වෙනත්

හමුදාපති ගේ මිනීමරු අදහස් එළියට

Spread the love

රඹුක්කන මහජන විරෝධතාවේදී පොලිස් ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාඅපකීර්තියට පත්වන ආකාරයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා WHATS APP සමාජ මාධ්‍යයේ විවිධ අසත්‍ය ⁣තොරතුරු පල කරන බවට අපට දැන ගැනීමට ලැබී තිබේ.

හමුදාපතිවරයාගේ මෙම විෂමාචාර ක්‍රියා කළාපයට එරෙහිව අද (20) පාර්ලිමේන්තුවේදී කතා කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා ප්‍රකාශ කරන ලද්දේ හමුදාපති වරයා විසින් මෙම මියගිය තරුණයා දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස හුවා දක්වමින් WHATAS UP GROUP වල සටහන් තබා ඇති බවය.
දේශපාලනයෙන් තොරව ස්වාධීනව කටයුතු කළ යුතු තනතුරක් වන හමුදාපති ධුරය දරණ ශවේන්ද්‍ර සිල්වාගේ මේ විෂමාචාර  ක්‍රියා කළාපයට එරෙහිව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබෙි.
හමුදාපති වරයා පල කර ඇති සටහනේ දැක්වෙන්නේ මිය ගිය චමින්ද ලක්ෂාන් 2007 වසරේදී මිය ගිය පුද්ගලයෙකුගේ ඝාතන සිදුවීමට සම්බන්ධ සැකකරුවකු
ලෙස බන්ධනාගාර ගත වී සිටි බවය.කලක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක වරයකු වන සන්දිත් සමරසිංහ ගේ ප්‍රබල ආධාරකරුවකු බවද පසුව සමගි ජන බලවේගයේ රඹුක්කන ආසන සංවිධායක අජිත් සෙනෙවිරත්නගේ ආධාරකරුවකු ලෙස ක්‍රියා කර ඇති බවය.
එම සටහන තුලින් හමුදාපති වරයා එම මිනිස් ඝාතනය සාධාරණය කිරීමට උත්සාහ දරා ඇතැයි ලංකා දවසේ අදහසයි.තවදුරටත් මින්  හමුදාපතිවරයාගේ දේශපාලනික අපේක්ෂාවන් හා අරමුණු හෙළි වන අතර මිල්ටෙරි නන්දසේන ⁣ඇතුළු රාජපක්ෂ සනුහරය වෙනුවෙන් මෙරට ලේ ගංඟාවක් හැලීමට ඔහු කැමැත්තෙන් හා සූදානමින් සිටින බවද අපට සැක කළ හැකිය.
හමුදාපතිවරයාගේ මෙම සැඟවුන දේශපාලන පක්ෂපාතිත්වය  හා මෙලේඡ්චත්වය ගැන ජාත්‍යන්තරයේ අවධානයට ලක් කරන ලෙස අප සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමු. ඉතාම ළඟ දීම රටේ ජනතාව ගේ සල්ලිවලට ශවින්ද්‍ර හා අන්ගනාව ගහන් ගැහිල්ලත් අපි හෙලි කිරීමට අපේෂා කරන්නෙමු.

 


Spread the love

Leave a Comment

You may also like