පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීමි ගේ ලෑන්ඩ් කෘෂර් wp CAS 1411 වී 8 රථය පරිහරනය කරන්නේ හිටපු සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර බව මෙරට බීබීසී වාර්තාකරු රංග ශ්‍රීලාල් සිය ටුවිටර් පිටුවේ සටහනක් තබමින් අනාවරණය කර තිබේ.මෙහිදී රංග තවදුරටත් සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කාදිනල් තැන දැනුවත් විය යුතු බවය.
ත්‍රස්තවාදී ප්‍රහාරයකට සම්බන්ධ අධිකරණ භාණ්ඩයක් ලෙස සැළකිය හැකි දේපොළක් මෙලෙස භාවිතා කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්ණ කර ඇත.
පාස්කු ප්‍රහාරය පිටුපස සරත් වීරසේකර…….
සමිපත් දායකයෙක් ලෙස සිටි බව අපි දනිමු.අම්පාර නගරයේ වඳ කොත්තු සිදුවීම නිර්මාණය කරන ලද්දේ සරත් වීරසේකරය.මෙම සිදුවීම් පොලිස් පරීක්ෂණ වලදී යටපත් කෙරුණද පාස්කු ප්‍රහාරයට උත්තේජනය සපයා ඒ සඳහා මුල් අඩිතාලම සකසන ලද්දේ මෙවැනි මනෝ මූලික ක්‍රියාකාරකම් පාදක කරගනිමිනි.ඇතැම් විට සහරාන් හෂීම් භාවිත කළ මෙම ලෑන්ඩි කෘෂර් රථය සරත් වීරසේකරගේ වන්නට පුළුවන.
අපට ආරංචි වූ හැටියට පාස්කු ප්‍රහාරයට සමිබන්ධ අධිකරණ භාණ්ඩයක් ලෙස ඇති ඉබ්‍රාහිම් නම් ව්‍යාපාරිකයාට හිමිව තිබූ ලෑන්ඩ් කෘෂර් රථය රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා පරිහරණය කරයි.සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මෑතකදී අම්බලන්ගොඩ පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී ඇත්තේ මෙම රථයෙනි.ඔහු එහිදී තමන් ආ රථය ඉබ්‍රාහිම් ගේ බවද මෙහි ඉන්ධන ධාරිතාව කිලෝමීටර හතරකට ඩීසල් ලීටරයක් බවත් එහි සිටි සිය සමීපතමයන්ට පවසා ඇති බවද අපට ආරංචි විය.දැන් අපට ප්‍රශ්ණය ඇත්තේ ඉතා විශාල ප්‍රමාණයෙන් ඉන්ධන වැය වෙන මෙවැනි රථයක් භාවිතා කරන මෙම සහකාර පොලිස් අධිකාරීවරයා ඉන්ධන සඳහා ප්‍රතිපාදන ලබා ගන්නේ කවර වැය ශීර්ෂයකින්ද යන්න ගැනය.
මෙරිල් රන්ජන් ළමාහේවා ගේ කෙරුවාව ගැන අපට මේ වන විටත් තොරතුරු ලැබෙමින් පවතින අතර අප ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුනේ ඉබ්‍රාහිම් ගේ වාහනය භාවිතා කරන බවට ලැබුණ ආරංචිය නිසාය.