උණුසුම් පුවත්

අරගලය පක්ෂ දේශපාලනයෙන් ගලවා ගමු !

Spread the love


ටිල්වින් සහෝදරයා, හරිනි සහෝදරී, මචංලා,
මේක අල කරන්න එපා මචං.
ඔයාලා දැන් කලුතර ඉදලා පාගමනක් ඇවිල්ලා මේක අස්සට රිංගලා මේක චා කරන්න එපා, මචංලා.
ඕක මොරටුව හරියෙන් ඉවර කරමු.
ඊලග දවසේ සජබේ ජා ඇල ඉදලා ඇවිත් මේකට රිංගයි.
ඊලග දවසේ යුඇන්පීය.
අනිත් දවසේ 43 සේනාංකය.
මචං ,
අරගලකාරයෝ දේශපාලනිකයි.
අපි ඔයලා හිතනවා වගේ සුප්පුවෙන් කිරි බොන බබාලා නෙමෙයි.
අපි එක්ක ආචාර්ය මහාචාර්යවරු කලාකරුවන් ව්‍යාපාරිකයනි ගුරුවරුන් නීතිඥයන් දොස්තරලා කම්කරුවන් ගොවියෝ ඔක්කොම ඉන්නවා.
අපි ගැන TV එකේ යන News ත් බලන්න.
අපිට නැත්තෙ පක්ෂ ලෙසට බෙදුණු දේශපාලනය.
ඒක නිසා සුදු පැටියෝ, අපිට දේශපාලනය උගන්වන්න එන්න එපා.
මුලදි ඔයාලා අපිට හිනාත් උනානේ, “
“උඹලා කරන අරගල කියලා !
ඇයි මේ අමුතු ආදරයක් හදිසියේම.
මචං අපිත් දේශපාලනිකයි.
අපි අතර මාක්ස්වාදීන්, ලිබරල්වාදීන්, ජාතිකවාදීන්, අරුන්,මුන් ඔක්කොම ඉන්නවා.
දුප්පත් මිනිස්සු, පෝසත් මිනිස්සු, මැද පන්තිය, ජාතික පාසල් , ගමේ පාසල්, ජාත්‍යන්තර පාසල්, ඔක්කොම ඉන්නවා මචං.
අපි බෝම සමගින් මේ අරගලය කරනවා.
මේක අස්සට පක්ෂ දේශපාලනය රිංගවලා කන්න එපා මචං.
උඹලා දැන් මේ System එක ආයුධ බලයෙනුයි, මැතිවරණ වලිනුයි හැම මඟුලකින්ම වෙනස් කරන්න හැදුවනේ මචං.
උඹලටත් අනිත් පක්ෂ වලට වගේම අවුරුදු 55 ක්ම බැරිත් වුනානේ මචං .
ඉතිං අපි අමාරුවෙන් තැටිය රත් කරන් එන කොට ඔයාලා මැදට පැනලා ඔයාලගේ රොටිය පුච්චා ගන්න එන්නේ ඇයි මචං.
කැතයිනේ .
අනිත් පක්ෂ වලටත් උඹලා වැරදි පුර්වාදර්ශනේ දෙන්නේ.
අලුත් අවුරුද්දට අම්මට තාත්තාට වඳින අත්දෙක එකතු කරලා වැඳලා කියන්නම් මචං !
මේක ඇතුලට පක්ෂ දේශපාලනය නම් ගේන්න එපා.
ඔයාලා මරු !
ඔයාලාගේ අනුර සහෝ, ලාල් සහෝ, හරිනි සහෝදරි මරු.
අපි මේ හොරු තක්කඩි එලවලා System එක Change කරලා ශක්තිමත් පාර්ලිමේන්තුවක්, සාදාරණ මැතිවරණ ක්‍රමයක් හදලා දුන්නට පස්සෙ ඔයලා චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ඇවිත් ආන්ඩුව පිහිටුවා ගන්න.
දැන් හැබැයි මැදට පැනලා මේක අලවෙලා අරගලකාරයෝ
පක්ෂ වලට බෙදුනොත් නැත්නම් පක්ෂ දේශපාලනය පිලිකුල් කරන ලක්ෂ සංඛාත ජනයා කලකිරුනොත් වාසිය යන්නේ
ආපහු රාජපක්ෂ හොර පවුලටයි.
ඒක නිසා ලඟ බලන්න එපා සහෝ
දුර බලමු.
ඔයාලට අවස්ථාව තියෙනවා.
එතකන් ඉවසන්න පොඩ්ඩක්.
කාටවත් අපිව මංකොල්ල කන්න බැහැ.
ඇයි? අපි දේශපාලනිකයි .
අපි මේක කරන්නේ හොර රාජපක්ෂලා
එලවන්න විතරක් නෙමෙයි.
මේ රට අගාධයට දැම්ම ජනවාර්ගික අර්බුදය, ආගම් අතර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සාමාජීය ප්‍රශ්න විසඳගන්න විතරක් නෙමෙයි, අලුත් ආකල්ප සහිත Attitudes Change වෙච්ච අලුත් ජාතියකුත් හදන්න.
Please මචංලා, බල ලෝබෙට වැඩේ අල කරන්න එපා.

මොකද ඔයාලගෙ පක්ෂෙ අනුගාමිකයනුත් සෑහෙන්න පිරිසක් අපි එක්ක ඉන්නවා. දැන් එයලා අපි එක්ක තරහා වෙනවා
ඔයාලට එන්න එපා කිව්වම.
ඔයාලට විතරක් එන්න දුන්නම වෙන අය තරහ වෙනවා.
මොන කරුමයක්ද දෙයියනේ මේක !
මොකක් හරි ක්‍රමයකින් ජාති භේද ආගම් භේද පක්ෂ භේද අර භේද මේ භේද අත ඇරලා රට ශ්‍රී ලාංකේය ජාතියක් විදියට එකතු වෙන්න යන කොට මොකෙක් හරි වල කපන්න එනවනේ සහෝ.
හෙන ගහනවා !

Dr නිලංග සමරසිංහ


Spread the love

Leave a Comment

You may also like