උණුසුම් පුවත්

ඇනොනිමස් සම්ප්‍රාප්තිය නාමල් රාජපක්ෂගේ තක්කඩි ගේමක්

Spread the love

පසුගිය දිනවල සයිබරයේ ප්‍රකාශයට පත් වූ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය  වුයේ ඇනොනිමස් වරු රාජපක්ෂවරුන් විසින් දූෂිතව උපයාගන්නා ලද දේපොළ අනාවරණය කිරීම සම්බන්ධයෙන් වූප්‍රවෘත්තියයි.ඇනොනිමස්වරුන් මෙහිදී රාජපක්ෂවරුන්ට අවසන් කාලසීමාවක් පවා නිවේදනයක් කර තිබුණි.මෙහිලා විශේෂත්වය වූයේ ඇනොනිමස්වරු සිංහල භාෂාවෙන් එම නිවේදන ප්‍රකාශයට පත්  කිරීමය.
ඉන්පසුව ඇනොනමස් වරු විසින් රාජපක්ෂ වරුන්ගේ අයිතිය ඇති දූෂිත දේපොල ගනනාවක් හා ඔවුන්ගේ ⁣ප්‍රාග් ධනය යොදවා ඇති යැයි කියවෙන මෙරට සමාගම් ගණනාවක ලේඛනයක් ප්‍රසිද්ධ කෙරිණි.මෙම ලේඛනය තුළ නාමල් රාජපක්ෂ ගේ හා යෝෂිත රාජපක්ෂට අයත් සමාගම් කිහිපයකද නම් කිහිපයක නමි සදහන් විය.එම ලේඛනයේ වූ ඇතැම් සමාගම් මෙරට කීර්තිමත් සමාගම්ය.
ඇනොනිමස් විසින් අනාවරණය කරන ලද රාජපක්ෂ වරුන්ගේ දූෂිත උපයා ගැනීම් හා සම්බන්ධ ලේඛනය පිළිබඳ වූ සත්‍ය තොරතුරු අපට හෙලි වී තිබේ.මේ ව්‍යාජ ඇනෝනිමස් සංකල්පය නාමල් රාජපක්ෂ ගේ නිල් බලකායේ
තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ හෙංචයියන්ගේ ගේම් එකකි.සයිබරය තුල මේ ඇනොනිමස් අවවාදය ඉතා වේගයෙන් සංනිවේදනය වෙද්දී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක් කොට අවධාරනය කරන ලද්දේ තමා හා තම පවුලට ඇති දූෂණ චෝදනා ගැන පරීක්ෂණයකට මුහුණ දීමට සූදානමි බවය.ඒ අතරේ රට පුරාම විරෝධතා වලින්ද ප්‍රකාශයට පත් කෙරෙන්නේ රාජපක්ෂවරු දූෂිතයන් බවය.
මේ සිංහල ඇනොනිමස් සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ මෙවැනි වටපිටාවකය. ඇනොනිමස් වරුන් විසින්  රාජපක්ෂ වරුන් දූෂිතව උපයාගත් මුදල් යොදවා ඇති සමාගම් ලෙස සදහන් කොට තිබූ මෙරට බොහෝ සමාගම් මේ වන විට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ⁣සිය සමාගම්වල ව්‍යාපාරික අනන්‍යතාව පිළිබඳව අදහස් දක්වා තිබේ.එම සමාගම් රාජපක්ෂ වරුන් සමග තමන්ගේ කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව තහවුරු කරමින් සිටී.

බළලා මල්ලෙන් එළියට එන්නේ ඒ පැහැදිලි කිරීම් තුළිනි.රාජපක්ෂ වරුන්ගේ තක්කඩි ගේම ඇත්තේද එතැනය.මෙම ව්‍යාජ සිංහල ඇනොනිමස් ලේඛනය නාමල් රාජපක්ෂ ඉතා බරපතල ලෙස අවධානයට ගෙන ඇති බව අපට පෙනී ගිය කාරණයකි.ඒ බව ඔහුගේ මුහුණු පොතේ ගිනුමෙන් තහවුරු වේ.

ඒ වෙන කිසිත් නිසා නොව ඇනෝනිමස් වරු ප්‍රකාශයට පත් කළ රාජපක්ෂවරුන් ගේ දුෂණ උපයා ගැනීම් පිළිබඳ චෝදනා අසත්‍ය බව කියන්නටය.නාමල් ගේ නිල් බලකායේ හෙංචයියන්ගේ අවශ්‍යතාවද එයමය.දැන් ඔවුන්ගේ තර්කය වී ඇත්තේ මෙරට ප්‍රසිද්ධ සමාගම් සම්බන්ධ කරගනිමින් රාජපක්ෂ වරුන්ට අසත්‍ය චෝදනා නගන බව මේ ඇනෝනිමස් වරුන්ගේ සිද්ධියෙන් තහවුරු වන බවය.ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ මෙරට මෙම ව්‍යාපාරික සමාගම් සම්බන්ධ කර ගනිමින් එම සමාගම් වල පවතින කීර්ති නාමය ආවරණය කර ගනිමින් ඔවුන් සතු දූෂිත විදේශ දේපොල ගැන රට පුරා පැතිරී ඇති චෝදනා යටපත් කර ගැනීමටය.

 එහිදී අපට හෙළි වී ඇති තොරතුරු අනුව මෙි සිංහල අනෝනිමස් වරු රාජපක්ෂ තක්කඩියන්ගේ තවත් ගේමක් බව තහවුරු වී තිබේ.


Spread the love

Leave a Comment

You may also like