උණුසුම් පුවත්

රඹුක්කන මිනිමරු SSP කීර්තිරත්න පොලිස් රෝහලේදි CID  අත් අඩංගුවට

Spread the love

පසු ගිය දා රඹුක්කන ජනතා උද්ගෝෂණයට වෙඩි තබා ආණ්ඩුවෙන් ලකුණු දාගැනීමට ගිය  අණ දුන් කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්නද, වෙඩි තැබු පුද්ගලයාවද වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට  කැගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

ඊයේ සවස කීර්තිරත්න පොලිස් රෝහලට පැමිණ තමන්ට හෘදයාබාදයක් ඇතිබව කියා පොලිස් රෝහලට ඇතුලත්ව මේ වනවිට නාරාහෙන්පිට පොලිස් රෝහලේ සිටි එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ අද හවස අත් අඩංගුවට ගෙන ඇත.

නුගත් දේශපාලකයන් ගේ උවමනාවන් ඉෂ්ඨ කිරීමට යන පොලිසියේ ඉහලම සිට පහලම කොස්තාපල් දක්වාම මෙය මනා පාඩමක් කරගතයුතුය. කනකලාත් නැති ,දිලුම්ලත් නැතිව අද කීර්තිරත්න තනිවී ඇති බව සැම පොලිස් නිලධාරියෙකුම සිහි තබාගතයුතුය.

දේශපාලකයන් පත්වන්නේ වසර 05කටය පොලිස් නිලධාරියා සේවයට බැදෙන්නේ වසර 65කට බව මතක තබාගතයුතුය. නිතියානුකූලව තමාට පැවරෙන වගකීම ඉෂ්ඨ කලයුතුය. දේශපාලකයන් මත යැපෙන්නන්ට හිමිවන්නේ යම් දිනක සිපිරි ගේම පමණි.

පොලිස් සංහතියටම නිග්‍රහකරන මෙවනි නිලධාරින් හදුනාගෙන සේවයෙන් පහකොට ජනතාවගේ පොලිස් සේවාවක් ඇති කිරීමට දැන් කාලය එලබ ඇත.


Spread the love

Leave a Comment

You may also like