රාජපක්ෂ පාලනයේ උද්දච්චකම තහවුරු කෙරෙන සිදුවීමක් අපට ඇස් පනා පිට දකින්නට ලැබී තිබේ.බලය ලබා ගත් කාලයේ සිටම රාජපක්ෂ තක්කඩියන් සිය ප්‍රතිවාදීන්ට සළකන ලද්දේ ඉතා සාහසිකවය.එසේත් නැතිනම් අපහසාත්මකවය.මේ රාජපක්ෂලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමිය එම තනතුරෙන් ඉවත් කරන ලද්දේ විමල් වීරවංශ වැනි පාදඩයන් ලවා අපහාසයට ලක් කරවමිනි. ඒ වකවානුවේ අළුත්කඩේ අධිකරණ පරිශ්‍රය අසල අගවිනිසුරු තුමියට එරෙහි විරෝධතා සංවිධානය කරන ලද්දේ මේ තක්කඩියන්ය.
මොවුන් උද්දච්ච කමට අපට මතක ඇති තවත් සාක්ෂියක් තිබේ.ජනපති මහින්ද සමග ලන්ඩන් සංචාරයකට එක්වී සිටි සජින් වාස් එහිදී රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුවූ ක්‍රිස් නෝනිස්ට පහර දෙන ලදී.මෙි ප්‍රවෘත්තිය ජාත්‍යන්තරය පවා කළඹවන සිදුවීමක් විය.එවකට සජින් වාස් යනු රුසියාවෙි සාර් පාලනය මෙහෙයවූ රස්පුටින් හා සමානයෙකු ලෙස හැදින්විය හැක.මහින්ද රාජපක්ෂ සිය සනුහරයේ උන්ට වඩා ලෙන්ගතු වූයේ මෙි සජින් වාස්ට බව අපට තොරතුරු ලැබී තිබේ.සජින් වාස් ගලක් පෙන්වා මේ මැණික් ගලක් යැයි පැවසුුුවහොත් එය පිළිගන්නා තරමට ජනපති මහින්ද ඔහුට සමීපව සිටි බව කවුරුත් දන්නා කාරණයකි.
ලන්ඩන් සංචාරයේ දී සජින් වාස් ක්‍රිස් නෝනිස්ට පහර දීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය මගින් පවා දිගින් දිගටම අප්‍රසාදය පල කෙරිණි.මෙම සංචාරය නිම වී මෙරටට පැමිණි මහින්ද ජනපතා වරයා ඊට දිනකට පසුව නැවත පාප් වහන්සේ හමුවීමට රෝමය බලා පිටත් විය.එම සංචාරයටද සජින් වාස් එක්වී තිබුණි.ජාත්‍යන්තරව අප්‍රසාදයට පත් සිදුවීමක වග උත්තරකරු වූ සජින් වාස් පාප් වහන්සේ හමුවීමට යන සංචාරයට මහින්ද ජනපතිවරයා විසින් එක් කර ගන්නා ලද්දේ අපේ වැඩ අපට ඕනෑ විදියට මිස තොපට ඕනෑ විදියට නොවන බවට අඟවන ආකාරයෙනි.
එහෙත් පාප් වහන්සේ හමුවට ගිය ජනපති මහින්දට කිසි සේත්ම නොසිතූ අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.ඒ පාප් වහන්සේගේ කාර්ය මණ්ඩල ලේකම් වරයා විසින් සජින් වාස් ට පාප් වහන්සේ හමුවට යාම තහනම් කිරීම නිසාය.
බබා නාමල් විසින් මහනුවර දළදා මාලිග පරිශ්‍රය අසල කාර් රේස් පැවැත්වීමේ සිදුවීමද රාජපක්ෂ තක්කඩියන්ගේ සාහසිකත්වය ප්‍රදර්ශනය කරන්නක් වූ බවද අපට මතකය.අස්ගිරිි මල්වතු පාර්ශව නායක ස්වාමින් වහන්සේලා විසින් මෙම සැනකෙළියට විරුද්ධව මහින්ද ජනපතිවරයාට ලිඛිතව විරෝධය දක්වන ලදී.එහිදී මහින්ද පාර්ශවය මර්වින් සිල්වා මන්ත්‍රීවරයා ලවා අස්ගිරිි මල්වතු පාර්ශවයන්ට මරණීය කර්ජනය කරවන ලදී.ඉන්පසු එම සංඝනායක හිමිවරු බියට පත්ව නිහඬ වූහ .මර්වින් සිල්වා එහිදී සංඝ නායක දෙපොළට තර්ජනය කොට අස්ගිරිය හා මල්වතු පාර්ශවයන්ට එරෙහිව රාජ්‍ය අනුග්‍රහයෙන් තවත් මහා සංඝ නිකායක් අරඹන බවද දන්වා තිබුණි.
තමන්ට එරෙහිවූවන්ට තක්කඩි රාජපක්ෂලා කටයුතු කරන ලද්දේ ඔය විදියටය.එහිදී ඔවුන්ගේ ප්‍රති ක්‍රියාව තර්ජනාත්මක විය.ඇතැම්විට අපහාසාත්මක විය.මේ සියළු ක්‍රියාකාරකම් වලින් අනාවරණය වූයේ බලයෙන් උම්මත්තකව සිටි පාදඩ රාජපක්ෂ වරුන්ගේ සැබෑ ස්වභාවයයි.
මේ තක්කඩි සනුහරයට එරෙහිව දැන් මුළු රටම මහ පාරේය.මේ සටන නොනවතින සටනක් වී තිබේ.අරගල කරුවන්ගේ එකම ඉල්ලීම රාජපක්ෂ සනුහරයම බලය අත් හැරිය යුතු බවය.එහෙත් රාජපක්ෂවරු සිටින්නේ එම ජනතා විරෝධය ගැන තඹ දොයිතුවකට නොසළකමිනි.ඔවුන් සිතා ගෙන සිටින්නේ වෙනදා ආකාරයට යටි බිම් ගත ගේමකින් මෙම අරගලය යටපත් කළ හැකි බවය.එහෙත් මෙම ජනතා සටනේ අතරමැදි සාමයක් නැති බව අපට පැහැදිලිය.
රාජපක්ෂ තක්කඩියන් හා ඔවුන් ගේ ඔඩොක්කු කුක්කන් හැම දෙනාම දැන් සැලසුම් කරමින් සිටින්නේ බලය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න ගැනය.තවමත් බලය පිළිබඳ උන්මාදයෙන් සිටින මේ හැති කරයට අරලිය මන්දිරය යටින් මහා ලෝ දිය කන්දක් පුපුරා යන්නට ආසන්න බවට වැටහීමක් නැත.ඒ තරමට මොවුන් රැළ උද්දච්චය.හමුදාපති ගොන් වස්සා හා පොලිස්පති මී වස්සා තවමත් මෙි කාලකන්නියන් ගේ මස් කටු සූප්පු කරමින් සිටී.නාකි ජනරාල්ලා පිරිසක්ද ඒ සමගය.
රාජපක්ෂ සාහසිකයන් බලය අත් නොහරින බවට හා ඔවුන්ට එරෙහිව සිටින මහජනතාවගේ අරගලය තුට්ටුවකට මායිම් නොකරන බවට ඉතා සමීපතම සිදු වීම ලෙස ඉතාලි කොන්සල් ජනරාල් වරයා ලෙස බන්දු සමරසිංහ නම් විහිළුකාර නළුවා පත් කිරීම පෙන්වා දිය හැකිය.බන්දු සමරසිංහ යනු මෙරට සිනමාවේ හාස්‍යජනක නළුවකු ලෙස ජනප්‍රිය තැනැත්තෙකු වුවද කිසිදු දැන උගත්කමක් ඇති අයෙකු නොවේ.ඔහුට ඇත්තේ ලුම්පන් හැකර කටක් පමණි.නළු වෘත්තියට පෙර කෑගල්ල කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තර වූ මොහු පසුකාලීනව චිත්‍රපට නිෂ්පාදකයකු වූ සේන සමරසිංහ ගේ උපකාරයෙන් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වූ අයෙකි.
මෙි වන විට ජාත්‍යන්තරය පුරා මිල්ටෙරි නන්දසේන හා තක්කඩි රාජපක්ෂවරුන්ට එරෙහිව විරෝධතා පැවැත්වෙමින් තිබේ.රාජපක්ෂ තක්කකඩියන් එම විරෝධතා පිළිබදව අවධානය යොමුකරන්නේ ඉතා සැහැල්ලුවෙනි.විහිළුකාර විදියටය.
මොවුන් පයිසෙකට ඒවා ගනන් නොගනී.ඔවුන් ඒවා කෙරෙහි දක්වන ප්‍රතිචාරයන් ගෙන් හා ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ඔස්සේ ඒ බව තහවුරු කර ගත හැකිය.
රූකඩ ලුම්පන් නළුවකු ජාත්‍යන්තර ප්‍රභූත්වයට ඔසවා විදේශගත ශ්‍රී ලාංකික ජනතාවට ඔවුන් කෝචෝක් කළ බව ස්ථිරය.ඒ මේ කාලකන්නි රාජපක්ෂ වරුන්ගේ ජානගත විකෘති ආස්වාදයේ හැටිය. මේ කාරණයෙන් ද පැහැදිලි වන්නේ මෙි පාදඩයන් බලය අත් හැරීමට කිසිම සූදානමක් නැති බවය.උඹලා බන්දු සමරසිංහ ගෙන් ප්‍රශ්ණ විසඳා ගනිල්ලා යැයි රටට අඟවන්නේ ඒ නිසාය.