මෙි අරගලකාරී ජනතාව මේ භූමියේ අලුත් අවුරුදු සිරිත් විරිත් ඉටු කරන ලද්දේ තක්කඩි රාජපක්ෂ වරුන් උපහාසයට ලක් කරමිනි.එය අපූරු විරෝධාකල්ප ප්‍රකාශනයක්ම විය.එහි වයන රබන් පද පවා රාජපක්ෂ වරුන්ට එරෙහිව වයන රබන් පද විය.
ඩුබායි වලත් රත්තරන්
ශීෂෙල්ස් වලත් රත්තරන්
එගොඩ ගොඩෙත් මෙගොඩ යවල
හොරා කාපු රත්තරං
තාක්ක තරිකිට කේප්ප නැන්දේ
ශේප් එකේ වැටිලා යන්න හිතල ඇති
ඉන්න හිතිල ඇති ඒව නම් බයිලා
නිලෙන් ආවත් කොබෙයියා…………….//
කොලෙන් ආවත් කොබෙයියා
නිලෙන් ආවත් කොලෙන් ආවත්
කොබෙයියා අපට කෙලවයි කොබෙයියා
වරාය හද හද චීනෙට දීහං
ජැටි ටික තෙල් ටික මෝදිට දීහං
ලැබෙන කොමිස් ටික තොපි ගිල දාහං
මහජනතාවට ගින්දර දීහං
රැල්ල කිට්ටු වෙනව ඔන්න………
කොට්ට පැදුරු අකුලගනින්
සද්ද වහල මාරු වෙයං
සත්තු ඇවිස්සෙන්න කලින්………//
වයන ලද රබන් පද සියල්ලම මේ හැඩයේ රාජපක්ෂ සනුහරය අවමානයට පත් කරන ඒවා විය. මිල්ටෙරි නන්දසේන රාජපක්ෂ පත් කිරීම සදහා දර දිය ඇදි නළු නිළියන් සංගීතඥයන් බොහෝ දෙනකුද දැන් මේ අරගල භූමියේ සිටී. නීතිඥ වරුද කොන්දේසි විරහිතව අරගලයට සහාය දෙමින් තිබේ. ගොවියන්ද වෙනත් වෘත්තිකයන්ද හෙට දවසේ මේ සටනට සහයෝගය දෙන්නට සූදානමිනි.
අද දින ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ගාලු මුවදොර අරගල බිමට එක් විය.එහි කැපී පෙනුන විශේෂිත සිදුවීම වූයේ මෙතෙක් කාලයක් පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියා කාරිකයන්ද ඒ සඳහා එක්වී තිබීමයි. මේ ආදර්ශයන් හෙට අනිද්දා වන විට මීට වඩා බරපතල ආකාරයෙන් මුදා හැරෙන බව නම් අපට සහතිකය.
කවර කවර පාර්ශවයන් එක් වුවද මෙම භූමියේ ආවේගශීලිත්වය නැති වීම හරිම අපූරු අත්දැකීමකි.ගැයෙන කවියක හඬ නගා කියවෙන කතාවක නිරූපනය කෙරෙන දර්ශනයක පවා මුසු වී ඇත්තේ තක්කඩි රාජපක්ෂ වරුන්ට එරෙහිව නැගෙන උපහාසයයි.සන්නද්ධ හමුදා සිය මායිම් වල ඈනුම් අරිමින් සිය හෘද සාක්ෂිය සමග ගනුදෙනු කරමින් සිටින සැටි දැකිය හැකිය.
ඔවුන් ආරක්ෂා කරමින් සිටින්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි.සන්නද්ධ හමුදා ආරක්ෂකයන්ට හා පොලීසියට අරගල කරුවන්ගෙන් වචනයක හිරිහැරයක් නැත.අද අරගල බිම සැමරූ අළුත් අවුරුදු සිරිත් විරිත් වලින් පසුව එහි සිටි බොහෝ දෙනෙකු විසින් කැවුම් කිරිබත් පවා ආරක්ෂක අංශ සාමාජිකයන් හටද දෙන ආකාරය අපි දුටුවෙමු. ආරක්ෂක අංශ සාමාජිකයන් තුළද වෙහෙසකර බවක් දකින්නට නැත.ඔවුන් සිටින්නේද සිනාසෙමින්ය.මෙි අරගලයේ අරුමය එයයි.
එය තවදුරටත් සාමයේ සැනකෙළියක් ලෙසද හැඳින්විය හැක.අප එසේ පවසන්නේ සිංහල දෙමළ මුසල්මානු වශයෙන් බෙදීමක් නොමැතිව ශ්‍රී ලාංකික ජාතිකත්වය පදනම් කරගනිමින් රාජපක්ෂ වරුන්ට එරෙහිව අරගල බිම සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින නිසාය.එහි අපරාධ ගැන අසන්නට නොඇසේ.විනය විරෝධීව හැසිරෙන්නන් ගැන අසන්නටද
නැත.
මෙි වන විට අරගලය තුළට විවිධ දේශපාලනික හැඩයන්ද සේන්දු වෙමින් පවතී. මේ භූමියට ප්‍රවේශවීමට කිසිවකුට සීමා මායිම් පනවා නැත.එහි පැමිණෙන සියල්ලන්ම අවසාන වචනයේදී රාජපක්ෂ තක්කඩියන්ට එරෙහි පුරවැසියන් බව අපට අමතක කළ නොහැකිය.අප එය අමතක කළ යුතුද නැත.
ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ අනාවරණය කරන ලද්දේ හෙට දවසේ බේරුවල සිට ගාලු මුව දොර දක්වා ජනතා පාගමනක් සංවිධානය කරන බවය. සමගි ජන බලවේගය මේ අරගලයට එක් වීම බොහෝ දෙනෙකුට ඌයියා වී ඇති බව සමාජ මාධ්‍ය වල ලියවී ඇති පෝස්ටු වලින් තේරුම් ගත හැකිය.ඉන් බොහෝ දෙනෙකු සමගි ජන බලවේගය මේ අරගලයට එක් වීමෙන් සටන අල වෙනු ඇතැයි අදහස් දක්වා තිබේ.ඔවුන්ට සිය අදහස් දැක්වීමේ අයිතිය අපි ප්‍රතික්ෂේප නොකරමු. එහෙත් අපට ඔවුන් ප්‍රශ්ණ කිරීමෙි අයිතියද පවතී.අප මේ අනාවරණය කරන්නේ ඒ අයිතියයි.
ඒ සදහා අපේ රටේ මෙතෙක් පැවැති දේශපාලනයේ පුංචි දුරකට ආපස්සට යෑමට අපි සූදානම්ය. ඒ මෙරට පාලනය කළ රාජපක්ෂ වරුන්ගේ දේශපාලනය සම්බන්ධයෙනි.මෙරට පැවැති තිස් වසරක යුද්ධය අවසන් කිරීමෙන් පසුව යුද ජයග්‍රහණයේ සින්නක්කර අයිතිය ලියා ගත්තේ රාජපක්ෂ පවුලය.රටේ ජනතාවද ඔවුන් රාජ්‍යත්වයට ඔසවා තබන ලදී.අනතුරුව යුද ජයග්‍රහණයේ වීරයා වූ සෙන්පති සරත් ෆොන්සේකාට ජම්පරය අන්දා ඔහුට හිතේෂීව සිටි හමුදා නිළධාරීන් හතලිස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් නිළ ඇදුම ගලවා ගෙදර යවන්නට තරමට ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන සාහසික විය.
රාජපක්ෂලා ගේ එම හමුදා අධිකාරීවාදී බලය ගැන ජනතාව හෝයියා කිව්වා මිස එයට එරෙහිවූවන් වූයේ අතලොස්සකි.ඒ අධිපතිවාදයට එරෙහිවූවන් එල්ටීටී ත්‍රස්තවාදීන් බවට නාමකරණය කරන ලදී.රාජපක්ෂලාගේ අන්ත දූෂිත වංචාවන් ගැන හෙළි කළ ලසන්ත එක්නැලිගොඩ ආදී මාධ්‍යවේදීන් හමුදා කණ්ඩායම් යොදා මරා දැමිණි.සිවරාම් රවිරාජ් වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් ගනනාවකට ජීවිතය අහිමි කරන ලදී.
පෝද්දල ජයන්ත උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන් ගනනාවකට අන්ත තිරිසන් ලෙස වද දුන්හ.මේ අපරාද සියල්ලම ජනපති මහින්ද රාජපක්ෂ දැනුවත්ව ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන විසින් සිදු කරවන ලද ඒවා බවට පැහැදිලි සාක්ෂි තිබියදී ඒ අපරාද ගැන පරීක්ෂණ යටපත් කෙරිණි.තමන්ට එරෙහිව සිටින සමාජ හා දේශපාලනික ක්‍රියාකාරිකයන් බිය වැද්දීමට තක්කඩි රාජපක්ෂ වරුන් එම සාහසික මිල්ටෙරිමය වටපිටාව නිර්මාණය කරන ලද්දේ ඉතා සැලසුම් සහගතව බව අප දැඩි ලෙස විශ්වාස කරමු.
එම බියවැද්දීමට සාපේක්ෂව ඔවුන් සිය දූෂිත ජාවාරම් පටන් ගන්නා ලදී.රාජපක්ෂ තක්කඩියන් විසින් සිදු කළ එම ජාවාරම් පිළිබඳව බොහෝ රාජ්‍ය නිළධාරීන් දැනුවත්ය.එහෙත් ඔවුන් සිටියේ මරණ සහතිකය ලියා ගැනීමට වඩා ඒවා ගැන නිහඬව සිටීම හොඳ බව තේරුම් ගෙනය.ඇතැමුන්රාජපක්ෂ තක්කඩියන් හා එක්ව දූෂිත ක්‍රියා වලට පෙළඹුනහ.එපමනක්ද නොවෙි රාජපක්ෂ වරුන්ට පොදු දේපොළ වංචා කිරීමට අවශ්‍ය නෛතික පදනම ඉතා වංචාකාරීව සපයා දීමටද ඔවුන් කටයුතු කරන ලදී.
රාජපක්ෂ තක්කඩියන් ගේ මෙි සාහසික දේශපාලනයට එරෙහිව සමාජය තුළ විරෝධතාව දැක්වූයේ අතලොස්සකි.ඒ අතරේ පෙරමුණේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමීන් මාධ්‍යවේදීන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු වූ බව ඔවුන් කෙරෙහි වූ ගෞරවයෙන් අපි සිහිපත් කරමු.ලංකා පත්තරයද රාවය හා අනිද්දා පත්තර නියෝජනය කළ මාධ්‍යවේදීන් එහිදී විශේෂිතය.
දේශපාලනිකව රාජපක්ෂ වරුන්ගේ නොසන්ඩාල පාලනයට එරෙහිව වඩාත් හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී කාඩරයන් සිවිල් සමාජ ක්‍රියා ධරයන් හා ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සංවිධාන ගැන තක්කඩි රාජපක්ෂ වරුන්ට මෝහනය වී සිටි සමාජය බැලුවේ වපර ඇසිනි.වෛරයෙනි. ද්වේෂයෙනි.ඒ නිර්වින්දන සමාජයට තක්කඩි රාජපක්ෂ වරුන්ට වඩා කෙරුම්කාරයන් ගැන අදහසක් තිබුණේම නැත.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමී කාඩරයන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් රාජපක්ෂ සනුහරයට එරෙහිව කළ සටන කිසිදිනක බියපත්ව අත් හැර දැමුවේ නැත.ඔවුන් පාර්ලිමේන්තුවේද මහ පාරේද වෘත්තීය සටන් බිමේද ගොවිපොළ තුළද අධිකරණ වලද සිය සටන මුදා හරින ලදී.එහෙත් ඔවුන්ගේ හඬට කන් දුන්නේ සුළු පිරිසකි.එය තහවුරු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණට ලැබුණ ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතය සියයට තුන දෙස බැලීමෙනි.
ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ වරුන් විසින් කුමන්ත්‍රණකාරීව සිදු කරමින් සිටි මහජන දේපොළ මංකොල්ල කෑමට එරෙහිව දිගින් දිගටම විරෝධතා හා අනාවරණය කිරීම් කළද ජනතාව ආවැඩුවේ රාජපක්ෂ මහා අධිකාරී බලයටය.ඒ වහල් බව ඉතා දීන විය.ජනතාවගේ හෘද සාක්ෂිය යුද ජයග්‍රහණයේ වීරත්වයෙන් ගිනි කනා වැටී තිබුණි.එහෙත් මෙම දේශපාලනික පාර්ශවයන් දෙකම රාජපක්ෂ වරුන්ට බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළහ.රාජපක්ෂ වාදීන් සතුව මෙම කාඩරයන්ට එරෙහිව එල්ල කිරීමට කිසිදු දේශපාලනික දූෂිත කාරණ නොවීය.එබැව්න් ඔවුන් ජවිපෙ කාඩරයන්ට එරෙහිව එල්ල කළ චෝදනා අතර වූයේ නායක අනුර කුමාරගේ මුහුණේ ඇති ලපයයි.ඇතැම් අවස්ථාවලදී ඔහුගේ බිරිද ගැනද අපහාසාත්මක කතන්දර ප්‍රකාශයට පත් කළහ.සැබැවින්ම අනුර කුමාර දිසානායකගේ විවාහය පිළිබඳව අපට ඇත්තේ අතිශය ගෞරව හැඟීමකි.
ඒ මන්ද යත් ජවිපෙ නායකයා වී ඇත්තේ හමුදාවේ සේවය කර පැවැති යුද සමයේදී යුද බිම මිය ගිය සිය සහෝදරයාගේ බිරිඳ සමගය.මෙම විවාහය පිළිබදව විකෘති අදහස් සමාජගත කරමින් රාජපක්ෂවාදී තිරිසන් කාලකන්නියන් විසින් ගෙන ගිය අවලාදයන් ගැන අපට දැන් කීමට ඇත්තේ සොරි බං උඹලා කියා විතරමය.අප එසේ කියන්නේ රාජපක්ෂ වහළුන් වූ උඹලා අද පිටි කිරිි, ගෑස් , බෙහෙත් ,පෝලිම් වල විඳවන ආකාරය ගැන අපට කණගාටුවක් දැනෙන නිසාය.
රාජපක්ෂ තක්කඩියන්ට එරෙහිව මහ පාරේ විරෝධතා කරමින් වැඩියෙන්ම හිරේ විලංගුවේ වැටුනේ පෙරටු ගාමී කොල්ලන්ය, කෙල්ලන්ය.කඳුළු ගෑස් පොලිස් බැටන් පොලු පාරවල් කෑවේද උන්ය.
මේ කොල්ලන් තක්කඩි රාජපක්ෂ හොර රැළට එරෙහිව පෙනී සිටිද්දි නුඹලා වැඩි පිරිසක් සිටියේ මේ කාලකන්නියන්ගේ දරු මුණබුරන්ට බෝධි පූජා තබමිනි.
නුඹලා සියළුම දෙනා පාරට බැස්සේ බඩේ බත් නැති වුනාට පසුවය.මහා අරගල භූමිය නිර්මාණය වන්නේ ඒ බඩගින්න නිසාය
එදා ජවිපෙ හා පෙරටුගාමී කාඩරයන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් විවිධ නින්දා අපහාස තාඩන පීඩන විඳිමින් හිරේ විලංගුවේ වැටෙමින් ජනතාවට පෙන්වා දීමට ප්‍රයත්නය දැරූ රාජපක්ෂ වරුන්ගේ නොසන්ඩාල දූෂිත කෙරුවාව ගැන දැන් නුඹලා වටහා ගෙන අවසන්ය.අද ගාලු මුව දොර නුඹලා ඒක රාශී වී සිටින්නේ මෙි තක්කඩි පවුල බලයෙන් නෙරපා දැමීම සදහාය.
නමුත් මෙහිදී නූඹලාට අමතක නොකළ යුතු කාරණයක් නොවේ. අද නුඹලා කැගහන්නේ මරණ සහතිකය අතේ තියාගෙන නින්දා අපහාස අතවර විඳිමින් රාජපක්ෂ පාලනයට එරෙහිව අවුරුදු ගනනාවක් විවිධ බිම් වල සිට විරෝධතා කළ පෙරටුගාමීන් ජවිපෙ සහ වෙනත් සිවිල් ක්‍රියාකාරීකයන් සමාජයට මුදාහැරි සටන් පාඨය.දැන් මේ අරගලයට බොහෝ පීතෘ වරු සිටී කුමාරයන් සිටී.හුරතල් කුමාරියන් සීටි.එය හොදය.එහෙත් මින් සමහරකු සමාජ මාධ්‍ය හරහා මේ සටන්කාමී දේශපාලන පාර්ශවයන්ට එරෙහිව ඌයියා ඉකේයියා කැතයි හොඳේ වැනි ලියවිලි පල කරමින් සිටිනු බව අපේ අවධානයට ලක් වී තිබේ.මේ සමහරුන් ගේ පැටිකිරිය ගැන සොයා බැලූ විට ඔහුන් බොහෝ දෙනෙකුගේ සැඟවුන දේශපාලන න්‍යාය පත්‍රයන් ගැනද අපට අමුතුවෙන් හොයාගන්නට දෙයක් නැත.
සැබැවින්ම ඔවුන් මේ ආකාරයෙන් ඌයියා වී ඇත්තේ වෙන කිසිත් නිසා නොවේ.ඔවුන් ගේ දේශපාලන නායකයන් රාජපක්ෂ වරුන්ට විරුද්ධව පෙනී සිටියද ඒ පෙනී සිටීම ගැන සමාජය තුළ විශ්වාසයක් නොමැති බව ඔවුන්ගේම හෘද සාක්ෂිය දන්නා නිසාය. ඒ නිසා මෙම අරගල භූමියට ඔවුන්ගේ හීන නායකයා ආවොත් කෙසේ පිළි ගනීද යන්න ගැන ඔවුන්ට ඇත්තේ බරපතල සැකයකි.
එහෙත් දීර්ඝ කාලයක් සටනේ සිටි ඕනෑම හැඩයේ ක්‍රියාකාරිකයෙක්ට මෙි අරගල භූමිය ඇතුළු වීමට නොහැකි තහනම් කලාපයක් නොවේ.ඔවුන් එහි ඇතුළු වන්නේ රාජපක්ෂ තක්කඩියන් බලයෙන් නෙරපා හැරීමේ කාරණයට මිස මේ රටේ බලය උදුරා ගැනීමට නොවන බව අප කල්පනා කළ යුතුය.ඒ නිසාම රාජපක්ෂ තක්කඩි මදාවියන්ට එරෙහිව අවුරුදු ගනනාවක් තිස්සේ සටනේ සිටි සටන් කාමීන්ට එරෙහිව සීමා මායිම් පැනවීමට කිසිවෙකුට අයිතියක් නැති බව අපි දැඩි ලෙස අවධාරණය කරමු.