වෙනත්

මුහුණ වසා ගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තම තුන්රෝද රථයට ගිණි තබන ලදැයි අදාල තුන් රෝද රථයේ රියදුරු කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ සාක්ෂි දෙමින් පවසා ඇත.

Spread the love

මුහුණ වසා ගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තම තුන්රෝද රථයට ගිණි තබන ලදැයි අදාල තුන් රෝද රථයේ රියදුරු කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ සාක්ෂි දෙමින් පවසා ඇත.

මෙහිදී ඔහු සාක්ෂි දෙමින් පවසා ඇත්තේ ටී පනස් හය ගිණි අවිරැගත් පොලීසියේ තිදෙනෙකු දුම්රිය නිල නිවාස වල වැසිකිලි දොරවල් කඩමින් තමන් සෙවූ බවත් අනතුරුව කොට තුවක්කු රැගත් නිළධාරීන් දෙදෙනෙකු තමන්ගේ තුන් රෝද රථයට ගිණි තුබූ බවය.තම තුන් රථයේ සම්පූර්ණයෙන්
ගිණි ගෙන අවසන් වනතෙක් තමන් එහි රැඳී සිටි බවත් උඹ දඟලනවා වැඩියි පොඩි උන් පොඩි විදියට ඉන්න ඕනෑ යැයි කියමින් ඕඅයිසී මහත්තයා තමන්ට තර්ජන  කළ බවත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පව
කෑගල්ල ඡෙ.පො.අධිකාරී බල ප්‍රදේශයට රඹුක්කන සිදුවූ මහජන විරෝදතාවකදී තරුණයකු මිය යාම පිරිසකට තුවාල සිදුවීම හා දේපොළ වලට අලාභ හානි කිරීම පිළිබඳව ඊයේ (19)බී වාර්තා දෙකක් මගින් කෑගල්ල ⁣මහේස්ත්‍රාත් වාසනා නවරත්නට  වෙත කරුණු ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් බී වාර්තාවක් මගින් පොදු දේපොල හානි කිරීමේ චෝදනාව යටතේ සැකපිට අවුරුදුු දහ අටක පාසැල් ශිෂ්‍යයෙක්ද අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.
මෙම විරෝධතාව පැවැති සියළු ස්ථාන  මහේස්ත්‍රාත් වරිය විසින් පරීක්ෂා කළ අතර එහිදී අගතියට පත් පාර්ශව වෙනුවෙන් නීතිඥයන් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

මෙහිදී පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවෙි සදහන් කර තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 298  යටතේ වරදක් සිදු කරන ලදැයි කියවෙන නොසැලිකිලිමත් ලෙස මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද යන්න පොලීසිය විසින් මකා දමා ඇති ආකාරය මහේස්ත්‍රාත්වරියගේ අවධානයට ලක් වී ඇති අතර ඒ පිළිබඳව නීතිඥ මණ්ඩ⁣ලයේ දැඩි විරෝධතාව පොලීසිය වෙත එල්ල කරන ලද බවද දැනගැන්මට තිබේ.

අධිකරණය බාරයේ පැවැති එම බී වාර්තාව වෙනස් කිරීම ගැන පොලීසිය අධිකරණයෙන් සමාව ඇයද සිටියද මහේස්ත්‍රාත්වරිය මෙම වැරැද්ද පොලිස්පති වරයාට වාර්තා කොට අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට  නියෝගකර ඇත.

මෙහිදී අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුඅධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ප්‍රථමයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාද නඩුවක මූලික සිද්ධාන්තයක් බවත් යන්නය.

මෙම මූලික නීති සිද්ධාන්ත නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් ඛේදජනක සිද්ධියක් ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්නේදැයි තමන්ට සැක සහිතයැයිද ඒ නිසා දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම වෙනුවට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂන සිදු කිරීමට නියෝග කරන ලෙසත් නීතිඥ වරුන් විසින් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී. 

එසේම රජයේ නිතිඥවරයාට හා පොලිසියට මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙසට දෝෂාරෝපනයක් කරමින් අධිකරණය නොමග යවන සුළු වැඩ නොකරන ලෙසට දැනුම් දී තිබේ.  
අද දිනයේද මේ සම්බන්ධයෙන් අධිකරණ විභාගය පැ⁣වැත්වෙමින් තිබෙ

Spread the love

Leave a Comment

You may also like