ගෝඨාභය ආණ්ඩුව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙම මොහොතේ රටේ ප්‍රධානම ගුවන් තොටුපල වු කටුනායක ගුවන් තොටුපල චීන පුද්ගලික සමාගමකට ඩොලර් බිලියන 2 කට විකිණීමට දැන් සියල්ල සුදානම්ය.
ඊට අමතරව මත්තල ගුවන්තොටුපල ඩොලර් බිලියන් 300 කටද , කොළඹ වරායේ රජය සතුව ඇති සියළු කොටස් අදානි සමාගමට මැයි 20 වන දිනට ප්‍රථමයෙන් විකුණා දැමීමට ද සියල්ලම ලැස්තිය. ඒ මෙරට ජනතාවට අවශ්‍ය මුලික අත්‍යවශය ආහාර හෝ බෙහෙත් ගෙන්වීමට වඩා මුලිකව ඇත්තේ නවක කැබිනට් ඇමතිවරුනට හා හිටපු ඇමතිවරුනට අවශ්‍ය කරන වාහන ගෙන්වීමට බව ඉතාම විශ්වාසදායක තොරතුරු ලබුණි.
ඉදිරියේදි ගෝඨාභය ජනාධිපතිට එරෙහිව එන විශවාස බංගය තුලින් තමාව නෙරපීමට එරෙහිව තම කණ්ඩායම සතුටු කොට බලයේ රැදිසිටීමටය. මෙම ආර්ථික මර්මස්ථාන වලට අමතරව ටෙලොකොම් සමාගම ,සතුව ඇති ඉතිරි කොටස් සියල්ලම තවත් ඩොලර් මිලියන 200 කට විකුණා දැමීමට ද සුදානම් වන අබව අප වෙත වාර්තාවේ.
ඒ අනුව ඉදිරියේදි රටේ ප්‍රධානම මර්මස්ථාන බොහෝමයක්ම විදේශිකයන්ට විකුණා දැමෙනු ඇත. ඒවා විකිණීමට ඉඩ නොදි රැකගැනීම සමස්ථ ජාතියේම වගකීමක් බව ලංකා දවසේ අපි අවධාරණය කරන්නෙමු.