උණුසුම් පුවත්

පොලිස් ඇමති ගෙන තවත් වික්‍රමයක්…….හොරු අල්ලන්න ,ලෝක හොරු ASP ලා ලෙස පොලිසියට…..

Spread the love

” මෙච්චරකට හරි රටේ හොරකන් අඩු උන් සේරම පොලිසියට ගිහිල්ලනේ “…. මෙහෙම කියන්නේ ගමේ ගොඩේ මිනිසුන්ය. දැන් ඒ කියන කතාවලට ජීවය ලැබෙමින් ඇත. ඒ පසුගිය වසරේ සහකාර පොලිස් අධිකාරි තනතුරට (ASP ) බදවා ගැනීමට දෙසැම්බර් 31 දින 2020 වසරේ සම්මුඛ පරික්ෂණ සදහා පොලිස්පති ගේ දුරකථන පණිවුඩ අංක 512 අනුව අයදුම්පත්‍ර කැදවා ඇත.

ඒ අනුව පොලිස්පති,මහජන නිතිය හා සාමය භාර අමාත්‍යංශයේ ලේඛම්, රාජ්‍ය සේව කොමිෂන් සභාවේ සාමාජිකයෙකු හා ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් මෙම සම්මුඛ පරික්ෂණය පවත්වා ඇත. මෙම සම්මුඛ පරික්ෂණයට පොලිස් ඇමතිගේ ලේඛම්වරියකු වු මල්ලිකා සුරියප්පෙරුමගේ සැමියා ගේ නංගිගේ පුරුෂයා වන ප්‍රධාන පොලිස් පරික්ෂක සිල්වාද පෙනිසිට ඇත. මෙහිදි රටේ හොරු අල්ලන්න පත්කර ගැනීමට යන මේ සහකාර පොලිස් අධිකාරිවරු  08 දෙනෙකු ව්‍යාජව සකස්කරන ලද හොර උපාධි හා ඩිප්ලෝමා සහතික සමමුඛ පරික්ෂණයට දී ඇත.

මෙයින් පෙනි යන්නේ ශ්‍රි ලංකා පොලිසිය වැටි ඇති තැන කොතැනදැයි කීමට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවේ. මෙවනි පල් හොරු නඩයක් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙසට බදවා ගැනීමට වඩා හොද නමගිය පාතාලේ තක්කඩියෙක් පොලිස්පති තනතුරට පත්කොට උගේ නඩේකට මේ ආයතනය  විකුණා දමා කීයක් හෝ ගැනීම රටේ ජනතාවට කරන විශාල සේවයකි.එසේ නොමතිව මෙවනි පල් හොර මුලක් මෙරට ජනතාවට නඩත්තු කිරීමට ඇති රුදාව පොලිස්පති වික්‍රරත්න හෝ සරත් වීරසේකර රටේ ජනතාවට පැහැදිලිකර දිය යුතුය.

තම අධ්‍යපන සහතිකය සුදුසුකම් හොරට ගසා දුන් සියල්ලම  වහාම සේවයෙන් පහකල යුතුය. එම නිලධාරින් ව්‍යාජ උපාධි හා ඩිප්ලෝමා සහතික සේවයේ සිටියදීම ලබාදීම තවත් බරපතල වරදකි. එම පුද්ගලයන් නම්…..
1.කොල්ලුපිටිය-පොලිස් ස්ථානාධිපති – වැඩිම දුෂණ ප්‍රමානයකට නම කියවෙන   අයෙකි.
2 වැල්ලවත්ත- පොලිස් ස්ථානාධිපති
3 කුරුදුවත්ත-පොලිස් ස්ථානාධිපති
4   අනුරාධපුර- මුලස්ථාන පොලිස් පරික්ෂක
5. වව්නියාව -ප්‍රධාන පොලිස් පරික්ෂක
6. යාපනය -මුලස්ථාන පොලිස් පරික්ෂක
7 පැලියගොඩ- මුලස්ථාන පොලිස් පරික්ෂක
8 ත්‍රිකුණාමලය-  මුලස්ථාන පොලිස් පරික්ෂක යන පුද්ගලයන් තමා ගේ වෘතියට නොගැලපෙන ආකාරයට එම ව්‍යජ අධ්‍යාපන සහතික ලබාදීම පිලිබදව පොලිස්පතිවහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව ලවා විමර්ෂණයක් කලයුතුය. මෙවනි නිලධාරින් සුදුසු වංචා මඟඩිකාරයන් ගේ තිප්පොලවල් රැකීමටය .

මෙයින් දැඩි අසාධාරණයක් වී ඇත්තේ  වෘත්තිය සුදුසුකම් මත තම උසස් වීම අපේක්ෂාවෙන් සිටි නිලධාරින්ටය. දැන් සිදුව ඇත්තේ හොර සහතික දීපු එකාව රැකීමට පොලිසියේ එක්තරා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හා ඇමතිගේ ලේඛම් මල්ලිකා සුරියප්පෙරුම මුල්වී ඇති බවත්, අපවෙතට වාර්තා වී ඇත.

මේ නිසාම රටේ පොලිසියට හොරු ඇල්ලීමට හොරු බදවා ගන්නවාද…..? නෝසේනම් හොරු එලවා දානවාදැයි…….? රටේ ජනාධිපති තීරණය කලයුතුය .


Spread the love

Leave a Comment

You may also like