භාරකාර ආණ්ඩුවක අගමැති තනතුර බාර ගැනීමට තමන් සූදානම් යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.අද (17) වන දින ප්‍රවාහන සංගම් නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකදී ඔහු එසේ පැවසූ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නය.තමන්ට අවුරුදු දෙකක කාලයක් තුලදී මෙරට ආර්ථික අර්බුදය විසඳිය හැකියැයිද මෙහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ අල්ලන්ට හදන මෙි කපටි වන්නම තේරුම් නොගත හොත් යලි වරක් මුළු රටම අමාරුවේ වැටෙන බව නිසැකය.රනිල් හදන්නේ රාජපක්ෂ සනුහරය බේරා ගැනීමෙි ගේමක් ගහන්ටය.රාජපක්ෂ සනුහරය හදන්නේ රනිල් ගේ උපකාරයෙන් වැලිකඩ ජම්පර ඇඳීමෙන් වැලකී ගේම ගොඩ දාගන්නය.මහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව තිබියදී නීතිපති අගවිනිසුරු හමුදාපතිවරු තිදෙනා හා පොලිස්පති ගෙන්වා හමුදා බලය මුදා හැර සිය දේශපාලනික බලය තවදුරටත් රඳවා ගැනීමට කුමන්ත්‍රණයක නිරත විය.එහිදී එම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට එවකට සිටි අගවිනිසුරුද නීතිපති වරයාද එකඟ වූහ.ඒ වන විටත් ගජබා රෙජිමෙන්තුව ජාඇල දක්වා කැඳවා තිබුණි.එහෙත් එහි සිටි හමුදාපති දයා රත්නායක එවැනි හමුදා මෙහෙයුමකට තමන්ට අණ දීමට නොහැකි බව ප්‍රකාශ කළ අතර පොලිස් පති ඉලංඟකෝන්ද එවැනි දේකට තමාට සහභාගිවීමට නොහැකි බව පවසන ලදී.රාජපක්ෂලා සැලසුම් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය එතකින් නිම කිරීමට ඔවුන්ට සිදු වියඉන්පසු මහින්ද රාජපක්ෂ සිය ගැලවුම් කාරයාට දුරකතන ඇමතුමක් ගන්නා ලදී.ඒ රනිල් වික්‍රමසිංහටය.රනිල් හා සාකච්ඡා කළ මහින්ද රාජපක්ෂ බලය හුවමාරු කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර තමන්ට ආරක්ෂාව දෙන ලෙසත් ඉල්ලීය.රනිල් වික්‍රමසිංහ හා තිරුචෙල්වම් වහා අරලිය මන්දිරයට පැමිණ රාජපක්ෂ පවුලේ ආරක්ෂාවට සියළු මැදිහත් වීම කෙරිණි.යහපාලනය ආරම්භයේ අවසානය දක්වා රාජපක්ෂ සනුහරය නඩු හබ වලින් බේරාගත්තේ රනිල් වික්‍රමසිංහය. යහපාලන අවුල් කර දැම්මේද රනිල්ය.
දැන් ලැබුණ තොරර්ගුරු අනුව රනිල් වික්‍රමසිංහ 21 වන දින අගමැතිකම භාර ගැනීමට නියමිත බවට ජනාධිපති මන්දිරයෙන් වාර්තාවේ
දැන් රනිල් හදන්නේ අමාරුවේ වැටී සිටින රාජපක්ෂ වරු බේරාගන්නටය.රනිල් ගේ මේ සත්ව කරුණාව හරියටම වටහා නොගත හොත් රටේ ජනතාව යලි අමාරුවේ වැටෙන එක සිකුරුය.
රාජපක්ෂලා බේරගන්නට රනිල් තුරුම්බුවක් පිටියට දමයි