වෙනත්

ටෙලිකොම් එකට ඩීසල් දෙන්නේ මහින්දගේ බොඩිගාඩ් රුපියල් 30 ක් වැඩියෙන්

Spread the love


රටේ සල්ලි පිල්ලි ගහන්නේ කවරෙක් දැයි අද මහපාරේ ඉන්න ජනතාවගේ එකම ප්‍රශ්නය. ඒ තම දරුවාට කිරිටික දීගන්න බැරි, බතක් උයාගන්න ගෑස් එකක් ගන්න ,රෝහලකින් බෙහෙත් පෙත්තක් ගන්න බැරි මේ රටේ සල්ලි රාජපක්ෂලා වගේම උන්ගේ ආව්තේව කරුවනුත් පිල්ලි ගැසීම නිසා බව අද සාක්ෂි සහිතව අපි ලංකා දවසේ අපි වගකීමෙන් රටේ ජනතාවට හෙලි කරන්නෙමු.

පට්ටම දුෂිතයෙක් වු ටෙලිකොම් සභාපති රෝහාන් ප්‍රනාන්දු නැමති සුනඛ පෝතකයා මේ ලිපිය ලියන විට සිටින්නේ නිව්යෝක් නුවරය. ඒ රටේ ජනතාවගේ සල්ලි කොල්ලකා සැපගනිමිනි.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂකයාගේ ඉන්දන සැපයුමෙන් ටෙලිකොම් ආයතනයට ඉන්දන ලබා දෙන්නේ වෙළද පොල මිලට වඩා රුපියල් 30ක් වැඩියෙන්ය.මසකට ඉන්දන් ලිටර් 49000ක් සපයන්නේ කර්නල් නෙවිල් නැමති අගමැති ගේ ප්‍රධාන ආරක්ෂකයාය.

ඒ අමතරව ලබන ලාභයේ රුපියල් 30.00 ගෙවන්නේ ටෙලිකොම් සභාපති පට්ට හොරා වු රොහාන් ප්‍රනාන්දුට බව අපවෙතට ටෙලිකොම් සේවකයන් පවසයි. මේ වනවිට රටේ ජනතාව එකා මෙන් හඩනගමින් ඉල්ලා සිටින්නේ දුෂණය නතර කරන ලෙසයි.

ඒත් දැන් සිදුව තිබෙන්නේ රොහාන් ප්‍රනාන්දුලා හවුලේ ගසා කැමය. මුන් ගේ ක්‍රියාකලාපයට කවදා හෝ නිතියානුකූල දඩුවම් ලබාදිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like