උණුසුම් පුවත්

අංජබජල් දේශපාලනයෙන් රට වලපල්ලට

Spread the love

රට තුල පවතින අර්බුද කාරී වටපි⁣ටාව උග්‍ර වෙමින් පවතී.ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් ජනතාව මුහුණ දෙමින් සිටින්නේද බරපතල අවදානමක⁣ය.නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වන්නන්ට ඉදිරි මාස කිහිපය සිතා ගන්නට නොහැකි තරමේ අහේනි සහගත පසුබිමක් නිර්මාණය වනු ඇත.ග්‍රාමීය පෙදෙස්වලට මෙම ආර්ථික අර්බුදය තවමත් දැනී නැති බව පෙනී යයි .ගම් වල ජීවත්වන්නන්ට ගෑස්  හෝ ඉන්ධන නැතිවීම එතරම් ප්‍රශ්ණයක් වී නැත.ගමේ ගොඩේ කොරටුවල එළවළු තිබේ.කොස් දෙල් තිබේ.කුඹුරු ගොවිතැනින් ලබා ගත් වී අස්වැන්න ඇත.⁣රට තුළ  පවතින ආර්ථික හා දේශපාලනික ගැටළු ගම තුළට තවමත් කාන්දු වී නැත්තේ ඉහත කාරණා නිසාය.

මේ වන විට ගාලු මුවදොර අරගලය දින පහලොවකට ආසන්න වී තිබේ.එම අරගලය තුල සටන් පාඨය වී ඇත්තේ රාජපක්ෂ වරු ⁣පාලනයෙන් ඉවත් විය යුතු බවය.ගාලු මුවදොර සටන් කරුවන් රැකියා හෝ ආහාර නොඉල්ලයි.ඒ නිසාම රාජපක්ෂවරු දේශපාලන⁣යෙන් ඉවත්වන වන තුරු අරගලකරුවන් අතරමැදි සාමයකට යන්නේ නැති බවත් පැහැදිලිය.
මේ අතරවාරයේ ත්‍රෛනිකායික හිමිවරුන් විසින් මිල්ටෙරි නන්දසේන වෙත ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ අග්‍රාමාත්‍ය හා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වී මැතිවරණයක් පවත්වන තුරු අන්තර් පාලන මණ්ඩලයකට බලය බාර දෙන ලෙසත්ය.එම ලිපියේ තවත් ඉල්ලීම් කිහිපයක් අන්තර්ගතව තිබේ.
එහෙත් රාජපක්ෂ සනුහරයද කවර ආකාරයෙන් හෝ බලය තුල රැඳී සිටීමට උපාය උපක්‍රම භාවිතා කරමින් සිටී.⁣මේ වන විට ඔවුන් ත්‍රෛනිකායික නායක හිමිවරුන්ගේ යෝජනා වලට  එකග වී ඇති බව පවසයි.එහිදී ත්‍රෛනිකායික හිමිවරුන් වෙත ලිපියක් යොමු කර ඇති මිල්ටෙරි නන්දසේන සඳහන් කර ඇත්තේ අන්තර්වාර  ආණ්ඩුවකට තමන් කැමැති බවය.ඉදිරි මාස කිහිපය තුළදී තමන් මෙරට ආර්ථික අර්බුදය විසදීමට කටයුතු කරන බවද මිල්ටෙරි නන්දසේන එම ලිපියේ සඳහන් කර ඇත.මේ ලිපිය තුළින්ද ඇඟවෙන්නේ මිල්ටෙරි නන්දසේන බලය අත් නොහරින බවය.

මේ වන විට ගොමිමන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ රජයට එරෙහිව ගෙන එන එන විශ්වාස භංගයට එකසිය විස්සකට ආසන්න මන්ත්‍රී වරුන් අස්සන් කර ඇති බවය.එම මන්ත්‍රීවරුන් ගේ අනන්‍යතාව කවරේද යන්න තවමත් ප්‍රසිද්ධ කර නැත.විරුද්ධ පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් විශ්වාස භංග යෝජනාවක් අස්සන් කරද්දී පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ කාරියවසම් අග්‍රාමාත්‍ය වරයාට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුනගෙන් අත්සන් ගැනීමට උත්සාහ කෙරුවද ⁣එම ලේඛනයට අස්සන් කරන ලද්දේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් පනහකට ආසන්න සංඛ්‍යාවක් බවද දැනගැන්මට ඇත.මෙි තොරතුර සත්‍ය නම් ආණ්ඩුව තුළ අර්බුදයක් පවතින බව සිතා ගන්නට පුළුවන.

ඒ අතර වාරයේ තමන් අන්තර්වාර පාලන ආණ්ඩුවකට කැමැති බව හා ඒ සඳහා සහයෝගය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.විපක්ෂ නායක වරයා මීට ඉහතදී කියා සිටියේ සක්විති රජකම ලැබුනද අන්තර් වාර පාලනයකට එකග නොවන බවය. එහෙත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු රැස්වීමකදී  සිය ස්ථාවරත්වය වෙනස් කොට අන්තර් වර පාලනයකට සම්බන්ධ වීමට විපක්ෂ නායක වරයා කැමැති වී ඇත.එම ආර්ථික කමිටු රැස්වීමේදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ⁣පවතින ආර්ථික අර්බුදය විසඳීමට තමන් ආණ්ඩුව සමග එක්වීමට පවා කැමති බවය.
පාර්ලිමේන්තු දේශපාලනය තුළ වූ බල අරගලය රාජපක්ෂ වරුන් ගේ බල කේන්ද්‍රය තුලම විසඳා ගන්නා ප්‍රවේශයකට අවතීර්ණ වී ඇතැයි අපට සිතේ.එහෙත් එය සමාජය තුළ පවතින ප්‍රශ්ණ අළුත් වටයකින් ඇරඹීමක් බව අපට පෙනී යයි.ඒ මන්ද යත් අරගලකාරී ජනතාවගේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ රාජපක්ෂ වරු මෙරට දේශපාලනයෙන් වහා ඉවත් විය යුතු බවය. මෙරට පමනක් නොව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ඉල්ලීමද මෙයම වෙි.ඊළඟට අර්බුදය මතු වන්නේ ජනපති පදවියේ මිල්ටෙරි නන්දසේන සිටියදී අන්තර් වාර පාලනයකට පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වෙන එකගතාවට එරෙහිවය.
ගාලු මුවදොර විරෝධතා කරුවන් රාජපක්ෂ වරු සමග කිසිම ආකාරයේ සම්මුතියකට යාමේ සූදානමක් නැත.ඔවුන් පාර්ලිමේන්තු නියෝජනයන්  සමගද ගනුදෙනුවක්ද නැත.මේ අරගල කරුවන් හඬ නගන්නේ මිල්ටෙරි නන්දසේන ගෙදර යා යුතු බවය.අගමැති ඉල්ලා අස්විය යුතු බවය.විපක්ෂය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සමග එක්ව අන්තර්වාර ආණ්ඩුවක් අටවා ගන්නට හදන්නේ  මෙවැනි වටපිටාවකය.අපට මේ ගැන කියන්නට ඇත්තේ මෙච්චරය.ඒ විපක්ෂයේ කෙරුම්කාර ආර්ථික ඔස්තාර්ලාටද කෙල වෙන්නේ මේ අර්බුදයේ දිග පලල හරියට තේරුම් නොගන්නා නිසා බවය. 

මේ හැම දෙනාම පළමුව තේරුම් ගත යුත්තේ ගාලු මුව දොර අරගලයේ සටන් පාඨය කුමක්ද යන්නය.එසේ නැතුව මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ සනුහරය සමග හුරතල් වෙන අන්තර්වාර පාලන කෙහෙල්මල් ගාලු මුවදොර අරගල කරුවන්ට අදාල නැත. මේ පසුබිම තුළ මෙරට දේශපාලනය ඇතුලත් ගැට පිටත් ගැට බව සදහන් කළ යුතුය.


Spread the love

Leave a Comment

You may also like