මිලේඡ්ච ප්රහාරයක් එල්ලකොට රට අද තිබෙන තැනට වැට්ටු ගෝඨාභය වසර 10 ක් බලයේ සිටියත් කිසි දවසක පාස්කු ප්රහාරයේ සැකකරුවන් අත් අඩංගුවට නොගන්නා බව අපි කීවේ මීට වසර දෙකහමරකට පෙරය . ඒ අදවැනි දවසක ප්රහාරය එල්ල වීමෙන් පසුව අපි විසින් කරණ ලද විමර්ෂණවලින් හා සොයාගත් සාක්ෂි මත මෙම කුමන්ත්රණයේ මහමොළකරු වු එවක රාජ්යබුද්ධි අංශයට අනුයුක්තව සිටි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙ බවත් ,ඊට අවශ්ය මුල්ය හා අවි ආයුධ සපයා දි ඇත්තේ නිස්සංක සේනාපති විසින් බවටත් ඉතාම වැදගත් තොරතුරු රාශියක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබුණි. ඒත් සමඟම ඒ සියල්ලම් උඩු යටිකුරු කිරීමට නැවත ,නැවත මෛත්රිපාල සිරිසේන පැවති රජය යටතේ නිසි විමර්ෂණයක් සිදු කිරීමට ඉඩ නොදුන්නාය. ඒ තමාද මේ මිලේඡ ඝාතනයේ කොටස්කරුවෙකු බව දන්න නිසාය. අවසානයේ රටේ ආරක්ෂාව නැමති ලේ තැවරුනු කඩමල්ලකට මුවාවි තමාගේ යටගිය නඩු 35 වසාගෙන සැලසුම් සහගත ආකාරයටම බලයට පැමිණීමට ගෝඨාභය ප්රතිඥා දුන්නාය.
අපි මීට පෙර කී පරිදිම නිතිපතියේ දැන් වෙන්න නිතිපති දිලීප පීරිස් හා රාජ්ය බුද්ධි අධ්යක්ෂක මේජර් ජෙනරාල් සුරේස් සලේ හා පොලිස්පති සී. ඩී. වික්රමරත්න එක්කව මීළඟ ජුනි ජිනීවා මානව හිමිකම් කොමිසම ආරම්භයට පෙර පාස්කු ප්රහාරයේ තවත් තුප්පැහි නාටකයක් අරභා තිබේ.
රාජපක්ෂලාගේ අසුජිකන වික්රමරත්නට වඩා අද පොලිසියේ නිතිගරුක හා අවංක නිලධාරින් බොහෝ දෙනෙකු කෙලින්ම අප හා සම්බන්ධවි සුවිශේෂිත තොරතුරු සාක්ෂි සහිතව අපට ලබාදීම පිලිබදව එම සියළු නිලධාරින්ට ජාතියේ ප්රනාමය හිමි විය යුතුය.
මේ නාටකය සලේ නිර්මානය කරන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරාදැමීමට ය. ඒ පසුගිය දා වැලිකඩ සිරකරුවන් ඝාතනයේ දැනට එල්ලුම් ගස් නියම්ව ඇති හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එමිල් රංජන් ළමාහේවාට ජනාධිපති සමාවක් ලබාදීමට නම් පාස්කු ප්රහාරයෙන් රාජපක්ෂලාගේ නම සුද්ධකර දිය යුතුය. කොන්තරාත්තුව තුට්ටු දෙකේ පල් හොරෙකුට භාර කොට ඇත.
https://www.youtube.com/watch?v=guovB-OJoFU
ඒ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා පොලිස් අධිකාරි මෙරිල් රංජන්, ඒ වැඩේ හිස් මුදුනෙන් පිලිගත්තේ රාජපක්ෂලාට ඇති බයාදු කමටත් වඩා එල්ලුම් ගස් ගිය තම සොහොයුරා බේරා ගැනීමටය. මෙරිල් රංජන් කලින්ම ඔය ගැටයට හසු වු බව අපි ලීවේ මීට මාස කීපයකට පෙරය. (ඒ ලිපිය කියවන්න ) එදා ජංගි වීරසේකර මහමොළකරු ලෙසට ලොතරැයි ඇද තෝරාගත් එකාද අබල දුබලයෙක් වු නිසාම ජංගි සරත් ගේ ඒ ගේමත් සිතූ තරම් සාර්ථක නොවීය.
ඒත් ඊට පෙර මඩකලපුව ,අම්පාර , සයින්දමරදු බස් වලට මගින් ලෝඩ් කරන්න පුද්ගලයා ඇල්ලුවේ එවක අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි තවත් රාජපක්ෂ ලා ගේ අසුජි වටලප්පන් යැයි සිතා කණ නියෝජ්ය පොලිස්පති වෙදි සිංහය. වෙදිසිංහ එදා මහමොලකරු අල්ලා කාදිනල් නිවසින් දිවා ආහාර ගත් බව අපි නොදන්නවා නොවේ.
ඊළඟ නාටකය පත්තු කිරීමට සලේ දුන්නේ අපුරු කොන්ත්රාත්තුවකි. ඒ හිජාස් හිස්බුල්ලා මහමොලකරු කොට නිතිපතියේ වෙන්න නිතිපති දිලීප පීරිස් සමඟ සලේ සියල්ලම කුමන්ත්රණය කලේ එවක අධ්යක්ෂක වු පොලිස් සංහතියේම ප්රබලම දුෂිතයා සමඟය ඒ වර්තමාන නියෝජ්ය පොලිස්පතිරොහාන් ප්රේමරත්න සමඟය.
සලේ කී ආකාරයටම රොහාන් ප්රේමරත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගානිකාවක් ගානට දැම්මේ රෝහානගේ ඇති කුණු ටික වසා ගැනීමටය. එහිදි හිස් බුල්ලාව මහමොලකරු කිරීමට අද වගේම ලස්සන සාක්ෂියක් ලීවේ පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවාය. සහරාන් ගේ බිරිද වු ෆාතිමා හාදියා ගේ ප්රකාශයෙන් කීවේ පාස්කු ප්රහාරය සියල්ලම සැලසුම් කල මහ මොළකරු වෙන කවුරුත් නොව නිතිඥ හිසාජ් හිස්බුල්ල බවයි එත් සරත් වීරසේකර ගේ හා සුරේෂ් සලේ ගේ ගැටය ලිහුනේ එදා අධිකරණයේ නිතිඥ හිසාජ් හිස්බුල්ල පිලිබදව ඉදිරිපත් කල B වාර්තාවෙනි පාස්කු ප්රහාරයටත් පෙරදීම නිතිඥ හිසාජ් හිස්බුල්ල විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉතාම වැදගත් තොරතුරක් ලබාදි තිබුණි . ඒ පිළිබඳව කිසිදු තැකීමක් කොට නැත.
ඒ කරුණ අධිකරණයේදි එලියට පැනීමෙන් සලේ ගේ හා සරත් වීරසේකර ගේ රෙද්දේ රෙවි ඔහුට ඇප දීමට සිදු විය.
එත් ඊට පසු සලේ ගැහුවේ අමුතුම තාලයේ ගැටයකි. ෆාතිමා හාදියා ලවා නැවත ප්රකාශයක් ලියා ගැනීමට සලස්වා එකෙන් හිටපු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති කීර්තිමත් අපරාධ විමර්ෂකයෙකු වු රවි සෙනවිරත්න හා ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර දෙදෙනාම විනාශ කිරිමටය.
එදා ෆාතිමා සාදියා ගෙන් ලියු ප්රකාශය දැන් සරත් වීරසේකර ළඟ වගේම අපි ළඟත් ඒ අපුරු ප්රකාශය ඇති බව ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. දැන් රවී හා ශානි ඇල්ලීමට නැවත ෆාතිමා සාදියා ගෙන් ප්රශ්න කොට ප්රකාශ ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවට වැඩක් නැත. මේ ලිපිය ලියන මොහොතේත් එම ප්රකාශය මෙරිල් රන්ජන් තම ” “පැඩ් ” එකේ ලියා ඇත. (අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලියන සටහන් පොත ) දැන් ඒ ෆාතිමා දුන් ප්රකාශය ද අප සතුව තිබෙන බවත් ජංගි සරත්ට ආඩම්බරයෙන් සිහි ගන්වන්නෙමු.
පාස්කු ප්රහාරයේ මහ මොළකරුවන් පිලිබදව ශානි හා රවි ඉතාම සුවිශේෂිත විමර්ශනයක්කර තිබුණි. ඒත් එදා ඒ සියල්ලම කණපිට ගැසු පාහරයා මෛත්රිපාල බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නේ සාක්ෂි සහිතවය.
පාස්කු ප්රහාරය පිලිබදව මහමොළකරු ගේ සිට සැලසුම් කරු දක්වාම යම් දවසක අපි රටවෙනුවෙන් පැමිණ නොමිලේම විමර්ෂණයන් කරදීමට තරන් සාක්ෂි හා ඒවනි විමර්ෂකයන් වු අවංක නිලධාරීන් අප සමග සිටින නිසාය.
දැන් සලේ ලාට අපි අභියෝගකරන්නේ ෆාතිමා තම ප්රකාශය දෙනකොට ” මම කතාකලේ සැම්සුන් 01 ෆෝන් එකෙන් තමා ” ….යනුවෙන් ලියවුනේ දෛවයේ සරදමකට දැයි අපි ජංගි සරත්ගෙන් අසන්නෙ තවත් අටුවා ටිකා අවශ්ය නොවනු ඇතැයි පොලිස්පති ගොබ්බ වික්රන්මරත්නට හා මේජර් ජෙනරාල් සලේට මතක් කරමින් ය.
ඒත් සලේලාට හා ගෝඨාභයලාට ඇති එකම ගැළවුම හා සැනසීම රවිලා ,ශානිලාව ඝාතනය කිරීමය. ඒ ඝාතනය මිනිමරු ජගත් අල්විස් සිදුකල සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මරා දැමීම් නොව ඒ සියල්ලම ස්වභාවික කොරෝනා ඝාතනයන් ය. අවසානයේ සියල්ලම පිච්චී අළුකරනු ඇත.එදා මංගල ,කිලී, සමන් වීරසිංහට කොරෝනා හැදුනා සේ රවීටත් ,ශානිටත් කොරෝනා වැලදි පෙනෙහළු ආබාධ ඇත්වී නියුමෝනියාව වැලදි මිය යනු ඇත. ඒත් අපේ නිරික්ෂණය නම් ඒ සියල්ලම රාජපක්ෂ හමුදා ජුන්ටාව මාරාන්තික විකරණයක් වු යුක්රේනයේ ඇති පොලෝනියම් 210 දැයි අපිට නම් සැකය. මේ මිනිමරුවන් පලවා රට මුදා නොගත හොත් , අපගේ තොරතුරු කරුවනට අනුව දැන් රවි සෙනවිරත්නගේ හා ශානි ගේ ජීවිත රැඳී ඇත්තේ මිනිමරු ගෝඨාභය රාජපක්ෂ ගේ බල්ලන් වු සලේලා ,මෙරිල් රංජන්ලා අතේය.
මෙරට් සිටින මරි මෝඩ 69 ලක්ෂයක්ම ඊට ඡන්දය දි මහා සිංහලයෙකු රජවන බවට ස්ත්රො ගී ගයා රුවන්වැලි සෑය ඉදිරිපිට දිවුරුම්දි බලයට පැමිණියත් ,එදා සිටම තමා මරාදැමු අහිංසකයන් ගේ විලාපයෙන් තමාව බලයට පත් කල උනුත්, අනීත දුකක් විදිමින් ” දිට්ඨ ධම්ම වේදනීය කර්මයම ” මෙලෝවදීම පෙන්නා තිබේ.
දැන් ගෝඨාභය මනසික පිස්සෙකි. තමා කරන කියන දේවත් නොදන්න තරමටම පිස්සු වැටි ඇතිබව රටත් ලෝකයත් දකි. අද සලේලා ,මෛත්රිලා, නිස්සංකලා ,ශාම්මිලා ,ජවුෆ්රලා ,දේශ බන්දුලා ඉතාමප්රිති ප්රමෝදයෙන් සිටියත් ඒ වතුර පැසවන තුරු පමණි. දැන් හැලිය ඇත්තේ පිපේය. ජනතාව ගින්දර දමමින් ලිප මොලවන බව එකි ප්රහාරයේ ජීවිත බිලිගත් ගෝඨාභය ඇතුළු දඩ බල්ලන්ට අපි මතක් කරන්නේය.
මිය ගිය ඒ ලොකු ,කුඩා අහිංසකයන්ට මෙවනි අවාසනාවන්ත රටක නොවිපදේවායි වසර 03ක් වන අද දින ලංකා දවසේ අපේ ප්රාර්ථනාවයි. ඒ සමඟම ඔබට යම් දිනයක අපි යුක්තිය ඉටුකිරීමට වෙනත් ආණ්ඩුවක් යටතේ ක්රියා කරන බවත සපථ කරන්නෙමු.