උණුසුම් පුවත්

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨා ගෙන් දැඩි බලපෑම්

Spread the love

පාස්කු ප්‍රහාරයේ මුල්‍ය දායකත්වය හා වෙඩි බෙහෙත්, අවි ආයුධ සැපයු ප්‍රධානම පුද්ගලයා සේනාධිපති බවට අපි නොදන්නවා නොවේ . මිනිමරා ගෝඨාව ජනාධිපති කිරීමට සිදුකල අනුපමේය මෙහෙයට අද ගෝඨාභය රාජපක්ෂ නිස්සංක සේනාධිපතිගේ වහලෙකි.

ඒත් දැන් දැන් රට තුල මතුවී ඇති අති දැවැන්තම රාජපක්ෂ විරෝධය හරහා සේනාධිපති ගේ පවුලේ අයව ඔහුට අයත් මාලදිවයින දුපතකට පිටත් කොට ඇරියාය. ඒ නිසාම පසු ගිය දා නිස්සංක සේනාධිපති විදෙස් රටක පදිංචියට ඉල්ලුම් කිරීමට පොලිස් නිස්කාශන  වාර්තාවක් ( Clearance Certifcate )ගැනීමට ඉල්ලුම් කලාය.

ඒ පිලිබදව නිසි ලෙසට නියමිත ක්‍රියාවන් සිදු කොට වාර්තාව පසු ගිය දා ඔහුට නිකුත් කොට තිබේ. ඒ වාර්තාවට අනුව මේ වනවිට අධිකරණයේ නිස්සංක සේනාධිපතිට නඩු 02ක් විභාගවිමට නියමිත්ව ඇති බවට වාර්තාවිය.

ඒ වාර්තාවේ එය සදහන් කොට තිබීම නිසා සේනාධිපතිට යකා නැග ඇත. ඔහු මේ පිලිබදව දේශ බන්දු තෙන්නකෝන්ගෙන් විමසා දේශබන්දු පොලිස්පතිට විරුද්ධව නිස්සංක සමඟ ගොස් සිද්ධිය කියා ඇත. ඒ වහාම ” පිස්සු නානසේන” පොලිස්පතිට හා නිතිය සාමය භාර ලේකම් ජගත් අල්විස්ට අම්මාමෝ නැතුව බනවැදි ඇත. වහාම මේ පිලිබද්ව සාකච්ඡා කොට නිස්සංක සේනාධිපතිට ඉතාම පිරිසිදු නිස්කාශන වාර්තාවක් ලබාදෙන ලෙසට දැනුම් දි ඇත.

මේ පිලිබදව “ලංකා දවස බුද්ධි තොරතුරුකරුවන්  ” විස්තර ලබාගත් අතරම් අපි මෙරට සියළුම තානාපති කාර්යාල ද දැනුවත් කිරීමට හෙට ක්‍රියා කරන්නෙමු.වහාම නිස්සංක සේනාධිපතිට වෙනත් බොරු වාර්තාවක් සකස් කිරීමට දැන් ලේකම් ජගත් අල්විස් උපදෙස් දි තිබුණත් පොලිස්පති ඊට ඒකඟ නොවීම සතුටකි.

පොලිස්පති වික්‍රමරත්න සමඟ අපට කුමණ ගැටළුවක් තිබුණත් එහිදි ඔහු යම් ස්ඨාවරයක සිටීම වැදගත්ය. එත් දේශබන්දු තෙන්නකෝන් මේවනවිට පොලිස්පති වරයාටද විරුද්ධව නිස්සංක සේනාධිපති සමඟ කරුණු විකෘති කොට කියා තිබෙන බව අපේ අභ්‍යන්තර වාර්තාකරුවන් සොයා ගෙන ඇත. කෙසේ වෙතත්  “ලංකා දවස  “අප මේ පිලිබදව දැඩි සෝදිසියෙන් සිටින්නේ පොලිස් නිලධාරින්
ලෙසට පොලිස්පති තම වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතයි අපේක්ෂාවේ.මේ අස්සෙම දේශ බන්දු පොලිස්පති පුටුවට කෙල හලමින් නිස්සංක හරහා ජනාධිපතිට කේලම් කියමින් සිටින බව අපවෙතට වාර්තාවේ.

එසේ නැති වුවහොත් නිස්සංකලා ගෝඨාභයලා ඔබලා වෙනුවෙන් තවත් දවසක් මෙරටට උත්තර දීමට පැමිනෙන් නේ නොමති බව වටහා ගත යුතුය.

දැන් බල්ලා මැරියාමට පණ අදින බව මැක්කන්ට තේරි ඇති නිසා මැක්කන් එකා දෙන්න දැන් බල්ලගෙන් පැනයන් බව අපී දුටිමු.


Spread the love
2 Comments
  1. I am really enjoying the investigative reports of your establishment. Unveiling truth to the entire world is praiseworthy. Admire and appreciate this effort.

Leave a Comment

You may also like