වෙනත්

අලි හොර විනිසුරු නිදහස් අදහස් ප්‍රකාශයට එරෙහිව පැමිණිලි කරලා.

Spread the love

අධිකරණ තීන්දු වලට බලපාන ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් අධිකරණ විනිසුරුවරුන්ට හා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමි 

කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න ඊයේ (20)අපරාද පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් පසුගිය 16 වැනි දිින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය වෙත කරන ලද පරමිණිල්ලකට අනුව ඊයේ අපරාද  පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීී⁣මෙන් පසුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය කර ඇත.
BASL ඉලෙක්ෂන් 2019/02 යන නමින් වට්ස් ඇප් සමුහයක් හරහා දූෂිත අලි හොරු අධිකරණයට පත්කිරීම සම්බන්ධයෙන් BASL වහා මැදිහත් විය යුතුයි නැතහොත් අනිටු විපාක ලගදීම යනුවෙන් ප්‍රකාශයක් ප්‍රචාරය වී ඇති බවට එම පැමිණිල්ලේ සටහන් වී ඇතැයි දැන ගැන්මට තිබේ.
මෙම පැමිණිල්ලේ පැමිණිලි කරු වන විනිසුරු තිලිණ ගමගේ තමාට එරෙහිව අලි නඩුවක් පවරා තිබූ බවද තමා ඉන් නිදොස් කොට නිදහස් කරන ලද බවද ඒ නිසා මෙම ප්‍රවෘත්තිය  සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වීම තුලින් ජනතාවට සංනිවේදනය වන බවත් එය මහජනයා අතර කැළඹීමක් ඇති විය හැකි කාරණයක් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයටද බාධාවක් බවද  සදහන් කර ඇත.

විනිසුරු තිලිණ ගමගේ අලි හොර තඩියෙක් බව අප නැවත සදහන් කරමු. මේ තක්කඩියා හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වය උකසට තබා තමාගේ  පාහර පැටිකිරිය පිරිසිදු කර ගන්නටය. තිලිණ ගමගේ අලි නඩුවෙන්  නිදොස් කොට නිදහස් වූ ආකාරය ගැන බබා කතා අපට අවශ්‍ය නැත.

ඒ නිදහස ලැබුණේ මිල්ටෙරි නන්දසේනට විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබුණ අසීමිත ඒකාධිපති බලතල වලට පින් සිද්ධවෙන්ටය.මෙි තිලිණ ගමගේ යනුදේශපාලකයෙකි.විනිසුරුව ලෝගුව ලා ගත් පමණින් තම දේශපාලන පක්කිලි කම අතුරුදන් නොවන බව අපි තිලිණ ගමගේට කියමු.

දිනේෂ් ගුණවර්ධන නාගරික සංවර්ධන අමාත්‍ය වරයා ලෙස කටයුතු කරන අවදියේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූයේ මේ තිලිණ  ගමගේය.මේ වන විටත් මොහුගේ සොහොයුරා වන සුලෝචන ගමගේ මහරගම නගර සභාවේ  පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකි.

තිලිණ ගමගේ විනිසුරු වරයකු ලෙස සේවයේ නිරතව සිටියදී කැසිනේ සමාජ ශාලාවක සිය නිල පිස්තෝලය යමෙකුට එල්ල කොට තර්ජනය කිරීමේ සිද්ධියක්  පිළිබඳවද ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.නිල පිස්තෝල භාවිතය සම්බන්ධයෙන් පවතින නියෝග පරිදි මෙවැනි වරදක් සිදු වූ විට ඔහු සන්තකයේ පවතින ගිනි අවි බලපත්‍රය අවලංගු කළ යුතුය.එහෙත් අපට වාර්තා වී ඇති පරිදි තිලිණ ගමගේ සම්බන්ධයෙන් එම නීතිය ක්‍රියාත්මක වී නැත.තවදුරටත් මින් අනාවරණය වන බරපතල කාරණය වන්නේ විනිසුරුවරයකු කැසිනෝ  සමාජශාලා වල සූදු කෙලීමයි.එහෙත් මොහු විසින් සිදු කරන ලද මේ වැරදි කිසිවක් සම්බන්ධයෙන්  අධිකරණ කොමිෂම ඇහැක් ඇර බැලුවා කියාවත් අපට ආරංචි වී නැත.   
දැන් මේ තක්කඩියා හදන්නේ පොලීසිය හා අධිකරණය යොදා ගනිමින් තමන් මහා ශුද්ධවන්තයකු ලෙසට බෞතීස්ම වන්නටය.මෙවැනි පාදඩයන් අධිකරණ විනිසුරුවරයන් ලෙස සේවය කරන තුරු මෙරට නීතිය පිළිබඳව ජනතාව අතර විශ්වාසයක් නැති වීම පුදුමයට කාරණයක් නොවේ. සිය පැමිණිල්ල මගින් කියා ඇති පරිදි අධිකරණයේ ස්වාධීනත්වයට බාදා වන ලෙස හා අගෞරවයට පත්වන ආකාරයෙන් කටයුතු කර ඇත්තේ එම වට්ස් ඇප් සමූහය නොව  තමන් විසින්ම බව තිලිණ ගමගේට සිහි කරන්නට අප කැමතිය.මෙවැනි පාදඩයකු විනිසුරු අසුනේ තබා ආතල් ගන්නා අධිකරණ කොමිෂමේ නපුංසකයන්ගෙන්ද  අප ඒ ප්‍රශ්ණයම අසන්නට කැමැතිය.මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන ලෙස අපි අපේ විදේශගත මිතුරන්ගෙන් ඉල්ලමු.ඒ මෙරට ජනතාව මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළ හොත් අධිකරණයට අපහාසයක් කරලා යැයි චෝදනා නගන්නට තිලිණ ගමගේ වැනි පාදඩ වරෙන්තුවන්ට ඉඩ කඩ පවතින නිසාය.
මෙරට අධිකරණය තුළ පවතින මජර පසුබිම පිළිබදව ජාත්‍යන්තරව හෝ ප්‍රචාරය කොට මෙරට අධිකරණය ස්වාධීන ⁣ආයතනයක් දක්වා තහවුරු කිරීම සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ
ම වගකීම හා යුතුකම වන්නේය.

Spread the love

Leave a Comment

You may also like