙන බව පෙනෙන්ට තිබේ.තවමත් අපට විශ්වාසයක් නැත්තේ අළුත්කඩේ අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට මිල්ටෙරි නන්දසේන විසින් පත් කරන ලද විනිසුරු වහල්ලු ඉදිරියේදී හැසිරෙන ආකාරය ගැනය. එහෙත් මේ වහලුන් මින් ඉදිරියට   රාජපක්ෂ තක්කඩියන්ට ඔිනෑ විදියට හසුරවන්නට බැරි බව නම් අපි විශ්වාස කරමු.
රඹුක්කන මිනිස් ඝාතනය පිළිබඳව කෑගල්ල මහේස්ත්‍රාත්වරිය මෙරට පවතින නීතියට යටත්ව  ස්වාධීන හා ගෞරවණීය ආකාරයෙන් ලබා දුන් විනිශ්චය ගැන මෙරට සමස්ත සමාජයේම සතුටට ⁣හේතු වී තිබේ.ජනතාව භුක්ති විඳින මෙි සතුට අනීතික සතුටක් නොවේ.⁣ඒ සතුට  මෙරට මෙතෙක් කාලයක් යටපත්ව තිබූ  නීතිය නැවත සාධාරණ ලෙස ඉස්මතු වීම පිළිබඳ සතුටය.සැබැව්න්ම මේ විනිසුරුතුමිය ගැන වඩාත්ම සතු⁣ටු විය හැක්කේ ඇය මේ මහ පොළොවට ජාතක කළ දෙමවුපියන්ය.ඒ අද මුළු රටම පින්  දෙන්නේ ඇයගේ අම්මාටත් තාත්තාටත් නිසාය.
කෙ⁣සේවෙතත් අද දවසේද මෙරට ජනතාවට සතුටු විය හැකි නඩු තීන්දුවක් ලැබී තිබේ.ඒ මෙරට පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකාරීකයකු වූ අසේල සම්පත්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවරා තිබූ නඩුවකටය.මහචාර්ය ජයසුමන මේ නඩුව පවරා තිබුණේ පිටකෝට්ටේ මිලියන දෙසීයක ගෙයක් ..චන්න  කන්තක අසු නැතුව විල මැද්දේ අමුඩය සමගින් යැයි දැක්වෙන ෆේස්බුක් සටහනක් තබා අසේල සම්පත් විසින් තමන්ට අපහාසයක් කර ඇති බවත් තවදුරටත් අපහාස කරවීම වලක්වාලන ලෙස ලෙසට ඉල්ලමිනි.එහෙත් මහචාර්ය චන්න ජයසුමන ඇයැද තිබූ අතුරු තහනම් නියෝගය ලබා දීම කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම ප්‍රතික්ෂේප කරන ලද අතර නඩු ගාස්තු අසේල සම්පත්ට ගෙවන ලෙසද නියෝග කරන ලදී.
සෞඛ්‍ය ඇමති මහචාර්ය ජයසුමන ඉතා ප්‍රවීණ හා කීර්තිධර පුද්ගලයකු බවත්
අසේල සම්පත් ෆේස් බුක් තබා තිබූ සටහනින් ඔහුගේ කීර්ති නාමයට හානි සිදුවී ඇති බවත් එම ප්‍රකාශය හේතුවෙන් ඔහු මහජනතාව ඉදිරියේ
අවඥාවට පත් වී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබේ.එහෙත් වග උත්තරකාර පාර්ශවය සිය විරෝධතාවයේ දක්වා ඇත්තේ පැමිණිල්ලේ සදහන්ව ඇති ආකාරයට පැමිණිලිකරු කීර්තිමත් පුද්ගලයකු නොවන බවත් නිරන්තරයෙන් මහජනතාවගේ අවඥාවට හා හාස්‍යයට ලක්වන පුද්ගලයකු බවත් පාර්ලිමේන්තුවේදී පවා පැමිණිලි කරුගේ කුප්‍රකට ක්‍රියාකාරකම් සාකච්ඡාවට බඳුන් වී ඇති බවත්ය.
පැමිණිකාර  පාර්ශවය වන මහචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් නීතිඥ අතුලද සිල්වා ගේ උපදෙස් මත නීතිඥ මිනෝලි ඇලෙක්සැන්ඩර් හා නීතිඥ ඩී.ඇස්.රත්නායක සමග ජනපති නීතිඥ වී.කේ.චොක්සි පෙනී සිටින ලද අතර වගඋත්තරකාර පාර්ශවය වූ අසේල සම්පත් වෙනුවෙන් නීතිඥ තමිලා පෙරේරා ගේ උපදෙස් මත නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර සමග නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙනී සිටින ලදී 

Spread the love

Leave a Comment

You may also like