උණුසුම් පුවත්

ලේ පිපාසිත ඇවන්ගාඩ් ගේ මිනීමරු වෑයමක් නූලෙන් වැලකේ

Spread the love

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඊයේ රාත්‍රියෙහි පොලිස් ලොරි රථයක් අධික වේගයෙන් පිටුපසට ධාවනය කොට  විරෝධතාකරුවන් යට කර ⁣මරා දැමීමට  ගත් කුමන්ත්‍රණ සැලසුමක් ව්‍යර්ත වූ  බව ලංකා දවසට වාර්තා වේ. 

සිද්ධිය වී ඇත්තේ මෙසේය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවන්හි නියැලෙන තරුණයන්ට බාධා පැමිණෙවෙන ආකාරයට ගාලු පාරේ ගමන් පදිකය අවහිර වන ලෙස පොලීසියේ බස් රථ ගණනාවක් ගෙනවිත් නතර කිරීමට ඊයේ සවස පොලීසිය  කටයුතු කරමින් සිට ඇත.මෙම බස් රථ සමග කුරුදුවත්ත පොලීසියට අයත් WP LG 1406 අංක දරණ ලොරි රථයද එහි නතර කිරීමට පැමිණ තිබේ.පසුව එම ලොරි රථයට නැග ගත් නන්නාඳුනන පුද්ගලයකු එය පණ ගන්වා පසුපසට ධාවනය කොට එහි සිටි විරෝධතා කරුවන් යට කිරීමට උත්සාහ දරා ඇතැයි අනාවරණය වේ.

එහෙත් එහි සි⁣ටි අයවළුන්ගේ මැදිහත් වීමෙන් එම අපරාද ක්‍රියාව වැලකී ඇත.මෙම පොලිස් ලොරි රථය පදවා ඇත්තේ ⁣එම රථයේ පොලිස් රියදුරු නොවන බවත් එම රථය පදවා ඇත්තේ වෙනත් නන්නාඳුනන පුද්ගලයකු වන බවත් පසුව ඔහු එම රථයෙන් බැස පලා ගොස් ඇතැයිද වාර්තා වේ.     
මෙම සාහසික ක්‍රියාව මිරිහාන ජනපති නිවස අසල පසුගියදා සිදුවූ විරෝධතාව 
වේලාවෙිදී හමුදා බස් රථයක් විරෝධතා කරුවන්ට බාධාවක් වන ආකරයට මාර්ගය අවහිර ⁣වන ලෙසට නැවැත්වීමට කටයුතු කළ සිවිල් පුද්ගලයා ගේ ක්‍රියාව හා සමාන කමක් ඇතැයි ලංකා දවසේ නිරීක්ෂණයයි.
කෙසේවෙතත් යම් රියදුරකු වාහනයකින් බැස යන විට එය පනගන්වන යතුරු රථය තුළ තබා නොයයි.විශේෂයෙන් ආරක්ෂක අංශ වල එවැනි අතපසු වීමක් සිදු විය නොහැකිය.යම් විරෝධතාවක් පවතින ස්ථානයක පොලීසියට අයත් වාහනයක එහි යතුර තබා රියදුරු බැස යාම කිසිසේත්ම සිදු විය නොහැකිය.එය එසේ සිතන විට මෙම ලොරි රථයේ පොලිස් රියදුරු දැනුවත්වම මෙම සාහසික කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති බව  පෙනී යයි.
මෙම විරෝධතාව සිදු කර ස්ථානය ඉදිරිපිට ඇත්තේ ඇමරිකානු තානාපති කාර්යාලයයි.අනෙක් පස කොල්ලුපිටිය පොලීසියයි.අරලියගහ මන්දිරයේ ඇතුළත යුද හමුදාවේ හා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් සේවයේ නිරතව සිටී.එවැනි තියුණු ආරක්ෂක වටපිටාවක් පවතින ස්ථානයකට මෙවැනි අපරාදමය වරදකට පැමිණෙන යම් තැනැත්තෙකු එහි සේවයේ නිරත ආරක්ෂක අංශවල දැනුවත්ව පැමිනෙන්නෙකු බව අමුතුවෙන් සදහන් කළ යුතු කාරණයක් නොවේ.එය එසේ නොවන්නේ නම් ඒ තැනැත්තා මානසික ආබාධයක් ඇත්තෙකු විය යුතුය.  
කෙසේවෙතත් මේ සාහසික කුමන්ත්‍රණය පිටුපස ඇවන්ගාඩ් සේනාධිපති සිටින බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.මේ සාහසිකයා දිගින් දිගටම උත්සාහ දරමින් සිටින්නේ ආරක්ෂක අංශ හා මිල්ටෙරි නන්දසේනට හා රාජපක්ෂ සනුහරයට එරෙහිව විරෝධතා පවත්වන්නන් අතර ගැටුමක් ඇති කිරීමටය.කුමන්ත්‍රණකාරී අපරාද කරුවකු වන ⁣ඇවන්ගාඩ් සේනාපති මෙම සාහසික අපරාද සඳහා ඉතා අධික මිල ගනන් ගෙවා විශ්‍රාමික හමුදා සෙබළුන් යොදවා ගනිමින් සිටී.
පුද්ගලික ආරක්ෂක සේවාවක හිමිකරු වන මොහු දිගින් දිගටම සිදු කරන මෙම සාහසික කුමන්ත්‍රණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලමු.පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව  පිපිරූ බෝම්බ සකස් කරන ලද්දේද මේ මෙලෙච්ඡයා විසින් බව අපි වගකීමෙන් යුතුව සදහන් කරමු .⁣එම බෝම්බ සඳහා අවශ්‍ය ⁣වෙඩි ද්‍රව්‍ය  පානදුරයට ප්‍රවාහනය කරන ලද්දේද ඇවන්ගාඩ් ආරක්ෂක සේවාවට අයත් ලොරිි රථයකින් බව මේ වන විටත් අනාවරණය නොවූ සාක්ෂි අතර වේ.

Spread the love

Leave a Comment

You may also like