ඇමති කනක හේරත්ට අයත් රඹුක්කන පිහිටි ඉන්දන පිරවුම් හලට ලීටර් 39000 ක් පුරවා ගත් බවුසර් දෙකක් පැමිණ තිබේ. ඒ පසුගිය දා ඉන්දන මිල ඉහල යාමට පෙර දිනය. ඒ සමඟම කෑගල්ල කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න විසින් ඉන්දන බවුසර් ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට ස්ථානාධිපතිට නියෝග කොට ඇත.
පොලිස් ස්ථානාධිපති විසින් ඉතාම රහසිගතව කෑගල්ල ඇමති කනකහේරත් ගේ ඒම බවුසර් දෙකට ආරක්ෂාව ලබාදි ඇත.දින ගනනාවක් පුරාවටම ඉන්දන නොමතිව සිටි ප්‍රදේශයේ ජනතාව මේ වනවිටත් ඉන්දන ඉල්ලා උද්ගෝෂණය කරමින් සිට ඇත. ජනතාවට කනකගේ පිරවුම් හලට ඉන්දන පැමිණි බවට ප්‍රදේශය පුරාම ආරංචිය පැතිර යාම නිසාම ජනතාව දිගටම ඉන්දන ලබාගැනීමටපැමිණ තිබේ .ඒවා බවුසර්වල ඇති නමුත් ඉන්දන හලට ලබා නොදි පසු දින මිල ඉහල යන තෙක් රදවා තබාගෙන ඇත.
මේ තිරිසන් ක්‍රියාව අවසානයේ අහිංසකයෙකු ගේ ජිවිතයෙන් වනදි ගෙවීමට සිදුවිය. කනක හේත්ට ජනතාව දිගින් දිගටම විරෝධය පෑම නිසාම ප්‍රදේශයේ දැඩි වාහන තද බදයක් ඇතිව තිබේ. පසුව පසු දින තෙක්ම මෙම උද්ගෝෂණය පැවති අතරම ඒ ජනතාව කිසිදු දේපලකට අලාභානි කොට නැත.
ජනාතාව ඉන්දන ලබාදෙන ලෙසත් “ගෝඨා ගෝ හෝම්” කියමින් අසල ඇති රේල්පාර ද අවහිර කොට ඇත. පසුව කැගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති රත්න ,සහකාර පොලිස් අධිකාරි ධරමරත්නත් ,පැමිණ පොලිස් ස්ථානාධිපති කිංස්ලි හේරත් යන තිදෙනාම මාර්ගයට පැමිණ තිබේ.

පොලිස් නිලධාරින්ම ප්‍රකාශ කරන ආකාරයට කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා බීමත්ව සිට ඇත. ඒ බවට මේවනවිටත් තහවුරු වී ඇත.
කෙසේ නමුත් මෙම නිලධාරින් අවස්ථා කීපයකදීම කනකට හා ප්‍රවාහන ඇමති මෙන්ම පොලිස් මහජන කටයූතු භාර ඇමති දිලුම් අමුණුගමට විටින් විට දුරකතනයෙන් අමතා ඇත. ඒ සැම විටම ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විමසා ඇත්තේ ….” සර් මාව බලාගන්නවාද……? වෙඩිතියලා දාන්නද.. …? විටෙක කනක හේරත් කියා ඇත්තේ එපා වෙඩි තියන්න කියලාය. ඒත් තවත් අවස්ථාවකදි දිලුම් අමුණුගමට කතා කොට සර් මාව බලා ගන්නවා නම් මම සේරම ඉවර කරලා දාන්නම් හා හරි…….. බයවෙන එපා මම බලාගන්නවා..යන්න පොලිස් නිලධාරින් විශාල පිරිසකට ඇසි ඇත.
ඒත් සමඟම බීමත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ” වෙඩි තියපල්ලා ගහපියව් …තියපන් … තියපන කියා ඔහු විසින් කැගල්ලෙන් රැගෙන පැමිණි නිලධාරින්ට හඩ නඩා කියා ඇත. එවිට ප්‍රදේශවාසින් වෙඩි නොතියන ලෙසට කියා බැගෑපත් වුවත් දිගටම ටි 56 උණ්ඩ 96ක් පත්තු කොට ඇත. මෙය ත්‍රස්ත්වාදයක් මැඩලීමත් අබිබවා ගිය බේබද්දෙකු විසින් සිදුකල විනාශයකි. මේ සිදුවීම තුලින් මුලින්ම වෙඩි වැදි වටුන පුද්ගලයාට ඉතාම ආසන්නයටම ගොස් වෙඩි තැබු බවට දැන් සාක්ෂි ඉදිරිපත් වේ.
මෙම බීමත් තිරිසන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිදුකල විනාශයෙන් පොලිස් සංහතියම ජනතාවට වහකදුරු විය. එසේම මොහු වහාම අත් අඩංගුවට ගතයුතුය. මිනිමැරීම හා බීමත්ව රාජකාරිකිරීම යටතේ චෝදනා ගොනු කල යුතුය.
ඉන් සිදු විනාශය අසංහතියම අහිංසක දරුපවුලකට පියෙක් හා බිරිදට ස්වාමියෙක් නැති විය. මෙය පොලිස් ඉතිහාසයේ වික්‍රමරත්න නැමති කාලකණ්නි පොලිසියට එක්කල තවත් කළුපැල්ලමකි.