රඹුක්කන මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න පිළිබඳව අපට දිගින් දිගටම තොරතුරු ලැබෙමින් පවතී.මෙම ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා උප සේවා උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවයට එක් වීමට පෙර මහ ඉඳුරුව කුඩා ප්‍රමාණයේ සිල්ලර හාල් අලෙවිහලක් පවත්වා ගෙන ගොස් තිබේ.
මොහු මිද්දෙනිය සිට මහ ඉඳුරුවට පැමිනෙන්නේ සිය වැඩිමහල් සහෝදරිය මහ ඉඳුරුව ප්‍රදේශයේ විස්කි නම් පුද්ගලයකු හා විවාහ වීම නිසාය.මේ විස්කිද ප්‍රදේශයේ චාටර් තැනැත්තෙකි.
කීර්තිරත්න මිද්දෙනිය ප්‍රදේශයේ විද්‍යාලයක අට වසරට අධ්‍යාපනය හදාරන ලද අයෙකි. මහ ඉඳුරුවේ විස්කි මස්සිනා කීර්තිරත්නට ඉඳුරුව ගුරුකන්ද විද්‍යාලයේ එවකට විදුහල්පති හේම දිසානායක ලවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ලදැයි සහතිකයක් සකස් කරවා ගනී.කිසිදිනක මහ ඉඳුරුව ගුරු කන්ද විද්‍යාලයේ ශිෂ්‍යකු නොවූ කීර්ති රත්න එම විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ බවට ව්‍යාජ සහතිකයක් ලබා ගන්නේ විස්කි මස්සිනා ගේ චාටර් දක්ෂතාව නිසාය.
මෙරට පොලිස් දෙපාර්තමේන්තුව වැටී ඇති බාල්දු තත්වය මෙි සිද්ධියෙන් තහවුරු කර ගත හැකිය.කීර්තිරත්නට ව්‍යාජ සහතිකය නිකුත් කළ විදුහල්පති
වරයා විශ්‍රාමිකව තවමත් ජීවත් වේ.පොලීසියට ඕනෑ නම් ඉඳුරුව ගුරුකන්ද විද්‍යාලයේ මේ අවධියේ අධ්‍යාපනය හැදෑරූ ආදි ශිෂ්‍යන්ගෙන් මේ අප සඳහන් කරන තොරතුරු සත්‍යදැයි තහවුරු කර ගත හැකිය.කෙසේවෙතත් මේ තොරතුරු වල සත්‍යතාව වෙනුවෙන් අපි කිසිදු සැකයකින් තොරව පෙනී සිටිමු.
අට සමතකු පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු දක්වා
උසස්වීම පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව අප තුළ පවතින විශ්වාසය ඉතා බරපතල ලෙස පලුදු වන කාරණයකි.
කෙසේවෙතත් අද වන විට මෙරට පොලිස් ස්ථාන බොහොමයක ස්ථානාධිපති වරු ලෙස සේවයේ නිරත වන්නේ මෙවැනි ව්‍යාජ සහතික ලබා දී පොලිස් උප සේවාවට එක් වූ පුද්ගලයන්ය.පොලිස් සේවාවට අනුයුක්ත සේවාවක් ලෙස ආරම්භ කරන ලද මේ පොලිස් උප සේවාව ස්ථිර පොලිස් සේවාවට සම්බන්ධ කරන ලද්දේ ජනපති මහින්ද රාජපක්ෂය. ඒ රාජපක්ෂ සනුහරයේ තක්කඩි වුවමනාවන් සඳහාය.අද රාජපක්ෂ වරුන්ගේ සියලු පක්කිලි කම් වලට සම්බන්ධ වී සිටින්නේ මේ පොලිස් උප සේවාවේ සිට ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරන ලද අයවළුන්ය.
පොලීසිය දේශපාලනීකරණය කොට පොලිස් ස්ථිර සේවාවේ සේවයේ නිරතව සිටි පොලිස් නිළධාරීන් උස්සා පොළොවෙි ගැසුවේ මහින්ද රාජපක්ෂය
ස්ථිර පොලිස් සේවාවෙි නිළධාරීන් අද දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කරන්නේ අත පල්ලෙන් වැටී ගාණටය.
මෙරට පොලිස් ස්ථාන වල පොදුජන පෙරමුණේ දේශපාලන කාර්යාල ලෙස පවත්වාගෙන යන්නේ අඩු සුදුසුකම් සහිත පොලිස් උප සේවාවට සම්බන්ධව සිටි මේ පොලිස් රැළය. රඹුක්කන සිද්ධියට සම්බන්ධ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාද එම කුලකයට අයත් තැනැත්තෙකි.
කෙසේවෙතත් රඹුක්කන පොලිස් ලොක්කා ගැන අප අනාවරණය කරන ලද තොරතුරු සත්‍යද යන්න විමර්ශනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ අත් නොහළ යුතු වගකීමකි.තවදුරටත් පොලිස් දෙපාර්තමේන්තුවට වංචා කළ මෙම තැනැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුමය.